මාක්ස්වාදය සහ ව්‍යාජ වම: ලිප්සිග් පොත් සල්පිලේ දී ඩේවිඩ් නෝර්ත් සමඟ සම්මුඛ සාකච්ඡාවක්
Marxism and the pseudo-left: David North interviewed at Leipzig Book Fair
මාර්තු 18 වැනි දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර සංස්කාරක මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් ෆ්රැන්ක්ෆර්ට් ගුරුකුලය, පශ්චාත් නූතනවාදය සහ ව්‍යාජ වාම දේශපාලනය: මාක්ස්වාදී විචාරයක් කෘතියේ නව ජර්මානු සංස්කරනය ලිප්සිග් පොත් සල්පිලට ඉදිරිපත් කලේ ය. ඔහුගේ දේශනයෙන් අනතුරුව ශැටන්බ්ලික් පුවත්පතේ මාධ්‍යවේදියෙක් නෝර්ත් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය. සම්මුඛ සාකච්ඡාව මාර්තු 29 වැනිදා පල කෙරුනු අතර එය ශැටන්බ්ලික් වෙබ් අඩවියට ද එක් කරන ලදි. ශැටන්බ්ලික්හි අවසරය ඇතිව එම සම්මුඛ සාකච්ඡාව පහත පල කෙරේ. එය මුල් ජර්මානු බසින් ඉංග්‍රීසියට පරිවර්තනය කෙරිනි.
ශැටන්බ්ලික්: ලිප්සිග් පොත් සල්පිලට එන, වාමාංශික දේශපාලනය ගැන කිසිදු වැටහීමක් නැති සාමාන්‍ය පුද්ගලයකුට, සැබෑ වම සහ ව්‍යාජ වම අතර වෙනස ඔබ පැහැදිලි කරන්නේ කෙසේ ද?
ඩේවිඩ් නෝර්ත්: මම මගේ පොත තුල ”ව්‍යාජ වම” පිලිබඳ සංක්ෂිප්ත නිර්වචනයක් සපයා තිබෙනවා:
”ව්‍යාජ වම, මධ්‍යම පන්තියේ වරප්රසාදිත හා සුඛිත මුදිත ස්තරයන්ගේ සමාජ ආර්ථික අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම සඳහා ජනතාවාදී සටන්පාඨ හා ප්‍රජාතාන්ත්‍රික වාක්‍යාංශ උපයෝගී කරගන්නා දේශපාලන පක්ෂ, සංවිධාන හා න්‍යායික/දෘෂ්ටිවාදාත්මක ප්රවනතා සංලක්ෂිත කරන්නේ ය.”
මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ, ව්‍යාජ වම, අනන්‍යතා දේශපාලනයේ විවිධ රූපාකාර සහිතව මධ්‍යම පන්තියේ සුඛිතමුදිත කොටස් නියෝජනය කරන බවයි. වර්ගය, ජාතිකත්වය, ලිංගික හැඩගැස්ම හා ස්තී‍්‍ර පුරුෂ භාවය (සමාජ ලිංගිකත්වය) වෙත කේන්ද්‍රගත වී ඇති ඔවුන්ගේ අවධානය අවශ්‍යයෙන්ම බැඳී ඇත්තේ, ජනගහනයේ වඩාත්ම ඉසුරුමත් සියයට 10 තුල පවතින ගැටුම් සමගයි. මේ වරප්රසාදිත ස්තරය තුල පවා ධනයේ අසමාන බෙදී යාමක් තිබෙනවා. සමාජයේ මේ සුඛිතමුදිත කොටස තුල පවා, ධනයෙන් විශාලතම පංගුව පොහොසත්ම සියයට 1 අතට පත් වීම පිලිබඳ තියෙන්නේ සැලකිය යුතු නොසතුටක්.
මෙය, එක්සත් ජනපදය තුල affirmative action (ප්රතිජානක කි‍්‍රයාකාරීත්වය) වසයෙන් අප හඳුන්වන දෙය ද ඇතුලත් අනන්‍යතා දේශපාලනයේ ප්‍රවර්ධනයට මඟ පාදා තිබෙනවා. නිශ්චිත සුලූතර කොටස් සඳහා තනතුරුවල නිශ්චිත ප්‍රතිශතයක් වෙන් කිරීම ඇතුලූ පංඟු පේරුව හා වඩාත් ආන්තික අවස්ථාවල, සුලුතරයන්ට අයත් සිසුන්ට හා ශිෂ්‍යාවන්ට ඔවුන්ගේම ස්තී‍්‍ර පුරුෂ භාවයට හා වර්ගයට අයත් මහාචාර්යවරුන් විසින් ඉගැන්වීම කල යුතු බව ආදී ඉල්ලීම් ඉදිරිපත් කෙරෙනවා. මේ වර්ගයේ ඉල්ලීම්වල අරමුන වෙන්නේ සමාජයේ වඩාත් සුඛිතමුදිත ස්තරය තුල වඩා සෑහීමකට පත් විය හැකි අන්දමින් ධනය බෙදාහැරීමක් සහතික කරගැනීම යි. ඊනියා වාම සංවිධාන මේ ඉල්ලීම් පසුපස හඹා යාම සහ කම්කරු පන්තියේ අරගල අතර මොනම ආකාරයක හෝ සම්බන්ධයක් නෑ. ව්‍යාජ වමේ භූමිකාව අවබෝධ කරගෙන තොතිබුනු නිසා තමයි ගී්රසියේ සිරිසා සංවිධානය බලයට පත් සැනින්ම වාගේ තමන් කලින් කල ඉල්ලීම් හා දී තිබුනු පොරොන්දු කඩ කිරීමට පටන් ගත් විට බොහෝ දෙනෙක් කම්පාවට පත් වුනේ.
ඊයේ මට යුන්ගන් වෙල්ට් (ජර්මානු වාම පක්ෂයේ පුවත්පත) පුවත්පතේ කලාපයක් ලැබුනා. මේ කලාපය බොහෝකොටම කැප කොට තිබුනේ පුද්ගලික ලිංගික හැඩගැස්ම පිලිබඳ ගැටලුවලට වීම තදින්ම මගේ සිතට කාවැදුනා. ජර්මනිය ශීඝ්‍රයෙන් යලි මිලිටරිකරනය කරා ගමන් කරමින් තිබෙන සමයක යුන්ගන් වෙල්ට් පුවත්පතේ එල්ලය මේක යි. මා මේ දැන් පොත නිකුත් කිරීමේ අවස්ථාවේ මගේ අදහස් දැක්වීම තුල පැහැදිලි කලාක් මෙන් ජර්මනිය නිරත ව සිටින්නේ, ලෝක බලය සඳහා වූ පොරයක. වාම පුවත්පත් සිය අවධානය කේන්ද්‍රගත කල යුතු ගැටලුව මේක නෙමෙයි ද? ජර්මනිය තුල වැදගත් යුද විරෝධී උද්ඝෝෂන නැත්තේ ඇයි? යුද්ධයට එරෙහි සංවිධානාත්මක විරෝධයක් නැත්තේ ඇයි?
ජර්මනිය තුල අපේ පක්ෂය, හම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ ආචාර්ය මන්ඩලය තුල දක්ෂිනාංශික කොටස් පැලපදියම්ව ඇති තරම සම්බන්ධයෙන් බැරෑරුම් දේශපාලන ගැටුමකට සම්බන්ධ ව සිටිනවා. ඒත් අපේ ව්‍යාපාරයට පිටතින්, මහාචාර්ය ජෝර්ජ් බැබරොව්ස්කි වැනි උදවියට එරෙහි කිසිදු විරෝධයක් නැති තරම්. වාම පක්ෂය ඔහු ආරක්ෂා කරන්න පවා ඉදිරිපත් වුනා.(1)
කෙනෙක් ව්‍යාජ වම පිලිබඳ කතා කරද්දී ඔහු අදහස් කරන්නේ, මානව අයිතිවාසිකම් ව්‍යාජ හේතුවක් කරගනිමින් සිදු කෙරෙන නව යටත්විජිතවාදී මිලිටරි මෙහෙයුම් සාධාරනීකරනය කරන හා ඒවාට ආධාර සපයන අධිරාජ්‍යවාදයේ සහචරයින් ගැන යි. මාක්ස්, එංගල්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි, කෞට්ස්කි, ලක්සම්බර්ග්, ලීබ්නෙක්ට්, මේරිං හා විප්ලවවාදී ඉතිහාසයේ තවත් බොහෝ වැදගත් පුද්ගලයින් විසින් එම පදය අවබෝධ කරගැනුනු අරුතින්, වාම දේශපාලනයට මොනම සම්බන්ධයක් වත් නොමැති ”වමක්” මේක.
එස්බී: ජර්මනිය තුල නිදසුනක් වශයෙන් න්‍යෂ්ටික බලාගාර සහ ගල් අඟුරු භාවිතයට එරෙහිව උද්ඝෝෂනය කරන කි‍්‍රයාධරයෝ ඉන්නවා. ඔවුන් පවත්නා කොන්දේසි කෙරෙහි තමන් තුල පවතින විරෝධය ප්‍රකාශයට පත් කිරීම සඳහා තමන් දම්වැල් දමා ගස්වලට හෝ දුම්රිය මාර්ගවලට බැඳගැනීම වැනි කටයුතු සංවිධානය කරනවා. ඒ සමග ම ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කොමියුනිස්ට්වාදය ප්‍රතික්ෂේප කරනවා. සමාජ පරස්පර විරෝධයන් පිලිබඳ සංවේදී වූත් ඒවා ජය ගැනීම සඳහා යමක් කිරීමට අවශ්‍යතාව තිබෙන්නා වූත් මේ මිනිසුන් කරා ලඟා වෙන්නේ කොහොම ද?
ඩී.එන්: ඔබ සඳහන් කල ගැටලු සම්බන්ධයෙන් උද්ඝෝෂනවල යෙදෙන බොහෝ දෙනෙකුගේ අවංකභාවය මම සැක කරන්නේ නෑ. මම කිසි කෙනෙකුට පුද්ගලික මට්ටමෙන් පහර දෙනවා නෙමෙයි. ඒත් අප දේශපාලන ප්රවනතා ප්‍රවේසමෙන් විභාග කොට ඒවායේ වෛෂයික සමාජීය අන්තර්ගතය පරීක්ෂා කල යුතු යි. පාරිසරික ගැටලු සම්බන්ධ උද්ඝෝෂන යුක්ති යුක්ත වුනත්, ඒවා අවශ්‍යයෙන් ම පැහැදිලි ව නිර්වචනය කෙරුනු පන්ති ස්වභාවයකින් සමන්විත වෙන්නේ නෑ. විශේෂයෙන් ජර්මනිය තුල, ජෝර්ජ් ලූකාස් ඉතා නිවැරදි ලෙස ”රොමෑන්ටික ධනවාද-විරෝධය” හැටියට විස්තර කල දෙයෙහි විවිධ රූපාකාරවල දීර්ඝ සම්ප්රදායක් තියෙනවා.(2)
ධනවාදී පරිසරය විසින් පුද්ගලික ජීවන විලාසය හා උත්සුකයන් මත පටවනු ලබන ආකාරයෙන් අභිපේ‍්‍රරනය වන පුද්ගලවාදී ධනේශ්වර විරෝධය, සමාජීය ව පදනම් විරහිත යි. ප්රතිමාක්ස්වාදී ධනවාද විරෝධියෙක් වුනු ගුස්ටාව් ලැනිඩෝර් මේ දිශානතියේ සුප්‍රකට නියෝජිතයෙක් වුනා.(3) සමාජවාදී දේශපාලනය, කම්කරු පන්තිය ප්රමුඛ හා තීරනාත්මක විප්ලවවාදී බලවේගය ලෙස බලමුලු ගැන්වීම සමග සම්බන්ධ කිරීමට ඔහු නිශ්චිත ව විරුද්ධ වුනා.
ඔබේ ප්රශ්නය තුල ඔබ විස්තර කරන දෙය, මගේ සිතට නංවන්නේ, අරාජකවාදී සුලුධනේශ්වර ව්‍යාපාරයක් හැටිය යි. වෝල් වීදිය වාඩිලාගැනීමේ ව්‍යාපාරය සමග අපි මේ හා සමාන දෙයක් එක්සත් ජනපදය තුල අත්වින්දා. ඉතින් එය අත්පත් කරගත්තේ කුමක් ද? මොකුත් ම නෑ! බොහෝ රැඩිකල් ප්රවනතාවන්ගේ දැක්ම තුල මුල්බැසගෙන තිබෙන, ජය ගත යුතු ප්‍රශ්න අතර, කම්කරු පන්තියට ඇති දුරස්ථභාවය හා කම්කරු පන්තිය කෙරෙහි වූ අවිශ්වාසය තිබෙනවා.
හර්බට් මාර්කුස් ගේ බලපෑමෙහි එක් දෘෂ්ටිවාදාත්මක ප්රතිවිපාකයක් වන්නේ, බොහෝ රැඩිකලුන් කම්කරු පන්තිය කෙරෙහි ගැඹුරු වෛරයකින් ආසාදිත වී සිටීමයි.(4) කම්කරු පන්තිය, විශේෂයෙන් එක්සත් ජනපදය තුල, ප්රතිගාමී බලවේගයක් වන බව ද කම්කරුවන් සාරභූත වසයෙන් ෆැසිස්ට්වාදී බව ද මාර්කුස් යලි යලිත් අවධාරනය කලා. ඔහු කම්කරු පන්තිය පිලිබඳ මොනම දෙයක් වත් අවබෝධ කරගත්තේ නෑ. ඒත් මේ කම්කරු පන්ති විරෝධී අගතීන් අද දවස දක්වා ම ශක්තිමත් ව පවතිනවා.
එක්සත් ජනපද ප්‍රාථමික මැතිවරන තුල ඩොනල්ඩ් ට්‍රම්ප් සුදු කම්කරු කොටස් අතරින් සහයෝගය දිනාගන්නේ මන්දැයි මගෙන් අහනවා. ඒත් කාරනය මේකයි, එකම කම්කරුවා තමන් නොවැම්බරයේ දී එක්කෝ ඩොනල්ඩ් ට්‍රම්ප්ට නැත්නම් බර්නි සැන්ඩර්ස්ට ඡන්දය දෙන බව කීම කිසි සේත් ම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. මෙයින් අදහස් වෙන්නේ ඔවුන් පවතින ක්‍රමයට විකල්පයක් හොයමින් ඉන්නා බවයි. මා සඳහන් කල සුලුධනේශ්වර ව්‍යාජ වාමාංශය සතුව කම්කරු පන්තියට කීමට මොනම දෙයක් වත් ඇත්තේ නැහැ.
එස්බී: පන්ති විඤ්ඤානය තියෙන කම්කරුවෝ ඉන්නවද?
ඩී.එන්: සියල්ලට ප්‍රථම, කම්කරු පන්තියක් ඉන්නවා, එමෙන්ම එය පීඩිත පන්තියක්. අපි මාක්ස්වාදයේ සම්භාව්‍ය කෘතීන් කරා පෙරලා පැමිනිය යුතු යි. මාක්ස් සහ එංගල්ස්ගේ පටන් මාක්ස්වාදයේ ශ්‍රේෂ්ඨ නියෝජිතයෝ කම්කරු පන්තිය තුල සමාජවාදී විඤ්ඤානය වර්ධනය කිරීම අරමුනු කරගත්තා. සමාජවාදී විප්ලවයේ ප්‍රධාන වෛෂයික බලවේගය කම්කරු පන්තියෙන් සමන්විත වූ බව ඔවුන් අවබෝධ කරගත්තා. කෙසේ වුවත්, මා කලින් කී පරිදි, කම්කරු පන්තිය පීඩිත පන්තියක්, එයට ස්වයංසිද්ධව සමාජවාදී න්‍යාය වර්ධනය කරන්න බැහැ. මෙය වර්ධනය කෙරෙනු ඇත්තේ බැරෑරුම් අරගල මාලාවක ගමන් මගේදීය.
ඔබේ ප්රශ්නය තුල අපගේ යුගයෙහි දුෂ්කරතා ප්‍රකාශයට පත් වෙනවා: කම්කරු පන්තියක් තියෙනවද? එක්සත් ජනපදය තුල ”කම්කරු පන්තිය” නමැති සංකල්පය ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව සඳහන් කිරීම වැදගත්. කිසිම දේශපාලනඥයෙක් මේ සංකල්පය යොදාගන්නෙ නෑ, මේක බර්නි සැන්ඩර්ස්ටත් අදාලයි. ඔහු කතා කරන්නේ ”මධ්‍යම පන්තිය” ගැන විතරයි. වෙනත් වචනවලින් කියතොත්, ලෝකයේ වැඩිම කම්කරු පන්තික ජනගහනයක් ඉන්නා රටවලින් එකක තරම් වෙන කිසිම භූමියක කම්කරු පන්තියේ පැවැත්ම මේ තරම් බලගතු ආකාරයෙන් ප්‍රතික්ෂේප කෙරිලා නැහැ!
මෙය, යුරෝපය තුල කම්කරු පන්තිය අතීතයේ දී ලද පරාජයන් මගින් බුද්ධිමතුන් තුල ජනනය කල දිරි සුන්කම පිලිබඳ ගැටලු වෙත අප රැගෙන යනවා. මාර්කුස් අයත් වූ ෆ්රැන්ක්ෆර්ට් ගුරුකුලයේ දෘෂ්ටීන්, කම්කරු පන්තිය ප්‍රතික්ෂේප කිරීම කරා ඔවුන් ගෙන ගිය ගැඹුරු දේශපාලන අසාරදර්ශනයක් ප්‍රකාශයට පත් කලා. එහෙත් අතීත පරාජයන් කම්කරු පන්තියේ විප්ලවවාදී නොවන ස්වරූපය ඔප්පු කලා නොවෙයි. පරාජයන්ගේ හේතු අධ්‍යයනය කිරීම අවශ්‍ය කෙරුනා. ඒත් මාර්කුස් කිසි විටක කොමියුනිස්ට් පක්ෂවල භූමිකාව විභාග කලේ නැහැ. ඔහු කිසි කලක ස්ටැලින්වාදය පිලිබඳ දේශපාලන විවේචනයක් වර්ධනය කලේ නෑ.
එස්බී: මාර්කුස් ඇමෙරිකානු රහස් ඒජන්සි සමග වැඩ කල බව ඇත්තක් නෙමෙයිද? (5)
ඩී.එන්: ඔව්. ඒක ඔහුගේ අසාරදර්ශනයේ ප්රකාශනයක්.
එස්බී: මේ ලිප්සිග් පොත් සල්පිලේ උත්සුකය සාහිත්‍යය සම්බන්ධයෙනුයි. ට්‍රොට්ස්කිවාදී දෘෂ්ටිය තුල සංස්කෘතියේ භූමිකාව කුමක් ද?
මම ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සංස්කාරක මන්ඩල සභාපති. එය සංස්කෘතිය සම්බන්ධ ප්‍රශ්න මත ඉමහත් අවධාරනයක් තබනවා. අප දකින හැටියට, දේශපාලන අර්බුදය සංස්කෘතික ක්ෂේත්රය තුල - නිදසුනක් වසයෙන්, සමකාලීන සිනමාවේ ඉතා පහත් මට්ටම තුල - පිලිබිඹු වෙනවා.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය අද ජොනතන් ෆ්රැන්සෙන්ගේ පියුරිටි (පාරිශුද්ධත්වය) පිලිබඳ විමර්ශනයක් පල කලා පමනයි. එය ඉතාම නරක නවකතාවක්. දේශපාලන සහ සංස්කෘතික ගැටලු අන්තර්සම්බන්ධිතයි. නිර්ව්‍යාජ විප්ලවවාදී යථාර්ථවාදයේ පුනරාගමනයක් දකින්න අපි අපේක්ෂා කරනවා, ඒ වගේ ම එය - කෙනෙකු හැම විට ම පැහැදිලි කල යුතු පරිදි - ”සමාජවාදී යථාර්ථවාදය” හෝ ස්ටැලින්වාදී යථාර්ථවාදය නෙමෙයි. ඒ වෙනුවට යථාර්ථවාදය පිලිබඳ අපේ සංකල්පය, අපේ යුගයේ ගැටලූ ඒවා සමාජය හා දේශපාලනය තුල පිලිබිඹු වී ඇති සැටියෙන් ගන්නා එකක්. මෙය චිත්‍රපට සහ කලාවේ සෑම අංශයකටම ඉතා වැදගත්.
එස්බී: ඔබ ඩිමොක්රැටික් පක්ෂයෙන් නාමයෝජනා බලාපොරොත්තු වන බර්නි සැන්ඩර්ස් පිලිබඳව සඳහන් කලා. සැන්ඩර්ස් - ඔහු පරාජයට පත් වුනත් - ඇමෙරිකානු තාරුන්‍යයේ විප්ලවවාදී විභවයන් මුදා හල බව, සමාජ වගකීම සඳහා වෛද්‍යවරු (Physicians for Social Responsibility (PSR)) සංවිධානයේ සම-ආදිකර්තෘ, දශක ගනනාවක් තිස්සේ න්‍යෂ්ටික අවිහරනය සඳහා උද්ඝෝෂනයේ යෙදුනු හෙලන් කැල්ඩිකොට් කියා සිටියා. මැතිවරනයෙන් පසු එක්සත් ජනපදය කිසි කලෙක එය පෙර පැවති පරිදි නොතිබෙනු ඇති. ඔබ මේ ඇගැයුම පිලිගන්නවාද?
ඩී.එන්: සැන්ඩර්ස් මේ වාතාවරනය නිර්මානය කලෙත් නෑ, එසේ කිරීම ඔහුගේ අරමුන වුනෙත් නෑ. ඔහු මහලු රැඩිකලෙකුට වැඩි කෙනෙක් නෙමෙයි, ඒ වගේම ඔහුට වාම ඩිමොක්රැටිකයන් සමග සම්බන්ධකම් තියෙනවා. ඔවුන් හොඳින්ම දැනගෙන හිටියා - ”ඇමෙරිකානු දේශපාලනයේ මැක්බත් ආර්යාව” වශයෙන් මා හඳුන්වා ඇති - හිලරි ක්ලින්ටන් පිලිබඳ දැවැන්ත පරිමාන නොසතුටක් පවතින බව. සැන්ඩර්ස් පිලිගත්තා, පක්ෂයට ස්වාධීන වාම දේශපාලන ව්‍යාපාරයක පැනනැඟීමේ විභවය ඩිමොක්රැටික් පක්ෂය හමුවේ මතුව තිබීම පිලිබඳව තමන් කනස්සල්ලට පත්ව සිටින බව. ඔහු දේශපාලන අකුනු සන්නායකයක් වසයෙන් තමන් ඉදිරිපත් කරගත්තේ ඒ නිසයි. ඔහුගේ අරමුන වුනේ මේ නොසතුට පිලිගත හැකි මාර්ග ඇතුලත රඳවාගැනීමයි. ලැබුනු ජනප්‍රිය ප්‍රතිචාරයෙන් ඔහු සම්පූර්නයෙන් අන්දමන්ද වුනා. තමන්ට කම්කරුවන් අතර සහයෝගය දිනාගත හැකි වේ යයි ඔහු කිසි සේත් අපේක්ෂා කලේ නැහැ. කිසි කෙනෙක් මේ විභවය කල් තියා දැක්කෙ නෑ. ඒත් සමාජවාදියෙක් හැටියට මට නිතරම මෙහෙම කියන කම්කරුවෝ මුනගැහෙනවා: ”ඔව්, මම ඔබේ මිනිහට තමයි ඡන්දෙ දෙන්නෙ. මම ඔහුට තමයි”. ඔවුන් ඇත්තටම හිතන්නේ ඔහු ( සැන්ඩර්ස් ) අපේ පක්ෂයේ සාමාජිකයෙක් කියලා.
ඇත්තටම ඔහු ඒ ජාතියෙ කෙනෙක් නෙමෙයි. ඒත් මම විශ්වාස කරනවා සැබෑ සමාජවාදය යනු කුමක්දැයි සොයාගැනීමට ජනතාව වැඩි වැඩියෙන් උනන්දු වනු ඇති බව. ඇමෙරිකානු කම්කරුවෝ විප්ලවය පිලිබඳ අදහසට බය නෑ. මධ්‍යම පන්තිය නම් ඒ ගැන භීතියට පත්වෙලයි ඉන්නෙ. ඒත් කම්කරුවන්ට අපි එක්සත් ජනපදය වශයෙන් හඳුන්වන දෙය, ”හැබෑම එක” අවශ්‍ය වේවි. සත්තකින්ම මෙය නැඟී ආවෙ නැත්නම් ට්‍රම්ප් වගේ හොර වෙදෙක් බලයට ඒමේ අවදානම තියෙනවා. ඒත් ඔහු වත්, සැන්ඩර්ස් ද ඇතුලූ වෙනත් කිසිම අපේක්ෂකයෙක් වත් සැබෑවටම කම්කරු පන්තියට ආමන්ත්රනය කර නැහැ.
ජනතාව දේශපාලනය ගැන බැරෑරුම්ව හිතන්න පටන්ගෙන ඇති බව මම ඒත්තුගෙනයි ඉන්නෙ. ඔබට පුලුවනි, එක්සත් ජනපදය තුල ෆැසිස්ට්වාදය එතරම් ලේසියෙන් බලයට එන්නෙ නැති බව මා ලවා විශ්වාස කරවන්න. ඇමෙරිකානු හිට්ලර් කෙනෙකුට බලය ගැනීම ඒ තරම් සුව පහසු වන එකක් නෑ.
අවුරුදු අටකට පෙර බොහෝ දෙනෙක් තර්ක කලේ, ඇමෙරිකානු කම්කරුවන් වර්ගවාදීන් කියලයි. ඒත් මිලියන සංඛ්‍යාත සුදු කම්කරුවන් අප්‍රිකානු ඇමෙරිකානුවකුට - ඔහු ඔවුන්ගේ අවශ්‍යතාවත් වෙනුවෙන් නැඟී සිටින්නේ නම් - ඡන්දය දීමට සූදානමින් සිටියා, ඔවුන් බැරැක් ඔබාමාට ඡන්දය දුන්නා. කෙසේ වුවත් ඔහු ඔවුන් සම්පූර්නයෙන් කලකිරීමට පත් කර තිබෙනවා. ඔබාමා ඔවුන් වෙනුවෙන් කිසිම දෙයක් කර නැහැ. ඔහු වඩ වඩාත් දකුනට ගමන් කර තිබෙනවා. ඔහු ඞ්රෝන් යුද්ධය ව්‍යාප්ත කරලා. ඔහු ඔවුන්ගේ සෞඛ්‍ය පද්ධතිය බිඳ දමලා. ඒත් ව්‍යාජ වම ඔබාමාට සහාය දෙනවා.
එස්බී: දේශපාලන ඝාතනවල ප්‍රතිඵලයක් හැටියට මතුව ආ කලු විරෝධතා ව්‍යාපාරය සහ වාම බලවේග අතර සන්ධානයක් ගැන ඔබට සිතාගත හැකි ද? සමහර විට බ්ලැක් පැන්තර් ව්‍යාපාරයට සමාන යමක්?
ඩී.එන්: සත්තකින්ම වර්ගවාදය පවතිනවා, ඒත් ඒක, මූලධාර්මිකව ගත් විට පන්ති ප්‍රශ්නයක්. පොලිසිය බොහෝ සුදු තරුනයින් ඝාතනය කරනවා. ”කලු ජීවිත වටිනවා” කියලා ප්‍රකාශ කෙරෙන කොට ”සියලු ජීවිත වටිනවා” කියල කෙනෙක් උත්තර දුන්නොත් ඒ තැනැත්තාට වර්ගවාදියෙක් කියල චෝදනා එල්ල වෙනවා. ඒත් ඒක ඇත්තක් නෙමෙයි. පොලිස් කෲරත්වය පන්ති ප්‍රශ්නයක්. වර්ගවාදය පවතින බව අපි ප්‍රතික්ෂේප කරන්නෙ නෑ, ඒත් වර්ගවාදයේ වෛෂයික පදනම් මොනවාද? එය සේවය කරන්නේ කම්කරු පන්තිය බෙදීම සඳහායි. එය හැම විටම වර්ගවාදයේ අරමුන වුනා. ජර්මනිය තුල යුදෙව් විරෝධයේ අරමුන වුනේ මොකක්ද? එය සමාජවාදයට එරෙහි අවියක් වුනා. හිට්ලර්ගේ මුල්ම චරිතාපදානයන්ගෙන් එකක දී ජර්මානු ලේඛක කොන්රඞ් හෙයිඩන් පැහැදිලි කලා හිට්ලර් යුදෙන්වන්ට වෛර කලේ රොත්ස්චයිල්ඞ් නමැති බැංකුකරුවා නිසා නොව කාල් මාක්ස් නමැති සමාජවාදියා නිසා බව. යුදෙව් විරෝධය යනු පන්ති ප්‍රශ්නයක්.
එස්බී: බොහෝ සරනාගතයින් යුරෝපයට ඇතුලු වීමට වෑයම් කරනවා. යුරෝපා සංගමය කල යුත්තේ කුමක්ද?
ඩී.එන්: මෙය කම්කරු පන්තිය විසින් විසඳාලිය යුතු ප්‍රශ්නයක්. යුරෝපා සංගමය සරනාගතයින් වෙනුවෙන් මොනම දෙයක් වත් කරන්නෙ නෑ. එය යුරෝපා බලකොටුවක් නිර්මානය කරමින් ඉන්නවා. පලමුවෙන්ම කල යුත්තේ යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය වගකිව යුතු යුද්ධ නවතා දැමීමයි. ඔවුන් ඉරාකය විනාශ කලා, ඉන් පසු ලිබියාව, දැන් සිරියාව. මේ හැම යුද්ධයක්ම පටන්ගත්තේ ඔවුන්. සිය දහස් සංඛ්‍යාත සරනාගතයින් ප්‍රමානයක් සිරියාවෙන් එන්නේ ඇයි? ඒ එහි තන්ත්ර මාරුවක් සඳහා ආරම්භ කල යුද්ධයක් පවතින නිසයි. එය විප්ලවයක් නෙවෙයි.
දෙවැනි ලෝක යුද්ධය පිලිබඳ දේශන පවත්වන විට මම නිතරම සිසුන්ගෙන් මෙහෙම අහනවා: නියුරම්බර්ග් නඩු විභාගවල දී නාසි අපරාධකරුවන්ට එරෙහිව ඉදිරිපත් වුනු පලමු අධිචෝදනාව මොකක්ද? බොහෝ දෙනා පිලිතුරු දෙන්නේ නාසීන් නඩුවිභාගයට කැඳවනු ලැබුනේ ඔවුන් යුදෙව්වන් ඝාතනය කල නිසා කියලයි. මෙය නිවැරදි නෑ. නාසීන්ට එරෙහි පලමු චෝදනාව වුනේ ඔවුන් ”සාමයට එරෙහි අපරාධ” සිදු කොට ඇති බවයි. ඒ කියන්නේ, ඔවුන් යුද්ධය දේශපාලන අරමුනු සාක්ෂාත් කරගැනීම සඳහා මාර්ගයක් ලෙස යොදාගත් බවයි. බුෂ් ඒක කලා. ක්ලින්ටන් ඒක කලා. ඔබාමාත් එහෙමයි. ඔවුන් සියලූ දෙනා යුද අපරාධකරුවෝ. සරනාගත අර්බුදයට ඔවුන් වගකිව යුතුයි.
මා කී පරිදි, පලමු කාර්යය විය යුත්තේ යුද්ධ නතර කිරීමයි. එසේම, සියලු දෙනාට ඔවුන් කැමති ඕනෑම තැනක ජීවත් වීමේ අයිතිය තිබිය යුතුයි. සියලු සරනාගතයින්ට සත්කාර සැලසිය යුතු අතර ඔවුන්ට යහපත් ජීවන කොන්දේසි සහතික කර දිය යුතුයි. ඩොලර් මිලියන 10ට වැඩි සියලු පෞද්ගලික ධනස්කන්ධයන් මත සියයට 80ක අධිභාරයක් නියම කිරීම මගින් මෙයටත් වෙනත් සමාජ ප්‍රශ්න සඳහාත් අරමුදල් සපයාගත හැකියි.
එස්බී: නෝර්ත් මහතානනි, මේ සාකච්ඡාවට සම්බන්ධ වීම ගැන ස්තුතියි.
පසු සටහන්:
(1) බර්ලින්හි හම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ නැගෙනහිර යුරෝපීය අධ්‍යයන අංශයේ ප්‍රධානියා වන ජෝර්ජ් බැබරොව්ස්කි ඇඩොල්ෆ් හිට්ලර් සහ නාසි තන්ත්රය වෙනුවෙන් පෙනී සිටින කුප්‍රකට ම ක්ෂමාලාපකයා වන අර්නස්ට් නොල්ට්ගේ ප්‍රමුඛතම ආරක්ෂකයා ය. බැබරොව්ස්කි 2014 පෙබරවාරියෙහි ජර්මනියෙහි දැවැන්ත සංසරනයක් සහිත ඩර් ෂ්පීගල් සඟරාවෙහි පල කෙරුනු සම්මුඛ සාකච්ඡාවක් තුල මෙසේ ප්‍රකාශ කලේ ය: ”හිට්ලර් කුරිරු නො වී ය. ඔහුට යුදෙව් සමූලඝාතනය පිලිබඳ සිය මේසයෙහි දී කතාබහ කිරීමට අවශ්‍ය වූයේ නැත.”
(2) ජෝර්ජ් ලූකාස් (1885 - 1971 ) හංගේරියානු සමාජවාදියෙකි, දාර්ශනිකයෙකි.
(3) කර්ට් ලැන්ඩෝර් (1871-1919) 1890 ගනන්වල ජර්මානු සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන් බිඳී අරාජකවාදී ව්‍යාපාරයේ ප්‍රධාන චරිතයක් ලෙස ඉස්මතු විය.
(4) හර්බට් මාර්කුස් (1898-1979) ෆ්රැන්ක්ෆර්ට් ගුරුකුලයේ ප්රමුඛ නියෝජිතයෙකි. නාසීන් වෙතින් පලා යාමෙන් අනතුරුව මාර්කුස් එක්සත් ජනපදයට පැමින විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු බවට පත් ව, 1960 ගනන්වල ශිෂ්‍ය ව්‍යාපාරයට ආභාසය සැපයූ One Dimensional Man(ඒක මානීය මිනිසා) ඇතුලු කෘති ගනනාවක් රචනා කලේ ය.
(5) ප්‍රසිද්ධියට පත්ව ඇති පරිදි මාර්කුස්, සීඅයිඒ සංවිධානයේ පූර්වගාමියා වූ ඕඑස්එස් සංවිධානය වෙනුවෙන් දෙවන ලෝක යුද්ධය අවධියේදී වැඩ කලේ ය.
Follow us on