කැලෑබොක්ක වත්තේ වැඩ වර්ජිත කම්කරුවන්ට පොලීසිය තර්ජනය කරයි
අයිවන් වීරසේකර සහ ඒ. ඒ. ලොකුබන්ඩා විසිනි, 2015 ඔක්තෝබර් 7
නියමිත දිනට වැටුප් නොගෙවීමට එරෙහිව සහ තවත් ඉල්ලීම් ගනනාවක් මත පසුගිය අගෝස්තු මාසයේ වැඩ වර්ජනයක යෙදුන රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් මහනුවර දිස්ති‍්‍රක්කයේ කැලෑබොක්ක වත්තේ කම්කරුවන්ට වර්ජනය නතර කරන ලෙස පොලීසිය තර්ජනය කර ඇත.
වත්තේ වෘත්තීය සමිති කි‍්‍රයාකාරීන් තුන් දෙනෙකු අගෝස්තු 25 දා පොලීසියට ගෙන් වූ පන්විල පොලීසියේ පොලිස් ස්ථානාධිපති “තමුන්ට ඉල්ලීම් දිනා ගැනීම සඳහා උද්ඝෝෂනය කිරීමට අයිතිය ඇතත් වත්තේ වැඩ කඩාකප්පල් කිරීමට බලයක් නැතැ” යි තර්ජනය කල බව කම්කරුවෝ පවසති.
වර්ජිත වතු කම්කරුවන්ට පොලීසිය කල මෙම ඍජු තර්ජනයේ තේරුම වන්නේ වැටුප් සහ සෙසු අයිතීන් සඳහා අරගලයේ යෙදීමට වතු කම්කරුවන්ට ඇති ප‍්‍රජාතන්තී‍්‍රය අයිතියට පහර එල්ල කොට රාජ්‍ය සහ පුද්ගලික වතු සමාගම් වල ලාභ අවශ්‍යතාවයන් ආරක්ෂා කිරීමට ධනපති ආන්ඩුව තීන්දු කොට ඇති බවයි. මෙය සමස්ත කම්කරු පන්තියට කෙරෙන බරපතල අනතුරු ඇඟවීමකි.
මීට පෙර අත්තනෝමතික ලෙස වැඩ වේගවත් කිරීමට විරුද්ධව මැයි මාසයේ තෙදින වර්ජනයක යෙදුන මස්කෙලිය ග්ලෙනුයිජ් වත්තේ ඩීසයිඩ් කොටසේ කම්කරුවන් 7 දෙනෙකුට විරුද්ධව ක්ෂේත්‍ර නිලධාරියෙකුට පහර දීම සහ අසල තිබුනු දෙබර කූඩුවක් ඇවිස්සීම යන බොරු චෝදනා යටතේ පොලීසිය විසින් නඩු පවරනු ලැබූ අතර වතු පාලකයන් ඉන් කම්කරුවන් තුන්දෙනෙකු සේවයෙන් පහකර හතර දෙනෙකුගේ වැඩ මාසකට තහනම් කලේය. එමෙන් ම අසාධාරන වැටුප් කප්පාදුවට එරෙහිව අගෝස්තු මාසයේ වැඩ වර්ජනයක යෙදුන යටියන්තොට ගනේපල්ල වත්තේ කම්කරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් පොලිසිය වතු අධිකාරිට සහ වර්ජනයට සහභාගි නොවූ කම්කරුවන්ට පහර දීම යන ව්‍යාජ චෝදනා යටතේ නඩු පැවරීය.
කැලෑබොක්ක වත්තේ 800 ක් පමන කම්කරුවන් සැප්තැම්බර් 11 වැඩ වර්ජනයකට එලැඹුනේ 10 වෙනිදා ගෙවිය යුතු වැටුප නියමිත ලෙස නොගෙවීමට එරෙහිව සහ මාසයකට දින 25 ක් වැඩ ලබා දීම, ගර්භනී මව් වරුන්ට ලබා දෙන දීමනා වැඩි කිරීම, අර්ථසාධක සහ පාරිතෝෂික අරමුදල් නියමාකාරයෙන් කම්කරුවන්ගේ ගිනුම් වලට බැර කිරීම ඇතුලු ඉල්ලීම් 8 ක් මුල් කරගෙන ය.
16 වෙනිදා හිඟ වැටුප ගෙවූව ද කම්කරුවන් වැඩට ගොස් නැත. 24 වෙනිදා වතු කම්හල ඉදිරිපිට වර්ජිත කම්කරුවෝ උද්ඝෝෂනයක් කලහ. පොලීසියේ තර්ජනය මෙන්ම වෘත්තීය සමිති නායකයන් හා වතු පාලකයන් අතර සාකච්ඡාවක් සිදුවී ඇත්තේ ඉන්පසුවය.
වර්ජනය දිග්ගැස්සීම සහ දෛනික වැටුප් වැඩි නොකිරීම නිසා කෝපයෙන් සිටින සෙසු වතුවල කම්කරුවන් ද අරගලය වටා රැලිවීමේ අන්තරාය මතුවීමත් සමග 25 දා වෘත්තීය සමිති සහ වතු පාලකයන් අතර සාකච්චාවක් පැවැත්වින. අනතුරුව වර්ජනය නතර කර 26 වෙනිදා සිට ආපසු වැඩට යන ලෙස සමිති නායකයන් කම්කරුවන්ට දැනුම් දී ඇත. සමිති නායකයන් විසින් සිය අරගලය හුදකලා කිරීමේ කොන්දේසි යටතේ වෙනත් විකල්පපයක් නැති හෙයින් කම්කරුවන් ආපසු වැඩට ගියත් හිඟ වැටුප ගෙවීම හැර වෙනත් කිසිදු ඉල්ලීමක් ලැබී නැත.
දෛනික වැටුප රුපියල් 1000 කරන ලෙස ඉල්ලා ජුලි 6-10 පැවති වතු කම්කරු වර්ජනයට ද සමිති නායකයන්ගේ දුර්මුඛ කිරීම් තිබිය දී ම කැලෑබොක්ක වත්තේ කම්කරුවන් බහුතරයක් සහභාගී වී තිබේ. නියමිත දිනට වැටුප් ගෙවීම සහ සෑම මසකම 25 දා වැටුප් අත්තිකාරම් ගෙවීම සම්බන්ධව කම්කරු ඇමති කබීර් හෂීම් සමග සාකච්ඡාවක් සති දෙකක් තුල ලබාදෙන බව වතු පාලකයන් පැවසූ බව සමිති නායකයන් කියා ඇත. නමුදු සෙසු ඉල්ලීම් ගැන සමිති නායකයන් හා වතු පාලකයන් අතර ඇතිකර ගත් එකඟතාවය කුමක්දැයි කම්කරුවෝ නොදනිති.
කැලෑබොක්ක වත්තේ කැලෑබොක්ක, ගල්කීරිය, මලේනෙල්ලි, මලේහුලං කන්ද, මැද කොටස, රෙලූක්ස් 01,රෙලූක්ස් 02, ඩී මලේ යන වතු කලාප (ඩිවිෂන්) 8 ක කම්කරු පවුල් 1350 ක් පමන සිටිති. අක්කර 1370 ක් පමන වන මෙම තේ වත්ත කලකට පෙර සරුසාරව තිබී ඇත. ලෝක වෙලඳ පොලේ තරඟකාරීත්වය ඉහල යාම සහ අපනයන කඩා වැටීමෙන් ආදායම පහත වැටීමේ ප්‍රතිඵලයක් ලෙස වත්ත බංකොලොත් තත්වයට පත්ව ඇත. එය ලංකාවේ තේ සහ රබර් කර්මාන්තය පොදුවේ මුහුන දී සිටින අර්බුදයේ කොටසකි.
වතු බංකොලොත්වීම මැද පෙර පැවති සොච්චම් පහසුකම් පවා වතු පාලකයන් විසින් කප්පාදුකර ඇති ආකාරය කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවනට විස්තර කලහ.
වී.සෙල්වනායගම් (38) වත්තේ කන්කානි කෙනෙකි. “මම අවුරුදු 20ක් විතර වත්තෙ වැඩ කරනවා. වැඩ දින අඩු වුනාම අපිට ලැබෙන්නෙ අඩු පඩියක්. මේ මාසේ පඩිය සතියක් විතර පහු වෙලයි ලැබුනේ. මේ අරගලේට අලගොල්ල, ගෝමරේ, රාක්ෂාව, ගල්පිහිල්ල වතු වල අයත් සහයෝගය දුන්නා. නමුත් දවස් දෙකකට පස්සෙ ඒ අය ආයෙමත් වැඩට ගියා” යැයි ඔහු පැවසුවේ ය.
කැලෑබොක්ක වත්තේ බහුතරයක් කම්කරුවන් සංවිධානය වී සිටින්නේ ලංකා කම්කරු කොන්ග්රසය (සීඩබ්ලිව්සී) සහ ශී‍්‍ර ලංකා නිදහස් වතු සේවක සමිතිය (ශී්රලනිවසේස) තුල. පසුගිය වසර 10 පමන කාලයක් තුල තමන්ගේ ප්‍රශ්න කිසිවක් නොවිසඳුන බව කම්කරුවෝ කීහ. කම්කරුවන්ගේ පීඩනය යටතේ වත්තේ සමිති නායකයන් වර්ජනය කැඳ වූ නමුත් මව් සමිති නායකයන් ගේ කිසිදු සහයෝගයක් ලැබී නැත. එය අහම්බයක් නොවේ. පසුගිය දශක ගනනාවක් තුල ම තොන්ඩමන්ගේ සීඩබ්ලිව්සී, දිගම්බරම්ගේ ජාතික වතු කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්) ලංකා ජාතික වතු කම්කරු සංගමය (සීඑන්ඊඩබ්ලිව්යු) ඇතුලු සියලු වතු සමිති කි‍්‍රයාත්මක වූයේ ධනපති ආන්ඩුවේ සහ වතු සමාගම් වල ඒජන්තයන් ලෙසය.
“අරගලය සංවිධානය කලේ තලෙවර්ලා (ශාඛා සමිති නායකයන්) විතරයි. ඉහල නිලධාරීන් කවුරුවත් ආවේ නෑ. මීට කලිනුත් දවසක් දෙකක් පඩි පමා වෙලා තියෙනව. ඒත් මේ මාසෙ සතියක් විතර පඩි පමාවුනා. අපි කොහොමද ජීවත් වෙන්නෙ.” සෙල්වනායගම් වැඩි දුරටත් කීවේය.
දැන් වැටුපෙන් කපා ගන්නා අරමුදල් පසුගිය හිඟ පියවීමට යොදාගන්නා බව කම්කරුවෝ කීහ. ගර්භනී කාන්තාවක් හදිසි අවස්ථාවක මහනුවරට රැගෙන යන්නේනම් වාහනයට රුපියල් 3500ක් පමන ගෙවීමට සිදුවෙයි. කම්කරුවන් ප්‍රකාශ කරන ආකාරයට ඔවුනගේ සාමාන්‍ය මාසික ආදායම රුපියල් 8,000 කි. මරනයක් සඳහා දෙන ආධාරය රුපියල් 2000 කි. මෙම මුදල් පවා ගෙවන්නේ මාස තුන හතරක් කල් ඉකුත් වී ය. වත්තේ සමහර කොටස් කැලෑවට ගොස් ඇති බව කම්කරුවෝ කීහ. අක්කර 53 ක් කම්කරු පවුල් අතර බෙදා දී ඇතත් වත්තේ වැඩ කරන අතර තමාට ලබා දී ඇති ඉඩම් කොටස්වලින් ආදායමක් ලබා ගැනීමට තරම් කාලය මිඩංගු කිරීමට ඔවුන්ට ඉඩක් නැති නිසා බොහෝ දෙනෙකු එම ඉඩම් වගා කිරීම අත්හැර දමා ඇත.
තිදරු පියෙකු වන එස්. චන්ද්‍රන් මෙසේ පැවසීය: “මම අවුරුදු 20ක විතර වත්තෙ වැඩ කරනව. පවුල ඉන්නෙ මැලේසියාවෙ. එයා මාසෙකට රුපියල් 10,000ක් විතර එවනවා. අම්මයි තාත්තයි දෙන්නත් අපි ලඟ ඉන්නෙ ඒ අයට වයසයි. නිතරම අසනීප වෙනවා. වියදම පිරිමහ ගන්න අමාරුයි. අපි 7 දෙනෙක් ඉන්නේ තනි කාමරයක. ඒකෙත් වහල දිරල. අපි දන්න කාලෙක අලුත්වැඩියාවක් වත් කරල නැහැ. ඉගෙන ගන්න ලමයින්ට මේ ලැයිම් කාමරවල කිසිම පහසුකමක් නැහැ. වත්තේ ඉස්කෝලෙ ඉගෙන ගන්න පුලුවන් සාමාන්‍ය පෙල දක්වා විතරයි ඉන් ඉහලට ඉගෙන ගන්නනම් හැතැක්ම 15 ක් විතර ඈත වත්තේගමට යන්න ඕනෑ. බසුත් අඩුයි. වියදම දරා ගන්නත් අමාරුයි.”
කම්කරු කාන්තාවක් වන පාරුමදී තමා මුහුන දී සිටින දුෂ්කර කොන්දේසි මෙසේ විස්තර කලාය: “මම යි පුතයි විතරයි පවුලෙ ඉන්නේ. එයා මේ ඉස්කෝලෙ හයේ පන්තියෙ ඉගෙන ගන්නව. ඉන්න කාමරයත් අබලන්, වැස්සට තෙමෙනවා පුතා ඉගෙන ගන්න දක්ෂයි. ගිය අවුරුද්දෙ ශිෂ්‍යත්වයෙනුත් පාස්වුනා. මම වත්තෙ වැඩ හින්ද ආධාර හම්බ වෙන්නෙ නැහැ. ටවුමේ ඉස්කෝලෙකට තේරුනෙත් නැහැ. ලමයගෙ තාත්ත වෙනත් කසාදයක් කරගෙන ලමයට වත් කිසිම උදව්වක් නැහැ. මම කොහොමද ලමය තනියම ඈත ඉස්කෝලෙකට යවන්නෙ. ඈත යවල ආරක්ෂාව ගැන බලන්නෙ කවුද අපිට පායන කාලෙට වතුරත් හිඟයි. පාරවල් අබලන්, හරියට වැසිකිලියක් වත් නැහැ.”
වතුවල ලාභය කඩා වැටෙන තතු තුල එහි සියලු බර කම්කරුවන් මත පැටවීම ආන්ඩුවේ සහ වතුහිමියන්ගේ අරමුනයි. වැවිලි කරුවන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරෙයි නිරතුරුව කරන ප්රකාශයන්ගෙන් එය තහවුරු වෙයි. ශත වර්ෂයක් පැරනි, පැමිනීම පාදක කරගත් ‘යල් පිනූ ක්‍රමය’ මත පදනම්ව වැටුප් වැඩි කල නොහැකි බවත් එය ‘නිෂ්පාදන ඵලදායිත්වය මත පාදක වූත්, ඉපයීම, අවස්ථාව සහ හැකියාව මත පාදකවූත් ක්‍රමයක් බවට පරිවර්තනය විය යුතු බවත් වැවිලි කරුවන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරෙයි පැවසූ බව ලංකා බිස්නස් ඔන්ලයින් සැප්තැම්බර් 15 දා වාර්තා කලේය. මෙය වනාහි දිනකට නෙලිය යුතු දලු ප්‍රමානය ඇතුලු සියලු දෛනික කාර්ය ප්‍රමානයන් කම්කරුවන්ට ඉසිලිය නොහැකි ප්රමානයකින් ඉහල දැමියයුතු බවට කෙරෙන තර්ජනයකි. “කම්කරුවන් සහ ඔවුන්ගේ වෘත්තීය සමිති කර්මාන්තය හිඟමනට අද දැමීමේ පිලිවෙතක් අනුගමනය නොකල” යුතු බව ඔහු අවධාරනය කරයි.
Follow us on