සිසුන්ට එරෙහි මැර ප්‍රහාරයෙන් පසු රුහුනු සරසවිය වසා දැමේ
නන්දන නන්නෙත්ති විසිනි, 2014 ජූනි 5
රුහුනු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන්ට එරෙහිව පසු ගිය 2දා සවස දියත් කෙරුනු මැර ප්‍රහාරය හේතුවෙන් එහි පරිපාලන ගොඩනැගිල්ලට කොටුවී සිටි 800කට ආසන්න සිසුන්ට ඊයේ දහවල් 1 ට පෙර පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස නියෝග කල බලධාරීන් විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීය. අනතුරුව පරිපාලනය විසින් විශේෂ බස් රථ සේවයක් යොදා ගනිමින් එම සිසු සිසුවියෝ බලහත්කාරයෙන් සරසවියෙන් ඉවත් කරන ලදි.
මැර ප්‍රහාරයට ආසන්නම හේතුව වූයේ 2015 දැයට කිරුල ප්‍රදර්ශනය සඳහා රුහුනු විශ්ව විද්‍යාලය භාවිතා කිරීමට ආන්ඩුව ගත් තීන්දුවට එරෙහි ශිෂ්‍ය විරෝධය යි. ප්‍රදර්ශනය වෙනුවෙන් මාස තුනකට වැඩි කාලයක් අධ්‍යයන කටයුතු ඇනහිටවීම හා අධ්‍යයන වාරයකට අයත් දින ගනන අඩු කිරීම, අධ්‍යාපන කටයුතු සඳහා වන නිවාඩු කෙටි කිරීම, අදාල නිවාඩු අවලංගු කිරීම යනාදී පියවරයන් ද, කීර්තිමත් ගෘහ නිර්මාන සැලසුමක සුවිශේෂ නිර්මානයක් වන විශ්ව විද්‍යාලය හා අදාල පරිසරය විකෘති කිරීම ද සිසුන්ගේ විරෝධතාවට හේතු විය.
රාජපක්ෂ ආන්ඩුවේ අධ්‍යාපන කප්පාදුවලට සහ මර්දනයට මුහුන දී සිටින සරසවි සිසුන්ට, මෙම සැනකෙලිය සම්බන්ධයෙන් ඇත්තේ සාධාරන කෝපයකි. මිලියන සංඛ්‍යාත මහජන මුදල් ගිල දමමින් රාජපක්ෂ ආන්ඩුවේ ඊනියා සංවර්ධනය ඔජ වඩවන මෙම සැනකෙලිය සරසවි පරිශ්‍රයේ පැවැත්වීමට තීන්දු කිරීම තම අයිතීන් රැකගැනීමේ අරගලයක වෙහෙසෙන සරසවි සිසුන්ට එරෙහි දැනුවත් ප්රකෝපකරනයකි. සරසවි සිසුන් පසු ගිය 29දා පිකට් උද්ඝෝෂනයක යෙදුනේ ආන්ඩුවේ මෙම ප්රකෝපකාරී තීන්දුවට එරෙහිවයි.
පසු දින සිසුන්ගේ උද්ඝෝෂනයට එරෙහිව විශ්ව විද්‍යාලය ඉදිරියට කැඳවුනු ආන්ඩු පාක්ෂික කන්ඩායමක් අතර සිටි දකුනු පලාත් සභා ඇමතිවරයකු වන සී.වී. උපුල්, අවට ගම් විස්සක ජනයා සිසු සිසුවියන්ගේ සටනට එරෙහිව කැඳවන බවට තර්ජනය කල බව සිසුවෝ පවසති.
2දා සවස 3 ට පමන සරසවියේ ප්‍රධාන දොරටුව අසලට පැමිනි තවත් එවැනිම කන්ඩායමක් සිසුන්ට විරෝධය පෑ අතර ආන්ඩුවේ උප ඇමතිවරයකු වන සනත් ජයසූරිය සමග ශී‍්‍රලනිප ප්‍රාදේශීය නායකයන් හා පලාත් සභා මන්තී‍්‍රන් වන අරුන ගුනරත්න සහ සරත් ද අල්විස් ඊට සහභාගී වූහ. තමන් මැර ප්‍රහාරයට සහභාගී වූ බවට චෝදනා “අසත්‍ය බව” පැවසූ ජයසුරිය සිසුන් තුවාල ලබා නැති නිසා ද පොලීසියට පැමිනිලි කර නැති නිසාද එවැනි පහරදීමක් වී ඇති බව අසත්‍යයක් යයි විලම්බීත කතාවක් ද කියා ඇත.
අවසන් වසර සිසුවකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට කියා සිටියේ දහසකට ආසන්න පිරිස අතර සිටි මැරයන් විශ්ව විද්‍යාල පරිශ්‍රය තුලට බලහත්කාරයෙන් කඩා වැදී නිරායුධ සිසුන්ට එලව එලවා පොලු මුගුරු වලින් පහර දුන්නේ පොලිසිය හා සරසවි ආරක්ෂක අංශය බලා සිටිය දී බව යි. ප්‍රහාරයෙන් සිසුන් 8 දෙනෙකුට තුවාල සිදු වූ අතර අසල පිහිටි පුද්ගලික නේවාසිකාගාරවලින් සිසුන් දොට්ට දමන ලෙස ඒවායේ හිමිකරුවන් ට මැරයෝ තර්ජනය කලහ. මැරයන් රැක සිටි නිසා පහර කෑ සිසුන් ප්‍රතිකාර සඳහා යැවීමට නොහැකිවී ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන “ප්‍රහාරයක් සම්බන්ධ පැමිනිල්ලක් මේ වන තෙක් කර නැත. එවැනි පැමිනිල්ලක් ඇත්නම් පරික්ෂනයක් පවත්වනු ඇත.” යනුවෙන් මැරයන් ආරක්ෂා කරන ප්‍රකාශයක් කලේ ය. තම පැමිනිල්ල පොලිසිය විසින් භාර නොගත් බව රුහුනු විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය පවසයි.
අදාල දේශපාලනඥයන්ගේ මැරකම් හමුවේ තම අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරීම ගැන බස් රථවලට ගොඩවෙමින් සිටි සිසුහු තම කෝපය පල කලහ. තමන්ට එක මාසයක හෝ වැඩිපුර කාලයක් සරසවිය තුල රැඳී සිටීම අසීරු බව ඔවුහු කීහ.
තෙවන වසර සිසුවියක් වන සුරංජි තමන් මුහුන දෙන අසීරු කොන්දේසි විස්තර කලාය. දැයට කිරුල ප්‍රදර්ශනය පැවතුනේ නම් සිසුන්ට එම මාස ගනන වෙනුවෙන් ද බෝඩිං ගාස්තු ගෙවීමට සිදුවන බව ඇය පෙන්වා දුන්නා ය. සරසවිය මගින් නේවාසික පහසුකම් සැපයෙන්නේ කිලෝ මීටර් 40 කට වැඩි දුර පදිංචි, පලමු හා අවසාන වසරවල ලමුන්ට පමනක් වීම නිසා සෙසු සිසුන් මේ තත්වයට අනිවාර්යයෙන් ම මුහුන දිය යුතු ය.
රුපියල් 2500 මහපොල දීමනාව ලබා දී ඇත්තේ දිවයිනේ ම ඉහල කුසලතා හා දිස්ති‍්‍රක් කුසලතාවල ඉහල ම ලකුන ඇති සිසුන්ට පමනි. රුපියල් 2,000 දීමනාව ද ඇතැම් සිසුන්ට නැත. බොහෝ අග හිඟකම් ඇති ඇතැම් සිසුන්ට මෙම දීමනා දෙකම නො ලැබේ. එහෙත් එක කාමරයක 7 දෙනෙකු හෝ ඊට වැඩි ගනනක් සිටින, අවම මිල අය කරන කාමරයක නැවතීම සඳහා වුව එක් අයෙකුට රුපියල් 1000ක් අවශ්‍ය ය. මේවායේ අධ්‍යන කටයුතු සඳහා අවම පහසුකම් පවා නොමැත.
පුස්තකාල සහකාර නිලධාරීන්ගේ සංගමයේ රුහුනු විශ්ව විද්‍යාල ශාඛාවේ සාමාජිකයෙකු සහ ආන්ඩු පාක්ෂිකයෙකු වන අසල ගමක පදිංචි පී.බී. නෙල්සන් කියා සිටියේ ප්‍රශ්නයට මුල ශිෂ්‍යයන්ගේ ප්රජාතන්ත්ර විරෝධී හැසිරීම බව ය. විශ්ව විද්‍යාල පරිපාලනය මෙන් ම තම සංගමයත් ප්‍රදර්ශනයට බාධා නො කරන ලෙස කොතෙකුත් ඉල්ලා සිටිය ද ශිෂ්‍යයන් ඊට අවනත නොවූ බවට චෝදනා කලේ ය. ශිෂ්‍ය විරෝධයට හේතුව අවුරුදු 4කට විශ්ව විද්‍යාලයට එන ශිෂ්‍යයන්ට ගමේ සංවර්ධනය අවශ්‍ය නැතිකම යැයි ඔහු පැවසීය. මේ වනාහි ආන්ඩුව විසින් සිසුන්ට එරෙහිව ගම්වාසීන් ප්‍රකෝප කිරීම පිනිස යොදා ගැනෙන කුතර්කයකි.
මේ අතර ආන්ඩුවේ හෙන්චයියෙකු වන රුහුනු විශ්ව විද්‍යාලයේ උපකුලපති ගාමිනී සමරනායක මාධ්‍යයට ප්‍රකාශ කොට ඇත්තේ “දැයට කිරුල 2015” සරසවි භූමිය තුල පැවැත්වුවහොත් සරසවිය වසර 20 ක ඉදිරි පිම්මක් ගන්නා බවයි. ඔහු තව දුරටත් ප්‍රකාශ කොට ඇත්තේ අධ්‍යන කටයුතු වලට “සුලු බාධා” ඇති වුවත් ඉන් සිදුවන “දැවැන්ත ප්‍රගතිය” හා සලකන කල එය නොතකා හැරිය හැකි බවයි. ආන්ඩුව අධ්‍යාපනයට වෙන් කර ඇති මුදල කපා හරින්නේ ඇයිද යන්නත් සමරනායක පැහැදිලි කලේ නැත.
සමරනායක යනු මහජන අධ්‍යාපනය වල දමා අධ්‍යාපනය ලාභ ලබන කර්මාන්තයක් බවට පත් කිරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව ගෙනයන වැඩපිලිවෙල කි‍්‍රයාත්මක කිරීම සඳහා ගහලයෙකු ලෙස කි‍්‍රයාත්මකවන ආන්ඩුවේ හෙන්චයියෙකි. මෙම ආන්ඩුව යටතේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන සභාවේ සභාපති පදවිය දැරූ මොහු පුද්ගලික විශ්ව විද්‍යාල නීතිගත කොට ස්ථාපිත කිරීම සඳහා දැනුවත්ව කි‍්‍රයාත්මක වූවෙකු ලෙස කුප්‍රකට ය. විශ්ව විද්‍යාලය නගා සිටුවීමට විපරීතව මොහු පෙනී සිටින්නේ ආන්ඩුවේ සමාජ‐ප්රතිවිප්ලවීය පිලිවෙත් වෙනුවෙනි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) හා එයට නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) මෙන්ම ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ද මාධ්‍ය හමු පවත්වමින් මැර ප්‍රහාරයට විරුද්ධත්වය පල කොට ඇත. කෙසේ නමුත් අධ්‍යාපන කප්පාදුවටත් මර්දනයටත් එරෙහිව සටනට පිවිසෙන සිසුන්ට ආරක්ෂාව සැලසිය හැකි එකම පන්තිය වන කම්කරු පන්තිය දෙසට සිසුන් යොමුවීම සම්බන්ධයෙන් මොවුන් සියලු දෙනාම පරම සතුරුය. සිසුන් අතර ආන්ඩුවට එරෙහිව වැඩෙන විරෝධය ගසා කමින් ඔවුන් බලපෑම් දැමීමේ සීමාව තුල කොටු කොට අවමංගත කිරීම සඳහා මොවුහු දැනුවත් කි‍්‍රයාකලාපයක් ඉටු කරති.
මේ අතර, විශ්ව විද්‍යාලය දින නියමයක් නැතිව වසා දැමීමේ නිවේදන නිකුත් කර තිබිය දී පසුගිය 03දා පැවති සංකේත වර්ජනය පිලිබඳ සාකච්ඡාවකට සරසවි ශ්රවනාගාරයට රැස්වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇමතූ ශාඛා නායකත්වය සිසුන්ට එල්ල වූ ප්‍රහාරය තම අරගලයෙන් පිටත තැබීමට යෝජනා කලේය. පොදුවේ සිසු මර්දනයට විරුද්ධවනවා විනා “ඊයේ සිද්ධිය මෙම සංකේත වර්ජනයට සම්බන්ධ කර නො ගත යුතු ය යි” සමිති නායකත්වය සාමාජිකත්වයට යෝජනා කලේ ය.
වෘත්තීය සමිති නිලධරය ආවරනය කරන්නේ සිසුන්ට එරෙහි මර්දනය හා සරසවි ආචාර්යවරුන්ගේ අයිතීන් නොදීම ආන්ඩුවේ එකම වැඩපිලිවෙලක කොටසක් බවය. සිසු මර්දනයට එරෙහිවීම පසෙක තැබුවොත් ආන්ඩුව සමග භජනයකට හා කේවලකදී හොඳ ප්‍රතිචාර ලබාගත හැකියයි මේ සමිති නායකයෝ නරුම ගනන් බැලීමක යෙදෙති.
Follow us on