ආසියානු සුනාමි ව්‍යසනය: හේතු සහ ප්‍රතිවිපාක ලෝක සමාජවාදී වෙබ්‌ අඩවියේ හා සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රසිද්ධ රැස්වීමක්‌ කොලඹදී

ආසියානු සුනාමිය ඉන්දුනීසියාවේ, ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ, තායිලන්තයේ සහ තවත් රටවල ජීවිත 200,000කට වඩා බිලි ගෙන, ඉනික්බිතව දැවැන්ත විනාශයක් ශේෂ කර ඇත. සුනාමිය ස්වභාවික හේතුවක් නිසා හට ගත්තා වුව ද ව්‍යසනයේ පරිමාව කිසිදු අයුරකින් නොවැලැක්විය හැකි දෙයක් නොවී ය.

ප්‍රශ්න ගනනාවක් පැහැදිලිව ම පැන නගී: කල් තියා අනතුරු ඇඟවීමේ පද්ධතියක් නොතිබුනේ ඇයි? ස්වභාවික ව්‍යසනයන්ගෙන් ආරක්ෂා වීමට කිසිදු විධි ක්‍රමයක් නොමැති අතිශයින් ම අනතුරුදායක ප්‍රදේශවල දශ ලක්ෂ සංඛ්‍යාත ජනයා ජීවත් වන්නේ ඇයි? ව්‍යසනයෙන් දිවි ගලවා ගත්තවුන්ට සහන සැපයීමේ වැඩ කටයුතු මෙතරම් අවුල් වියවුල් සහගත හා සීමිත ස්වභාවයක් ගෙන ඇත්තේ මන්ද? මෙම ප්‍රශ්න පිලිබඳ යම් බැරෑරුම් විභාගයක් යොමු වන්නේ, ලාභ ගරන ක්‍රමයේ ම ස්වභාවය තුල පවත්නා, ව්‍යසනයට යටින් දිවෙන සමාජ හා දේශපාලන මූලයන් ගැන කෙරෙන පරීක්ෂාවකට යි.

ආරම්භයේ දී ම ආපදාව ගැන නොතකා සිටි ලොව පුරා ආන්ඩු දැන් උත්සාහ කරන්නේ තමන්ගේ ම ආර්ථික හා මූලෝපායික අවශ්‍යතා උදෙසා එය ගසාකෑමට යි. එක්සත් ජනපදය “මානවහිතවාදී සහන” සැපයීමේ වෙස් මුහුනට මුවා වී වියට්නාම් යුද්ධයෙන් මෙපිට කලාපය තුල පැවති සිය විශාලතම නාවික බල ඇනිය එම ප්‍රදේශවලට එවා ඇත. එක්සත් ජනපද හමුදා ශ්‍රී ලංකාවට හා ඉන්දුනීසියාවට ගොඩ බැස තිබේ. මෙහි ප්‍රධාන නැව් මාර්ග ඔස්සේ මූලෝපායික මැදිහත්වීමක් සඳහා පෙන්ටගනයට දිගු කලක් තිස්සේ අභිලාෂයන් පවතී.

කොලඹ පාලනය සම්බන්ධයෙන් ගත් කල, ව්‍යසනය එක්සත් ජනතා නිදහස් සන්ධාන (එජනිස) ආන්ඩුවේ දේශපාලන අර්බුදය උත්සන්න කර තිබේ.

සාමාන්‍ය මහජනතාවට සිවිල් යුද්ධයෙන් හා සමාජ කාලකන්නි භාවයෙන් තොර අනාගතයක් වෙනුවෙන් කිසිදු බල ාපෙ ාf ර ාත ්තුවක ් ස ැපයීමෙහි ල ා අපොහොසත්ව සිටින ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විවෘත ආඥාදායක පියවර යුක්තියුක්ත කරනු වස් සුනාමි ව්‍යසනය යොදා ගනී. හදිසි නීති රෙගුලාසි පැනවීමට සහ සහන කටයුතුවල පාලනය මිලිටරියට භාර දීමට අමතරව, ඇය දැන් යෝජනා කරන්නේ ව්‍යවස්ථාව පසෙකට දමා සියලු මැතිවරන වසර පහකට කල් දැමීමට යි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා සමාජවාදී සමානතා පක්ෂය කොලඹ දී පවත්වන රැස්වීම සුනාමි ව්‍යසනයට යටින් පවත්නා ඓතිහාසික හා දේශපාලන ග ැටලු ස ාකච්ඡ ා කරමින ් දරිද්‍රත ාවට , සම ාජ අසමානතාවට හා යුද්ධයට එරෙහිව සමාජවාදී විකල්පය ඉදරිපත් කරනු ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සහ සමාජවාදී සමානතා පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජික කේ. රත්නායක රැස්වීමේ ප්‍රධාන වාර්තාව ඉදිරිපත් කරනු ඇත.

දිනය හා වේලාව: පෙබරවාරි 1 දා සවස 4.30 ස්ථානය: කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය

[මෙය 2005 ජනවාරි 25 වැනි දින The Asian tsunami disaster: causes and consequences යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

Loading