සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

සමාජවාදය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසක් වශයෙන් ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය සංවිධානය කිරීමට සමාජවාදී සමානතා පක්ෂය සටන් වදී. සසප අවධාරනයෙන් යුතු ව කියා සිටින්නේ මානව වර්ගයා මුහුන දී සිටින අසමානතාව, සූරා කෑම, යුද්ධය, ආඥාදායකත්වය, සහ පරිසරය විනාශය ආදි සෑම දැවැන්ත ප්‍රශ්නයක් ම විසඳීමට කම්කරු පන්තික රාජ්‍යයක් ස්ථාපිත කිරීම, ආර්ථිකය ප්‍රජාතන්ත්‍රීය පාලනයකට නතු කිරීම, ජාතික රාජ්‍යය පද්ධතිය අහෝසි කිරීම සහ සමාජ සමානතාවයේ මූලධර්මය මත පදනම් වූ ගෝලීය සමාජවාදී සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය කෙරෙන බවයි.

සසප ලෝක සමාජවාදී ව්‍යාපාරය වන හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අංශයකි. ලෝකය පුරා තම සහෝදර ශාඛා සමග සසප කම්කරු පන්තිය තුල සමාජවාදී නායකත්වය ගොඩනැගීමට සටන් වදී. එය කම්කරු පන්තියේ සියලු ම අරගල ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උදෙසා, පංති පීඩනය සහ අසමානතාව නිමා කරන පොදු දේශපාලන අරගලයක් තුල ඒකාබද්ධ කිරීමට සටන් වදී.

සසප/සසජාතශි ප්‍රසිද්ධ රැස්වීම්: ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයට විරුද්ධ වනු!

රැස්වීම්වලට සහභාගි වී, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලයට එක්වන ලෙස, සියලු ම කම්කරුවන්, තරුනයින්, සිසුන් සහ මේ සම්බන්ධයෙන් උද්‍යෝගිමත් සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිමු.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

1988-90 භීෂන සමයේ දී ජවිපෙ තුවක්කුකරුවන් විකොස සමාජික ග්‍රේෂන් ගීකියනගේ මරාදැමීමෙන් වසර 36 ක්

ජවිපෙ ඉතිහාසය හා එහි දක්ෂිනාංශික ගමන් මග පිලිබඳවත්, ග්‍රේෂන් සහෝදරයා දිවිහිමියෙන් සටන්වැදි විකොස/සසප සමාජවාදී ජාත්‍යන්තරවාදය සදහා වන අරගලයේත් තීරනාත්මක දේශපාලන පාඩම්, වර්තමානයේ ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව අරගලයට පිවිසෙන කම්කරුවන් තරුනයන් හට සුවිශාල වැදගත්කමක් දරයි.

කපිල ප්‍රනාන්දු

පලාත් පාලන මැතිවරනයේදී සසප අපේක්ෂකයින්ට ඡන්දය දෙන්න! යුද්ධයට, කප්පාදුවට සහ ආඥාදායකත්වයට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙලකට සහයෝගය දෙන්න!

කොලොන්නාව සහ කරෙයිනගර්හි වැඩ කරන ජනතාවගෙන් සසප ඉල්ලා සිටින්නේ පපාත් පාලන මැතිවරනයේදී තම අපේක්ෂකයින්ට ඡන්දය දෙන ලෙසයි. අනෙකුත් ප්‍රදේශවල කිසිදු පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම අපි නිර්දේශ නොකරන්නෙමු.

සමාජවාදී සමානතා පක්ෂය

ශ්‍රී ලංකාවේ අගමැතිනි කරෙයිනගර් හි දී දුන් බොරු පොරොන්දු

ජවිපෙ/ජාජබ ආන්ඩුවේ කෙටි වාර්තාව පෙන්වා දෙන්නේ ඔවුන් කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා නොකරනවා පමනක් නොව මූලිකම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පවා පාගා දමන බවයි.

කරෙයිනගර් පලාත් පාලන මැතිවරන අපේක්ෂක ඩිලක්ෂන් මහාලිංගම්
ක්‍රියා මාර්ගික වැඩසටහන, ඉතිහාසය සහ මූලධර්ම

කම්කරු පන්තියේ දැවෙන අවශ්‍යතාවලින් සමාජවාදී සමානතා පක්ෂයේ ක්‍රියාමාර්ගය ආරම්භ වෙයි. සසප ඉල්ලීම් සහ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේ ධනවාදයට “දැරිය හැක්කේ-වියදම් කල හැක්කේ” කොයි පමනකට ද යන්නෙන් නොව, කම්කරු පන්තියටත් අපගේ සංකීර්න ගෝලීය සමාජයටත් ඕන කර ඇත්තේ කොපමනින් ද යන්න මත පදනම් වී ගෙන ය.

සසප ඉදිරිපත් කරන ඉල්ලීම් සමාජවාදී විප්ලවයේ අරමුනුවලින් වෙන් වූ ඒවා නොවේ; සෑම ඉල්ලීමක් ම ඒවායේ ස්වභාවයෙන් ම සංස්ථාපිත ප්‍රභූ පැලැන්තියේ ද්‍රව්‍යමය වුවමනාකම්වලට අභියෝගයක් එල්ල කරයි. තමන්ගේ යුක්ති යුක්ත ඉල්ලීම්වලට සංගතවලත් ධනපති රාජ්‍යයේත් ප්‍රතිරෝධයට ප්‍රතිමුඛ වන කම්කරු ජනතාව සමාජය විප්ලවීය පරිවර්තනයකට ලක් කිරීමේ අවශ්‍යතාව වඩ වඩාත් විශද ව හඳුනා ගනු ඇත.

සසපයේ ක්‍රියාමාර්ගය ප්‍රතිපත්තිමය වන අතර එය සංසන්ධිමය හෝ තත්කාර්යවාදී ස්වභාවයක් දරන්නේ නැත. එය ලෝක ධනවාදී අර්බුදය ගැන විශ්ලේෂනයක් මතත්, කම්කරු පන්තියේ මූලෝපායික විප්ලවවාදී අත්දැකීම් මතත්, ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරය මතත් පදනම් වෙයි.

2011 දී, කොලඹ දී, පවත් වනු ලැබූ සසප ආරම්භක සම්මේලනයේ දී, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික සහ ජාත්‍යන්තර පදනම් ලියවිල්ල ඒකමතික ව සම්මත කර ගනු ලැබුනි. මෙම ලියවිල්ල කම්කරු පන්තියේ සමස්ත ඓතිහාසික අත්දැකීම් මත පදනම් ව, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ කේන්ද්‍රීය වැදගත්කම අවධාරනය කරමින්, දකුනු ආසියානු කම්කරු පන්තියේ මූලෝපායික අත්දැකීම්වල පාඩම් ගොනු කර දක්වයි.

සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකත්වය එහි පදනම් ලියවිල්ලේ අන්තර්ගත මූලධර්මවලට එකඟ වීම මත පදනම් වෙයි. සසප මූලධර්ම විසි වැනි සියවසේ විප්ලවවාදී නැගිටීම් තුල දී, ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය වෙනුවෙන් මාක්ස්වාදීන් දියත් කල අරගලයෙන් ලත් තීරනාත්මක අත්දැකීම් අන්තර්ගත කර ගනී.

ශ්‍රී ලංකාවේ සසපයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් ලියවිල්ල කියවන්න
නායකත්වය
අපගේ ශිෂ්‍ය සහ තරුන ව්‍යාපාරය: සසජාතශි

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය සහ තරුන ව්‍යාපාරයයි. එය ශිෂ්‍යයන් සහ තරුනයන් සාමය, සමානත්වය, කම්කරු පන්තියේ අයිතීන් සහ සමාජවාදය සඳහා ඒකාබද්ධ කිරීමට සටන් කරයි.

සසජාතශි ගැන වැඩිදුර