අවිස්සාවේල්ල මහාධිකරනය තුන්නානේ එච්ආර්පී කම්හල පරිසර දූෂනයට වගකිවයුතු නැතයි තීන්දු කරයි
විලානි පීරිස් විසිනි, 2015 නොවැම්බර් 30
හේලීස් සමාගමට අයත්, හංවැල්ල, තුන්නානේ පිහිටි, හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් (එච්ආර්පී) කම්හලෙන් අධිකරනයට ඉදිරිපත් කල අභියාචනයක් විභාග කල අවිස්සාවේල්ල මහාධිකරනය එහි තීන්දුව පසුගිය 11 වෙනිදා ප්‍රකාශයට පත්කරමින් කම්හල දිගටම පවත්වාගෙන යාමට අවසර ලබාදුනි. එම කම්හලෙන් සිදුවන පරිසර දූෂනය හේතුවෙන් දින 14ක් තුල කම්හල වසා දමන ලෙස, පසුගිය අපේ‍්‍රල් 30 දා, අවිස්සාවේල්ල මහේස්ත්‍රාත්වරයා කල නියෝගය මෙම නව තීන්දුවෙන් කනපිට හරවා ඇත. පරිසර දූෂනයට චෝදනා පිලිගෙන තිබුනු (එච්ආර්පී) කම්හල දිගටම පවත්වාගෙන යාමට අවසර ලබාදීම මහජනතාවගේ බරපතල විරුද්ධත්වයකට තුඩුදී තිබේ.
ඇවිලී යා හැකි මහජන විරෝධය වලක්වනුවස්, රජයේ ආයතනයන්හි නිරන්තර අධීක්ෂන යටතේ කම්හල පවත්වාගෙන යායුතු බවට මහාධිකරනය විසින් කොන්දේසි ගනනාවක් ඉදිරිපත් කර ඇතත් මහජනතාව තීන්දුවට එරෙහිව සිටින අතර ඊට එරෙහිව මහාධිකරනයේ අභියාචනයක් ඉදිරිපත් කිරීමටද තීන්දු ගෙන ඇත.
අවිස්සාවේල්ල අතිරේක මහේස්ත්‍රාත් ඩී.එම්.ඒ. සෙනෙවිරත්න විසින් අපේ‍්‍රල් 30 දින ප්‍රකාශයට පත්කල නියෝගයේ මෙසේ සඳහන් වේ. මෙම කම්හල හේතුවෙන් “1. ලිං ජලය හා ප්‍රජා ජල ව්‍යාපෘතිය මගින් බෙදා හරිනු ලබන ජලය පානය කිරීමට සුදුසු තත්වයේ නොමැතිවීම... 2. කෘෂිකාර්මික කටයුතු කල නොහැකිවීම. 3. කර්මාන්ත ශාලාව පිහිටි ප්‍රදේශයේ ජනතාවට විවිධ වර්ගයේ ශ්වසන ආබාධ පැවතීම... 4.වකුගඩු, උදර හා අක්මා ආශි‍්‍රත රෝග වලට ලක්වීම. 5. දෛනික කටයුතු සිදු කිරීමට අපහසුවන ආකාරයේ ශබ්දයක් පැවතීම. යනාදී මහජන පීඩාවන් සිදුවන බවට තීරනය කරමි.”
අවිස්සාවේල්ල මහාධිකරන විනිසුරු දේවිකා අබේරත්න තම තීන්දුව ප්‍රකාශ කරමින් පවසා ඇත්තේ “පරිසර අධිකාරය මගින් උගත් මහේස්ත්‍රාත් වෙත යොමු කර ඇති ලේඛන සැලකිල්ලට නොගෙන පෙ.4 (පෙර) නියෝගයට උපයෝගී කර ගන්නා ලද සාක්ෂි සලකා බැලීම මහේස්ත්රාත්තුමා නොමග යැවීමක් බව පෙනී යන අතර මහජන පීඩාවකට අදාල නඩුකරයක පසුබිම සැලකීමේදී එම රජයේ ආයතනයන් මගින් අධිකරනයට එවා ඇති වාර්තාවන් සලකා නොබැලීම මෙම නඩුවේ නියෝගය ප්‍රතිශෝධනය කිරීමට තරම් සුවිශේෂී කරුනක් බව පෙනී යන” බවයි.
මහේස්ත්‍රාත් උසාවියේදී නඩුව විභාගවන අතර වාරයේදී ගොනුකර ඇති පරිසර අධිකාරයේ හා රජයේ ආයතනයන්ගේ වාර්තා අනුව, “කර්මාන්ත ශාලවෙන් මුදා හරිනු ලබන ජලය, පරිසර (ආරක්ෂන හා තත්වය) නියෝග මගින් නියම කොට ඇති සීමාවන්ට යටත්ව විද්‍යාත්මකව පිරිපහදු කිරීමෙන් අනතුරුව මුදා හරිනු ලබන බවට වාර්තාවී ඇතැයි” මහාධිකරන තීන්දුව පෙන්වා දෙයි. මහේස්ත්‍රාත් උසාවියේදී තහවුරු කරන ලද සාක්ෂි “විද්‍යාත්මකව තහවුරු නොවූ අසා දැනගත් සහ ඔවුන්ගේ මත ප්රකාශනයන් පමනක් බව පෙනී යන” බව ද මහාධිකරන විනිසුරුවරිය ප්‍රකාශ කර ඇත.
නමුත් මහේස්ත්‍රාත් අධිකරනයේ නඩුව විභාගවූ අවසාන දින වලදී ඉදිරිපත් කෙරුන රජයේ වාර්තාවලට පටහැනිව, පරිසර අධිකාරය ඇතුලු රජයේ ආයතනයන් විසින් ඊට පෙර වසරවලදී ඉදිරිපත් කල වාර්තාවලින් කම්හල අවශ්‍ය ප්‍රමිතියට අනුව කි‍්‍රයා නොකරන බව සනාත කර ඇත. කම්හලෙන් නිකුත් කරන ලද අප ජලය නිසි ප්‍රමිතියෙන් තොර වන බව පවසමින් 2004 දී පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් විසින් නිකුත් කරන ලද ලිපියක් පීඩාවට පත් පාර්ශ්වය වෙනුවෙන් මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කර තිබුනි. එම වාර්තාවට අනුව එවකට කර්මාන්ත ශාලාවෙන් නිකුත් කල අප ජලයේ තිබිය යුතු ඇමෝනියා සහ නයිට්රජන් ප්‍රතිශතය උපරිම ධාරන සීමාව ඉක්මවා ඇත.
ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් වැලිවේරියේ පිහිටි වෙනිග්‍රොස් සහ තුන්නාන පිහිටි එචිආර්පී කම්හල් වලින් විෂ රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම පිලිබඳව හා ඊට එරෙහිව උද්ඝෝෂනය කල ජනතාවට එල්ල කල පොලිස් මිලිටරි ප්‍රහාර පිලිබඳව මාස 6ක පමන කාලයක් පුරා සමාජවාදී සමානතා පක්ෂය (සසප) සිදු කල ස්වාධීන කම්කරු පරීක්ෂනයේ වාර්තා හා නිගමන 2014 ජුලි 20 දා ගම්පහ සනස ශාලාවේ දී ප්‍රසිද්ධියේ ඉදිරිපත් කෙරුන අතර එහිදී මෙසේ පෙන්වා දුන්නේය.
“මධ්‍යම පරිසර අධිකාරිය 2004 මැයි 10 දින කරන ලද පරීක්ෂනයෙන් පසු එච්ආර්පී කම්හලේ මෙහෙයුම් කලමනාකරු වෙත යවන ලද ලිපියක සඳහන්ව ඇත්තේ කම්හල තුල අපජලය පිරිපහදු කරන ජීව විද්‍යාත්මක ප්රතිකාරක පද්ධති දෙකක් හා රසායනික පිරිපහදු පද්ධතියක් ස්ථාපනය කොට තිබුනත් එක් ජීව විද්‍යාත්මක පිරිපහදු පද්ධතියක් අකි‍්‍රයව ඇති බව යි. වැඩ කල හැකිව පැවති ජීව විද්‍යාත්මක පිරිපහදු පද්ධතිය හා රසායනික පිරිපහදු පද්ධතිය ද නියමිත පරිදි කි‍්‍රයාත්මක නොවන බව ද එහි සඳහන් වේ. ලිපිය ලියන මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා පවසන්නේ අපජලයේ උපරිම ඇමෝනියා නයිට්රජන් ධාරන මට්ටම ලීටරයට මිලිග්‍රෑම් 50ක් වුව ද ජීව විද්‍යාත්මක පිරිපහදු පද්ධතියේ අපජලයේ එම අගය ලීටරයට මිලිග්‍රෑම් 160ක් හා රසායනික පිරිපහදු පද්ධතියේ එය ලීටරයට මිලිග්‍රෑම් 113ක් බවත් ය. එනම් ජලය පානය කිරීමට නුසුදුසු මට්ටමකට රසායනික ද්‍රව්‍ය වලින් යුක්ත බව යි.”
හංවැල්ල සහ කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව 2008 අප්‍රේල් 23 දා කර්මාන්ත ශාලාව පරීක්ෂා කොට එහි අපජලය අපරීක්ෂාකාරී ලෙස බාහිර පරිසරයට මුදා හරින බවට නිරීක්ෂනය කර තිබේ. ප්‍රදේශයේ දරුවන්ට සහ වැඩිහිටියන්ට නිතර වැලැඳෙන ශ්වසන ආබාධ, චර්ම රෝග මෙන්ම වකුගඩුවේ, අක්මාවේ හා උදරයේ රෝග වලට කම්හලෙන් සිදු කෙරෙන දූෂනය බලපාන අයුරු පැහැදිලි කෙරෙන තවත් වැදගත් සාක්ෂි මහේස්ත්‍රාත් උසාවියේදී ඉදිරිපත් කෙරී ඇත. ආයෝජන මන්ඩලයෙන් ලත් පරිසර ආරක්ෂන බලපත්‍රයක් තමා සතු බවත්, මහජන පීඩාවන් හා තම ආයතනය අතර සම්බන්ධයක් නොමැති බවත් පවසමින් කම්හල් පාලකයන් ඉදිරිපත්කල සාක්ෂි පිලිගත නොහැකි බවට මහේස්ත්‍රාත් උසාවියේදී තීන්දු විය.
මේ අතර වාරයේදී, මහාධිකරන තීන්දුවෙන් පසු, මහජනතාව බිය වැද්දීමේ වැඩකටයුතු කම්හල මගින් උත්සන්න කර ඇත. පසුගිය මැයි 10 දින කැලනි මිටියාවත පරිසර සුරැකීමේ ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් කම්හල ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවට පසුව එහි සභාපති පද්මසිරි වීරසිංහ නෙත් එෆ් එම් ගුවන්විදුලි නාලිකාවට කල ප්‍රකාශයකින් කම්හලට අපහාස කලේ යයි පවසමින් එහි පාලකය විසින් රු. මිලියන 250ක අලාභයක් ඉල්ලා අවිස්සාවේල්ල දිසා අධිකරනයේ නඩු පවරා ඇත.
මෙම සියලු වැඩකටයතු සිදු වන්නේ ‘යහපාලනය’ ගෙනඑන බව පවසමින් ප්‍රෝඩාකාරීව බලයට පැමිනි මෛතී‍්‍රපාල හා රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයමින් ආයෝජකයන්ට බදු සහන ප්රදානය කරමින් ඔවුනගේ ලාභ සුරැකීම සඳහා කැපව ඇති තත්වයේදීය. තුන්නානේදි මෙන්ම රතුපස්වලදීද මහජනයා මෙම කර්මාන්ත ශාලා මගින් සිදු කල පරිසර දූෂනයන්ට මුහුන දුන් අතර, මැතිවරනයේදී චන්ද ලබා ගැනීම සඳහා බලයට පත්වු පසු මේ ප්‍රශ්න විසඳන බවට සිරිසේන සහ වික්‍රමසිංහ බොරු පොරොන්දු දුන්හ.
මෙම කම්හල් පාලකයන්ටම අයත් රතුපස්වල පිහිටි වෙනිග්‍රොස් කර්මාන්ත ශාලවෙන් සිදුවන පරිසරය දූෂනයට එරෙහිව 2013 පැවැත්වූ උද්ඝෝෂනයට වෙඩි තැබූ රාජපක්ෂ ආන්ඩුව තිදෙනෙකු ඝාතනය කලේය. එම කම්හල පසුව පලාතෙන් ඉවත් කරනු ලැබූව ද සිදුව ඇති පරිසරයේ දූෂනය තවත් වසර බොහෝමයක් පවතින අතර පිරිසිදු ජලය නොමැතිව මහජනයා රෝගීවීම ඉහල යමින් ඇත. වෙඩිවැදීමෙන් තුවාල ලබූවෝ රැකියාවක් කර ගැනීමට නොහැකිව දුක්විදිති. එහිදී ද මහජන විරෝධය මැඩීම සඳහා, 2013 පැවති උද්ඝෝෂනයේදී දේපලවලට අලාබ කලේ යයි 23 දෙනෙකුට එරෙහිව නඩු කිහිපයක්ම පවත්වාගෙනෙ යන්නේ ය.
මේ අනුව පෙනී යන්නේ අවිස්සාවේල්ල මහාධිකරනයේ නඩු තීන්දුව ආන්ඩුවේ ප්‍රතිපත්තිය හා බැඳී ඇති බවයි.
තුන්නාන නඩුව සම්බන්ධව ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කල තුන්නාන නිවැසියෙක් මෙසේ පැවසීය.
“මහාධිකරන නඩු තීන්දුව රජයේ ආයතනයකින් පසුව දුන් ප්‍රකාශයක් පාවිච්චිකරමින් තමයි දුන්නේ. රජයේ පරීක්ෂන අපිට පිලිගන්න බැහැ. ආන්ඩුවලට අවශ්‍ය පරිදි ඒවා වෙනස් වෙනවා. පලාතේ ජීවත් වුනොත් කම්හල මගින් පරිසරය අපිරිසිදුව මහජන ජීවිත විනාස වෙන හැටි දක ගත හැකියි.
“ඒ ආන්ඩුවත් මේ ආන්ඩුවත් දෙකම එකයි. සමාජවාදී සමානතා පක්ෂය කියනවා වගේ ආයෝජකයන් ආරක්ෂා කිරීම තමයි කරන්නෙ. මෛතී‍්‍රපාල සිරිසේන බලයට එන්න ඉස්සෙල්ල පොරොන්දුවුනා අපේ ප්‍රශ්න විසඳන බවට. දැන් ආයෝජකයන් ආරක්ෂා කරනවා. මහජනයා බරපතලව ආන්ඩුව ගැන කලකිරිලයි ඉන්නෙ.
“මාධ්‍යය මුදලට අරන්. කිසිම මාධ්‍යයක දැන් අපේ ප්රශ්නය ගැන කතාකරන්නෙ හෝ ලියන්නෙ නැහැ. අපි උත්සාහ කලා ප්‍රචාරය කරව ගන්න. වැඩක් නැහැ. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කරන ලිපි මහජනයා අතර බෙදා හැරිය යුතුයි.
“සමාජවාදී සමානතා පක්ෂය පමනයි අපේ ප්රශ්නය ගැන දිගටම උනන්දු වුනේ. මම කියෙව්වා සසප පැවැත්වූ ස්වාධීන කම්කරු පරීක්ෂනයේ (ස්කප) වාර්තාව. විශාල පරිශ්‍රමයක් දරනවා සත්‍යය හෙලි කරන්න.”
පලාතේ ගුරුවරියක් කතාකරමින් මෙසේ කියා සිටියාය. “නඩුව අවසානයේදී කල කිරුන නිසා මින් මත්තට කිසිවක් නොකරන බවට හිතුවත් මහජනතාව බොහෝමයක් යලි කි්රයාත්මකවීමකට ලෑස්තියි. නඩුවලින් පමනක් ප්‍රශ්න විසඳන්න පුලුවන් වෙන්නෙ නහැ. සසප වැඩපිලිවල සාකච්ඡා කරන්න කැමතියි.”
Follow us on