බඹරකැලේ වත්තේ කම්කරු නිවාස 20 ක් ගින්නෙන් විනාශවෙයි
එම්.දේවරාජා විසිනි , 2015 ජූනි 16
ලිඳුල, බඹරකැලේ වත්තට අයත් කුට්ටිමලේ කොටසේ කම්කරු නිවාස 20 ක් පසුගිය ජූනි 9 දා ගින්නෙන් විනාශයට පත්විය. එදින පෙරවරු 9.00 ට පමන එක් නිවසකින් ඇවිලුනු ගින්න සැනෙකින් අනෙක් නිවාස වලට පැතිර ගියේ ඒවායේ තිබූ සියලු දෑ අලු බවට පත් කරමිනි. විදුලි කාන්දුවක් නිසා ගින්න ඇතිවන්නට ඇතැයි නිවැසියෝ සැක පහල කරති. විපතට පත් පවුල්වලට අයත් 80 ක් පමන දෙනා වත්තට අයත් ලමා සුබසාධන මධ්‍යස්ථානයේ සහ මරියමන් කෝවිලෙහි මේ වනවිට රඳවා තිබේ.
හොරන වැවිලි සමාගමට අයත් බඹරකැලේ වත්ත පිහිටා ඇත්තේ මධ්‍යම කඳුකරයේ ප්‍රධාන නගරයක් වන තලවාකැලේ සිට කිමී 12 ක් දුරිනි. කොටස් 7 කින් සමන්විත වත්තේ කම්කරුවෝ 1500 ක් පමන සේවයේ යෙදී සිටිති. තලවාකැලේ සිට බඹරකැලේ දක්වා මහජන ප්‍රවාහනය සඳහා ඇත්තේ එක් බස්රථයක් පමනක් වන අතර එයද දිනකට ගමන් වාර දෙකකට සීමා කෙරී ඇත. යම් පමාවක් හේතුවෙන් බස් රථය මග හැරුනහොත් ප්‍රධාන මාර්ගයකට පිවිසීමට දැඩිලෙස අබලන් වූ මාර්ගයේ කිමී 3 ක් පමන පයින් යාමට සිදුවේ. වත්තේ ඉහල කොටසේ ජීවත්වන කම්කරුවන්ට මෙසේ පයින් යාමට සිදුවන දුර ප්‍රමානය කිමී 7 ක් පමන වෙයි.
බහුතරයක් වතු කම්කරුවන් වාසය කරන්නේ බි්රතාන්ය යටත් විජිත සමයේ ගොඩනගන ලද, හමුදා බැරැක්ක බඳු කුඩා පේලි නිවාසයන්හිය. කවර හෝ විද්‍යාත්මක පරීක්ෂනයකින් තොරව කඳුකර බෑවුම් ප්‍රදේශයන්හි ඉදිකර ඇති මෙම නිවාස නිතර නායයාම් වලට හා ජලගැලීම් වලට ගොදුරු වෙයි. ප්‍රමිතියෙන් තොර, ඉතා පැරනි, අනාරක්ෂිත විදුලි සැපයුම් නිතර ඇතිවන ගිනිගැනීම් වලට හේතුකාරක වන අතර, පේලි ආකාරයට ඉදිකර ඇති බැවින් එක් නිවසකින් ඇතිවන ගින්න සැනෙකින් අනෙක් නිවාස වලට පැතිරයයි. පසුගිය වසර 12 තුල පමනක් මෙවන් පේලි වතු නිවාස 300 ක් ගින්නෙන් විනාශ වී ඇත.
වෙන් වෙන්ව පිහිටි වතු නිවාස 50,000 ක් ඉදි කරන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2010 මැතිවරනයේදී පොරොන්දු වූ නමුදු ඒ සඳහා කවර හෝ ප්රතිපාදනයක් වෙන් නොකෙරුනි. බරපතල ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින වත්මන් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන් යටතේ වඩාත් පුලුල් පරිමානයේ සුබසාධන කප්පාදුවකට අර අඳිමින් සිටී. මෙම තතු යටතේ වතුකම්කරුවන්ගේ නිවාස ප්රශ්නය විසඳා ගැනීම කම්කරුවන්ටම භාරදීමේ ව්‍යාපෘතියක් ඊනියා ඉඩම් බෙදා දීම යටතේ වත්මන් ආන්ඩුව අරඹා ඇත. පර්චස් 7 ක බිම්කඩ බැගින් කම්කරු පවුල් වලට ලබා දෙමින් ඒවායේ නිවාස ඉදිකර ගැනීමේ වගකීම කම්කරුවන්ට පවරා නිවාස සැපයීමේ සහ නඩත්තු කිරීමේ වගකීමෙන් වතු සමාගම් සහ ආන්ඩුව නිදහස්වීම මෙහි අරමුනයි.
විපතට පත්වූවන් රඳවා සිටි ස්ථාන වලට ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන් සමග සාකච්ඡාවක නියැලුනු කම්කරුවෝ තමා මුහුන දී සිටින දුෂ්කර තත්වය පැහැදිලි කලහ. වතු කලමනාකාරිත්වය, වත්මන් ආන්ඩුවද ඇතුලත් මෙතෙක් පැවති ආන්ඩු සහ වෘත්තීය සමිති නිලධරය සිදුවූ ව්‍යසනය සම්බන්ධයෙන් වගකිවයුතු බවට ඔවුහු චෝදනා කලහ. “අපට ශීලාචාර විදියට ජීවත් වෙන්න පුලුවන් හරිහමන් ගෙවල් තිබුනනම් මෙහෙම විපතක් වෙන්නෙ නෑ. ආරක්ෂිත භූමියක, ප්‍රමිතියකට අනුකූලව වෙන් වෙන්ව ඉදිකෙරූ ගෙවල් ඇතුලු ඉල්ලීම් කීපයක් ඉල්ලල අපි 2013 දී වර්ජනයක යෙදුන. ආන්ඩුව, කලමනාකාරිත්වය සහ වෘත්තීය සමිති ඔක්කොම එකතු වෙල වර්ජනය මර්දනය කලා. ඉල්ලීම් එකක්වත් දුන්නෙ නෑ” යි කම්කරුවෙක් පැවසීය.
තම දුෂ්කර ජීවන කොන්දේසි විස්තර කරමින් කේ. රාමචන්ද්‍රන් මෙසේ පැවසීය: “අපි පවුල් දෙකක්, ඒ කියන්නෙ නම දෙනෙක්, එක ගෙදර ජීවත් උනා. අපේ ලමයින්ගෙ පාසැල් පොත්, උප්පැන්න සහතික සහ විභාග ප්‍රතිඵල ඇතුලූ ඔක්කොම පිච්චුනා. බි්රතාන්ය පාලන කාලෙ හදපු පරන අබලන් ගෙවල් නිසා ඉක්මනටම පිච්චිල ගියා. 2013 මැයි මාසෙ අපි එක දිගට දවස් 45 ක වැඩ වර්ජනයක් කරා අපේ ලයින් කාමර රෙපයාර් කරල දෙන්න කියල ඉල්ලල. පාලකයො ඉල්ලීම ප්‍රතික්ෂේප කරල නැවතුනෙ නෑ. වර්ජනය මඩින්න පොලිස් කොමාන්ඩෝ භටයනුත් යෙදෙව්ව. සීඩබ්ලිව්සී නායක ආරුමුගම් තොන්ඩමන් මේ මර්දනයට සම්පූර්න සහයෝගය දුන්න. කම්කරුවො 8 දෙනෙක් පොලිස් අත් අඩංගුවට ගත්ත. මුදා හැරියෙ බරපතල කොන්දේසි යටතෙ. ඒ අයගෙ වැඩත් නතර කෙරුව. ඇත්තටම අපිට වෙන් වෙන් ගෙවල් තිබුනනම් මෙහෙම විපත්තියක් වෙන්නෙ නෑ.”
ඉහත වැඩ වර්ජනයේදී අත් අඩංගුවට ගැනුනු සහ වැඩ තහනමට ලක් වූ සිවා සුබ්‍රමනියම්: “අපි අත් අඩංගුවට ගත්තෙ ආරක්ෂා සහිත නිවාස ඉල්ලල වර්ජනය කල නිසා. අපේ ඉල්ලීම කොයිතරම් සාධාරන ද කියල මේ විනාශයෙන් ඔප්පු වෙනව. අපිට වත්තටවත් ගෙදරටවත් එන්න තහනම් කලා. අධිකරන නියෝගයක් මත පසුගිය මාසෙ නතර කරනකන් අවුරුදු දෙකක් හැම ඉරිදම පොලීසියට වාර්තා කලා. අපිට වත්තෙ වැඩත් නෑ, ඇප පිට ඉන්න නිසා වෙන කොහේ හරි වැඩකට යන්නත් බෑ. මම කඳුරට ජනතා පෙරමුනේ (යූපීඑෆ්) ශාඛා සමිති නායකයා. ඒත් මගේ සමිතිය ඇතුලු ඔක්කොම වෘත්තීය සමිති කම්කරුවන්ගෙ අයිතීන් වෙනුවෙන් සටන් කරන්නෙ නෑ. සමිතිවල නායකයො ඇමතිකම් ගන්නව. අපේ ජීවිත තවතවත් පහලට වැටෙනව.”
රාම්දේවී සිවඥානම් නමැති කම්කරු ස්ති‍්‍රයක් තම විපත සම්බන්ධයෙන් මෙසේ පැවසුවාය: “දරුවන්ගෙ පොත්පත්, ඇඳුම් එක්ක නයවෙල ගත්ත ටීවී එකයි ලි බඩුයි ඔක්කොම පිච්චුන. මේක දරා ගන්න බෑ අපි වගේ දුප්පත් අයට. අපි දෙන්නම වැඩ කරලත් මාසෙකට හම්බ වෙන්නෙ රුපියල් 20,000 ක් විතර. ඒක කෑමටත් මදිනෙ. ඉතින් ආපහු ඔය බඩු ගන්නව කියල හිතන්නවත් බෑ. මෙතන තව කොච්චරකල් ඉන්න වෙයිද දන්නෙ නෑ. හරියට ටොයිලට් එකක්වත් මෙතන නෑ. වතුර පහසුකම් නෑ. මදුරුවො පිරිල. අපේ ලමයි මෙතන ඉඳන් කොහොමද අධ්‍යාපන කටයුතු කරන්නෙ? සමිති නායකයොනම් මෙතෙන්ට එනව. ඒත් කිසිම විසඳුමක් නෑ. අපිට ඕන ශීලාචාර විදියට ජීවත් වෙන්න පුලුවන් ආරක්ෂාව සහිත ගෙවල්.”
54 වියැති එස්. විජයලක්ෂ්මී තම දුෂ්කර රැකියා කොන්දේසි විස්තර කරමින් මෙසේ පැවසුවාය: “අපි උදේ 8.00 වෙන කොට පෙරෙට්ටුවට යන්න ඕනෙ. දවල් කෑමට ගෙදර යන්නෙ නැතුව හවස 3.30 වෙන කම් වැඩ කරනව. මේ කාලය ඇතුලෙ තේ දලු කිලෝ 18 ක් කඩන්න ඕන. ඒක හරිම අමාරු වැඩක්. ඊට පස්සෙ දලු කිරල භාර දෙන්න තවත් පැයක් විතර යනව. කිලෝ 18 ක් කඩන්න බැරි උනොත් දවස් භාගයටයි පඩි හදන්නෙ.”
“වත්ත හරියට සුද්ද කරන්නෙ නැති නිසා අපිට වැඩ කරන වෙලාවෙ ගොඩක් කරදර වලට මුහුන දෙන්න වෙනව. මීමැස්සො, දෙබරු, කූඩැල්ලො මදිවට නයිත් ඉන්නව. අවුරුදු 4 කට ඉස්සෙල්ල පුෂ්පවතී කියල ගෑනු කෙනෙක් දෙබරු ඇනල මැරුන. ලඟදි මටත් දෙබරු ඇනල දවස් 3 ක් වැඩට යන්න බැරි උනා. ඒ දවස් වලට මට පඩි දුන්නෙ නෑ.”
ගින්නෙන් ඔවුන් සතුව තිබූ සියල්ලද විනාශ වූ බැව් පැවසූ විජයලක්ෂ්මී රජයෙන් හෝ වතු කලමනාකාරිත්වයෙන් කුමන හෝ වන්දි මුදලක් ලැබේයැයි විශ්වාස නොකරන බවද සඳහන් කලාය. තම වැටුප්පත පෙන්වමින් ඇය මෙසේ ද පැවසුවාය: “මේ මාසෙ මගේ පඩිය රුපියල් 13,967.66 යි. මම රුපියල් 3000 ක් වැටුප් අත්තිකාරම් අරගෙන තියෙනව. ගත්තු නය, උත්සව අත්තිකාරම්, ඊටීඑෆ් කැපුනම අතට ආවෙ රුපියල් 5490 යි. මේ තත්වෙ මැද්දෙ කොහොමද අපි නැති වෙච්ච දේවල් ආයෙ ගන්නෙ. ගෙයක් ගැනනම් හිතා ගන්නවත් බෑ.”
වසන්තමලර් රමේෂ් (28): “2009 ඉඳල මම මේ වත්තෙ වැඩ කරනව අනියම් කම්කරුවෙක් විදියට. අවුරුදු 6 ක් ගතවෙලත් ස්ථිර කරන්නෙ නෑ. දවස් 150 ක් වැඩ කරාම ස්ථිර කරනව කියල මුලදි පාලකයො පොරොන්දු උනා. මම වගේ අනියම් සේවකයො 50 ක් මේ වත්තෙ ඉන්නව. අපිට පඩි ගෙවන්නෙ කඩන දලු කිලෝවට රුපියල් 30 ගනනෙ. අපිට අනෙක් කම්කරුවන්ට තියෙන අයිතිවාසිකම් මොකුත් නෑ. ඒ උනත් වෘත්තීය සමිති අපි වෙනුවෙන් කිසිම සටනක් කරන්නෙත් නෑ.”
විශ්‍රාමික කම්කරුවෙකු වන කේ. පත්මනාදන්: “වෘත්තීය සමිතිවලින් එන්නෙ මැතිවරන කාලෙට විතරයි. ආන්ඩුනම් මාරු වෙනව. ඒත් අපේ තත්වය එන්න එන්නම පහල වැටෙනව. අපේ දරුවන්ට ඉහල අධ්‍යාපනයක් ලබාදීල මේ තත්වෙත් ගොඩ ගන්න අපි හිතුව. ඒත් ඒ බලාපොරොත්තුත් දැන් කඩා වැටිල. වත්තෙ ඉස්කෝලෙ පංති තියෙන්තෙ 11 වසරට විතරයි. ඊට පස්සෙ නගරෙ ඉස්කෝලෙකට යන්න ඕන. ඒත් බස් නැති නිසාත් බස් ගාස්තු වැඩි නිසාත් හුඟ දෙනෙක් 11 වසරෙදි පාසැල් ගමන නවත්වනව.”
Follow us on