International Youth and Students for Social Equality

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය, සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය සහ තරුන ව්‍යාපාරයයි.

යුද්ධය, දරිද්‍රතාවය සහ සමාජ අසමානතාව, ජාත්‍යන්තර ව ආන්ඩු ෆැසිස්ට්වාදය සහ ආඥාදායකත්වය දෙසට වන ධාවනය ආදී 21 වැනි සියවසේ දී මානව වර්ගයා මුහුන දී සිටින සියලු ම දැවැන්ත ගැටලු ධනවාදයේ ප්‍රතිපලයක් බවත් ඒවා විසඳිය හැක්කේ කම්කරු පන්තිය දේශපාලන බලය ලබා ගෙන අව්‍යාජ සමානතාවක පදනම් වූ සමාජවාදයක් පිහිටු වීමෙන් පමනක් බවත් අපි අවධාරනය කරමු.

සසජාතශි වෙබ් අඩවියට පිවිසෙන්න

විශ්වවිද්‍යාලවල පරිහානියට එරෙහි ව ආචාර්යවරු උද්ඝෝෂනය කරති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග හරහා පනවා ඇති දැඩි බදු, ආචාර්යවරු රට හැර යාම, පුරප්පාඩුවලට බඳවා නොගැනීම නිසා ඇති වී තිබෙන ආචාර්ය හිඟය ඇතුලු ගැටලු ගනනාවකට විසඳුම් ඉල්ලා ආචාර්යවරු උද්ඝෝෂනයේ යෙදෙති.

දේහින් වසන්ත

යාපනය විශ්වවිද්‍යාලය අසල බොග්ඩාන් සයිරොටියුක් නිදහස්කර ගැනීමේ උද්ඝෝෂනයේ යෙදුනු සසප සාමාජිකයන්ට පොලිසිය හිරිහැර කරයි

සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයන් බිය ගැන්වීමට දරන උත්සාහය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සහ සියලුම කම්කරුවන්ගේ හා සිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයකි.

අපේ වාර්තාකරුවන්

“බහු-ධ්‍රැවීය ලෝකයක්” පිලිබඳ ව්‍යාජ-වාම මිථ්‍යාවට එරෙහිව ශ්‍රී ලංකාවේ සසජාතශි සාර්ථක ඔන්ලයින් රැස්වීමක් පවත්වයි

රැස්වීම “බහු-ධ්‍රැවීයතාවයේ” ප්‍රතිගාමී දේශපාලනය හෙලිදරව් කල අතර අධිරාජ්‍යවාදී යුද්ධයට සහ ධනවාදී අර්බුදයට එරෙහි ව කම්කරු පන්තියේ සමාජවාදී ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය ඉදිරිපත් කලේ ය.

අපගේ වාර්තාකරු

සසප/සසජාතශි ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීම: කම්කරුවන්ට සහ තරුනයන්ට 2022 මහජන නැගිටීමේ පාඩම්

සසප සහ සසජාතශි විසින් ජූලි 26 ඉරිදා සවස 7.00ට ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමක් පවත්වනු ඇත. එහි දී, වත්මන් ජවිපෙ/ජාජබ ආන්ඩුව සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහි ව වර්ධනය වන අරගල සඳහා 2022 මහජන නැගිටීමෙන් උකහා ගත යුතු දේශපාලන පාඩම් සාකච්ඡා කරනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)