ශ්‍රී ලංකාව: එලවලු ගොවීහු තමන් මුහුන දෙන දුෂ්කර කොන්දේසි එලිදරව් කරති
By Our Correspondents , 2 February 2012
පසුගිය සතියේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවෝ කන්ඩායමක් එලවලු ගොවීන්ගේ ජීවන කොන්දේසි විමසා බැලීමට මාතලේ හා බන්ඩාරවෙල ප්‍රදේශ කිහිපයක ගොවීන් හමු වුහ. ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුව විසින් ගම්බද ගොවීන් "නගා සිටුවීම” ගැන පුන පුනා කෙරෙන කයිවාරු කතා තිබිය දී ම, සිය වගා කටයුතුවල දී සහ ජීවත් වීමේ දී වඩ වඩා නරක අතට හැරෙන දුෂ්කර කොන්දේසිවලට තමන් මුහුන දී සිටින ආකාරය ගොවීහු පැහැදිලි කලහ.
මාතලේ දිස්ත්‍රික්කයේ නාලන්ද ප්‍රදේශයේ, දඹුල්ල-නුවර පාරේ සිට කිලෝ මීටර් දෙකක් පමන දුරින් පිහිටි ගෝනමඩ සහ හපුගස්යාය ගම්මානයන්හි ගොවි පවුල් 150 ක් පමන ජීවත් වෙන අතර ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය එලවලු වගාවයි. නාලන්දේ සිට මෙම ගම්මානවලට යාමට රජයේ හෝ පුද්ගලික බස් සේවාවක් නොමැති අතර ති‍්‍රරෝද රථයක් සඳහා එක් ගමනකට රුපියල් එකසිය පනහක් වැය වේ. මෙම ගම්මානවලට පාසලක් හෝ රෝහලක් නොමැති බැවින් ඒ සඳහා නාලන්දට යා යුතු ය.
අමාරුවෙන් හෝ වියදමක් දැරිය හැකි දෙමව්පියෝ ලමයි පාසල් යැවීම සඳහා මාසිකව රුපියල් 1,500ක් ති‍්‍රරෝද රථවලට වැය කරති. සෙස්සෝ පාපැදිවලින් හෝ පයින් පාසලට පැමිනෙති. උසස් අධ්‍යාපනය සඳහා ලමුන් දඹුල්ලට, මාතලේට හෝ නුවරට යායුතු ය. බරපතල රෝගී තත්වයන් සඳහා ප්‍රතිකාර ගැනීමට ද ගම්මුන් යායුත්තේ මෙම ඈත නගරවල රෝහල්වලට ය.
මෙම ගම්වලට වාරි මාර්ග ක්‍රමයක් නැති බැවින් වගාවන් කරන්නේ වැසි ජලයෙනි. බොහෝවිට වගාව අවුරුද්දකට එක කන්නයකට පමනක් සීමා වෙයි. නිවාසවලින් බහුතරය කටුමැටි ගැසූ කුඩා පැල්පත් වන අතර ගෝනමඩට යන පාර කොන්ක්‍රීට් දමා සකසා ඇත්තේ මෑතකදී ය. පොදු විදුලි සැපයුමක් නොමැති තතු යටතේ සමහර නිවැසියන් විදුලිය ලබාගෙන ඇත්තේ සුර්ය කෝෂ ආධාරයෙනි. ඒ සඳහා එක් නිවසකින් රුපියල් 60,000 අය කෙරෙන අතර එම මුදල එකවර හෝ මාසිකව රුපියල් 2,500 බැගින් ගෙවා පියවිය යුතුය. එලවලු වගාවෙන් ස්ථීර ආදායමක් නොලැබෙන හෙයින් ගොවීන් බහුතරයකට එවන් වියදමක් දැරිය නොහැක.
පසුගිය වසර කීපයක් ම ලොකු ලූනු, තක්කාලි හා එලවලු වගාවන් ගෙන් තමන් පාඩු ලැබූ බව ගොවීහු කීහ. තක්කාලිවලින් පාඩු වූ නිසා මෙවර මහකන්නයේ මෙම ගම්මාන දෙකේම ප්‍රධාන වසයෙන් වගා කර ඇත්තේ බෝංචි ය.
"තක්කාලිවලින් පාඩු වුන නිසා මේ සැරේ බෝංචි වගා කලා. කොල කහපාට වීමේ හා මල් හට නොගැනීමේ රෝගයක් හැදිලා වැඩි දෙනෙකුගේ වගාවන් විනාස වුනා. අක්කර සිය ගනනක් ඒ විනාසෙට අහුවුනා. ඒකට ප්‍රධාන ම හේතුව සුදුසු බීජ නැතිකම. කලින් ආන්ඩුවේ බීජ වර්ග ගොවීන්ට ලැබුනත් දැන් ගන්න වෙලා තියෙන්නේ පුද්ගලික කඩවලින්. ඒව ගැන කිසි සහතිකයක් හෝ වගකීමක් නැහැ” ගෝනමඩ ගොවියෙක් ප්‍රකාශ කලේ ය. ගොවීන් ප්‍රකාශ කල ආකාරයට බෝංචි බීජ කිලෝවක මිල රුපියල් 1,250 ක් වන අතර අක්කරයක වගාවට බීජ කිලෝ 15 ක් පමන අවශ්‍යවේ.
අක්කරයක බෝංචි වගාවට බීජ, කෘෂි රසායන, පොහොර හා සෙසු වියදම් සමග රුපියල් ලක්ෂ තුන හමාරක් පමන වැය වන බව ඉහත ගොවියා පැවසුවේ ය. "හොඳ මිලක් ලැබුනොත් ලක්ෂ දෙක තුනක ලාබයක් තියෙනවා. ඒ අවුරුද්දකට ම. නමුත් ඉස්තීර මිලක් නැති නිසා ලැබෙන්නේ සුලූ ලාබයක්. මෙහෙම විනාසයක් වුනාම අපි නැත්තටම නැති වෙනවා”යි ඔහු පැවසීය.
තක්කාලි වගාවෙන් තමන්ට වූ පාඩුව තවත් ගොවියෙක් විස්තර කලේ මෙසේය. "පසුගිය කන්නෙ මම අක්කරයක තක්කාලි වැව්වා. තක්කාලි මිල බැහැල ලොකු අලාබයක් වින්දා. අක්කරයකට තක්කාලි බීජ ග්‍රෑම් 25 ක් (ග්‍රෑම් 2.5 පැකට් 10 ක් ) අවශ්‍යයි. රුපියල් 3,000-3,500 ක් වැය වෙනවා. සම්පුර්න වියදම රුපියල් 60,000 ක් විතර යනව. හොඳ මිලක් ලැබුනොත් රුපියල් 1,50,000 ක් විතර ආදායමක් ගන්න පුලුවන්. වියදම කැපුනම රුපියල් 90,000 ක් විතර අතට එන්නේ. ආන්ඩුව අපේ සමෘද්ධි සහනාධාරෙත් කපල. ඒ ගොල්ලෝ හිතන්නේ අපට ගොවි තැනින් ලොකු ආදායමක් ලැබෙනවා කියල. මට ලමයි තුන් දෙනෙක් ඉන්නවා. දුව විවාහවෙලා. එයා වැඩ කරන්නේ ගාමන්ට් එකක. ගෙට අතිවාරම දාල දැන් අවුරුදු 10 ක් වෙනවා. තාම හදා ගන්න බැරිවුනා.”
ගොවිතැනින් ජීවත් වීමට බැරි නිසා සමහරු මේසන් වැඩ වැනි අමතර රැකියා කරන අතර, තවත් සමහරු ගොවිතැන මුලුමනින් ම අතහැර දමා ඇත. මෙම ගම්මානය කරා අප ගෙන ගිය ත්‍රිරෝද රියදුරා එවැන්නෙකි. "මම කලින් කලේ ගොවිතැන. කොල කහ වීමේ රෝගය හැදිලා බෝංචි වගාවෙන් පාඩු වුනාට පස්සේ ගොවිතැන ඇත හැරලා දැන් මේ ත්‍රීවීල් රක්ෂාව කරනවා.” ඔහු කීවේ ය. මෙම ගම්වල තරුන ජනයා රැකියා සොයා නගරවලට හෝ නිදහස් වෙලඳ කලාපවලට සංක්‍රමනය වෙති. බොහෝවිට ඒ ඇඟලූම් හා ගොඩනැගිලි කර්මාන්තයන් හි රැකියා සඳහා ය.
හපුගස්යායේ ගොවීන් ප්‍රධාන වසයෙන් කරන්නේ තක්කාලි වගාවය. පාඩුවීම නිසා මෙවර ඔවුන් වගාකර නැත. ස්ථාවර මිලක් නැති නිසා තමන්ට පාඩු සිදුවූ බව ඔව්හු කීහ. බීජ පොහාර කෘෂි රසායනවලට අමතරව, වගාවට ජලය පොම්ප කිරීම සඳහා ද ඔවුන් වියදම් දැරිය යුතුය.
ලෝසවෙඅ වාර්තාකරුවන්ට බන්ඩාරවෙල නගරයේදී ද එලවලු ගොවීන් හා සුලු එලවලු වෙලෙන්දන් සමග සාකච්ඡා කිරීමට හැකි විය. ඌව කඳුකරයේ බන්ඩාරවෙල, පිට පලාත්වලට එලවලු ප්‍රවාහනය කරන මධ්‍යස්ථාන අතරින් ශී‍්‍ර ලංකාවේ දෙවන ප්‍රධාන මධ්‍යස්ථානය වන අතර එය දෙවැනි වන්නේ දඹුල්ලට පමනි.
බන්ඩාරවෙලට ආසන්න කුඹල්වෙල ගම්මානයේ එදිරිසිංහ නම් ගොවියෙකු ප්‍රකාශ කලේ ගොවිතැනින් තවදුරටත් ජීවත්විය නොහැකි තත්වයක් උදාවී ඇති බවයි
ඔහු මෙසේ ද පැවසුවේ ය: "දැන් ගොවිතැනින් ජීවත් වෙන්න බැහැ. ගොවිතැනින් පාඩු වුනාම රක්ෂනයක් ගෙවන්නෙත් නැහැ. රත්රන් බඩු උකස් තියල සමහර කාලවලට ගොවිතැන් කරන්නේ”.
රටේ පලාත් ගනනාවක ගම්බද ගොවීන් හා සුලු එලවලු වෙලඳුන් දස දහස් ගනනක් වීදි බැස විරෝධය පල කිරීම නිසා තාවකාලිකව අකුලා ගත් ප්ලාස්ටික් කූඩා නීතිය මේ මාසයේ 15 සිට ආන්ඩුව යලි ක්‍රියාවට දැමීය. විරෝධතා යලිත් පැන නගිනු ඇතැයි අපේක්ෂා කල ආන්ඩුව මෙවර නීතිය අනිවාර්ය නොකරන බවත්, නීතිය පිලි නො පදින්නන්ට විරුද්ධව ඔවුන් අත් අඩංගුවට ගැනීමක් හෝ නඩු පැවරීමක් නොකරන බව ප්‍රකාශ කලේ ය.
කම්කරු පන්තියේ හා ශිෂ්‍යයන්ගේ අරගල වර්ධනය වන තතු තුල ගම්බඳ ගොවීන්ගේ අරගල අවුලුවා ගැනීමෙන් උද්ගත විය හැකි දේශපාලන අස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින් ඊනියා ගොවි සංවිධානවල හා වෙලඳුන්ගේ සංවිධානවල ද සහය ඇතිව ආන්ඩුව මෙම තීරනය ගත් බැව් පැහැදිලිය.
සුලු එලවලු වෙලෙන්දෙකු ප්‍රවාහනයේදී තමා මුහුන දෙන දුෂ්කරතා පැහැදිලි කලේ මෙසේය: "ගෝනිවලින් නම් ලොරියක කිලෝ 10,000ක් විතර ගෙනි යන්න පුලුවන්. නමුත් කූඩාවලින් ගෙනියන්න පුලුවන් කිලෝ 4,500 විතර. ලොරි 10 ක වෙලන්දෝ 100 ක් විතර එනවා. කූඩා ක්‍රමය යටතේ මේ වෙලන්දන්ට වෙලඳාම කර ගන්න අමාරුයි.”
ගොවියෙක් ප්‍රකාශ කලේ, තමන් ගෙන එන එලවලු ගෝනිවලින් කූඩාවලට දැමීමේ දී හොඳ තත්වයේ ඒවා පමනක් වෙලෙන්ඳන් කූඩාවලට අසුරා ගන්නා බවයි. පොඩි හෝ පලුදු වීමක් හෝ තැලීමක් ඇති කිසිවක් භාර නොගන්නා බවත් ඒවා ඉවත දැමීමට සිදුවන බවත් ඔහු පැවසීය. "ලොරියක කලින් ගෙන ගිය එලවලු ප්‍රමානය ගෙනියන්න ලොරි තුනක් විතර ඕන. අපතේ යනව කියලයි ආන්ඩුව කූඩාවලට දාන්න කිව්වෙ. ඒත් කූඩාවලින් අපතේ යන ප්‍රමානය වැඩියි.”
හිස් කූඩා ආපසු රැගෙන ඒමේදී නැවත ලොරි කුලී ගෙවිය යුතු බවත් පෙරදීමෙන් ආපසු එන ලොරිවල වෙනත් බඩු පටවාගෙන ඒමට නොහැකි බැවින් ලොරි කුලිය වැඩිවන බවත් ඒ අනුව එලවලු මිල වැඩි වීමක් ද සිදුවෙන බැව් ඔහු පැවසීය.
තවත් ගොවියකු පැවසුවේ එලවලු නිෂ්පාදනයේ දී හෝ ප්‍රවාහනයේ දී රජයෙන් ගොවීන්ට කිසිදු සහනයක් ලැබී නැති බව යි. "පොහොර සහනාධාරය වැඩකට ඇති එකක් නෙමෙයි. ඒක ගන්න දවස් ගනනක් යන්න වෙනවා. ඒ පාඩුව ලැබෙන ලාබයට වඩා වැඩියි. දෙන පොහොරත් අවශ්‍ය ඒවා නෙමෙයි.”
ධනේශ්වර ප්රජාතන්ත්රීය විප්ලවය කල් පමා වූ රටක් වන ශී‍්‍ර ලංකාවේ මෙතෙක් නොවිසඳුනු ප්‍රශ්න අතර ගොවියන්ගේ ප්‍රශ්න ප්‍රධාන තැනක් ගනී. එම ප්‍රශ්න අතරින් වඩාත්ම දැවෙන ඒවා ලෙස ඉඩම් හිඟය, ප්‍රමානවත් තරම් වාරි සහ ප්‍රවාහන පහසුකම් නැතිකම, නිෂ්පාදනයන් සඳහා සහතික මිලක් නැතිකම, නය ගැතිකම, නවීන කෘෂි තාක්ෂන පහසුකම්වල ඌනතාවය හා බීජ, පොහොර සහ කෘෂි රසායන මත කෘෂි ව්‍යාපාරික සමාගම් විසින් පවත්වාගෙන යන පාලනය පවතී.
ශී‍්‍ර ලංකාවේ ජාතික ධනපති පන්තිය, බි්රතාන්ය විජිත පාලකයන් අතින් පාලන බලය ලබා ගෙන දශක හයක් ගතවී ඇතත් ඔවුන් පෙන්වා ඇත්තේ මෙම ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් ඔවුන්ට ඇති නෛසර්ගික නොහැකියාවයි. ඒ වෙනුවට ඔවුන් කර ඇත්තේ මෙම දැවෙන ප්‍රශ්න වඩාත් උග්‍ර කොට ගම්බද දුගීන් ඉසිලිය නොහැකි ජීවන කොන්දේසිවලට ඇද දැමීමයි. පසුගිය දශක තුන තුල ආර්ථිකයේ ගෝලීයකරනය ක්‍රියාවලියට ශ්‍රී ලංකාව ඒකාග්ර කිරීමේ දී මෙම කි‍්‍රයාවලිය වඩ වඩාත් වේගවත් කෙරුනු අතර ඉහත සාකච්ඡාවලින් ප්‍රකාශයට පත්වන්නේ සුලු එලවලු ගොවියන් ඇතුලු ගම්බද ජනයා අතර ගැඹුරු වන ප්‍රශ්න සහ පවත්නා පර්යායට එරෙහිව වැඩෙන විරෝධයේ පරිමාවයි.
Follow us on