[මෙම ලිපිය No new anti-socialist laws! Defend the SGP against the German secret service! යන මැයෙන් 2021 ඔක්තෝබර් 27 වැනි දින පල වූ ලිපියේ පරිවර්තනයයි.]
නොවැම්බර් 18 දා, බර්ලින් පරිපාලන අධිකරනය ජර්මනියේ ෆෙඩරල් ජනරජයට එරෙහිව සමාජවාදී සමානතා පක්ෂය (ජර්මනිය) (සෝෂියලිස්ටිෂෙ ග්ලයිකයිට්ස්පාටි, එස්ජීපී) හි නඩුව විභාග කිරීමට පටන් ගනු ඇත. රහස් ඔත්තු සේවයේ නිරීක්ෂනවලට යටත් වීමට එරෙහිව සහ එහි වාර්ෂික වාර්තාවේ “වාම අන්තවාදී” ලෙස නම් කිරීමට එරෙහිව එස්ජීපී ය තමන්ව ආරක්ෂා කිරීමට මෙම නඩුව ගොනු කර ඇත.
නඩුව අත්‍යසාමාන්‍ය වැදගත්කමක් දරයි. එස්ජීපී නිරීක්ෂනයට ලක් කිරීමේ පදනම තුල, ෆෙඩරල් ආන්ඩුව බිස්මාක් ගේ සමාජවාද විරෝධී නීති සහ නාසීන්ගේ ගෙසිනිංස්ට්‍රිෆ්‍රැට් (අදහස් සම්බන්ධයෙන් නීතිමය නඩු පැවරීමේ) සම්ප්‍රදායන් තුල සෘජුවම අනුගමනය කරන, ගෙසිනිංස්ජස්ටිස් (මතය මත පදනම් වූ යුක්තිය) යුක්ති සහගත කරයි. මාක්ස් සහ එංගල්ස් පිලිබඳ සෑම ධනාත්මක සඳහනක්ම, මිලිටරිවාදය සහ යුද්ධය පිලිබඳ සෑම විවේචනයක්ම, සහ සමාජය පිලිබඳ සෑම පන්ති විශ්ලේෂනයක්ම පවා ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශ කරනු ලැබේ.
මෙය යොමු වන්නේ එස්ජීපී යට එරෙහිව පමනක් නොවේ. වසංගතයේ 'ජීවිතයට පෙර ලාභ' ප්‍රතිපත්ති ධනවාදයේ බංකොලොත්කම වඩ වඩාත් හෙලිදරව් කරන විට, වැඩි වැඩියෙන් කම්කරුවන්ගෙන් වැටුප් සොරකම්වලට සහ සේවයෙන් නෙරපා හැරීම්වලට එරෙහිව අරගලයක් ගෙන යද්දී සහ බිහිසුනු මිලිටරි ගොඩනැගීමට එරෙහි විරෝධය වර්ධනය වන විට, සමාජ අසමානතාවයේ දැවැන්ත මට්ටම් පෙන්වා දෙන සහ ධනවාදය අහෝසි කිරීම සඳහා තර්ක කරන සියල්ලන් බිය වද්දා නිහඬ කල යුතුය. එස්ජීපී යට එරෙහිව වර්ධනය කෙරුනු ප්‍රජාතන්ත්‍ර විරෝධී තර්ක බොහෝ කලක සිටම අනෙකුත් වාමාංශික කන්ඩායම්වලට එරෙහිව භාවිතා කර ඇත.
ජර්මානු ආන්ඩුව විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල කරන මෙම මූලික ප‍්‍රහාරය දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කල යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන සහ අන්ත දක්ෂිනාංශයට විරුද්ධ වීමට අවශ්‍ය සියලු දෙනාගෙන්, change.org හි එස්ජීපී පෙත්සමට අත්සන් කරන ලෙස අපි ඉල්ලා සිටිමු. #DefendSGP හැෂ් ටැගය සමඟ සමාජ මාධ්‍යවල සහයෝගී ප්‍රකාශන, පින්තූර සහ වීඩියෝ පල කරන්න.
ෆෙඩරල් ආන්ඩුවට තහනම් කිරීමට අවශ්‍ය කුමක්ද?
රහස් ඔත්තු සේවය විසින් ප්‍රථම වරට එස්ජීපීය 'වාම අන්තවාදී' ලෙස හැඳින්වූයේ 2018 ගිම්හානයේදී එහි වාර්ෂික වාර්තාවේ ය. එය පක්ෂයට කිසිදු අපරාධ හෝ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාකාරකමක් සිදු කරන බවට හෝ සැලසුම් කරන බවට චෝදනා නොකල අතර, නීත්‍යානුකූල ක්‍රම මගින් තම අරමුනු හඹා යන බව පැහැදිලිව ම තහවුරු කලේය. එය සමාජවාදී වැඩපිලිවෙලක් වෙනුවෙන් පෙනී සිටීම සහ ධනවාදය විවේචනය කිරීම යන පදනම මත පමනක් එස්ජීපීය සෝදිසිය යටතේ තැබීම සාධාරනීයකරනය කලේ ය.
2019 ජනවාරි මාසයේදී එස්ජීපී ය විසින් නීතිමය පැමිනිල්ලක් ගොනු කල විට, ෆෙඩරල් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පිටු 56ක ලිඛිත ප්‍රතිචාරයක් දැක්වීය. මෙය නීතිමය ලියවිල්ලක් නොව, සමාජවාදයට එරෙහි කෝපාවිෂ්ඨ චෝදනාපත්‍රයක් විය. එස්ජීපීය ලේඛනය පුලුල් ලෙස විශ්ලේෂනය කර එහි ප්‍රජාතන්ත්‍ර-විරෝධී තර්කනය ඉස්මතු කලේ ය, එයට අනුව හුදෙක් “ප්‍රජාතන්ත්‍රවාදී, සමානතාවාදී, සමාජවාදී සමාජයක් සඳහා අරගලය” ව්‍යවස්ථා විරෝධී විය.
'සමාජ පංති අනුව සිතීම' සහ 'සමගි කල නොහැකි, එකිනෙකාට විරුද්ධ තරඟකාරී පන්ති වල පැවැත්ම පිලිබඳ විශ්වාසය' වැනි දේ පවා පාලනය කල යුතු බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය තර්ක කලේය. සමාජ අසමානතාවයේ දැවැන්ත ම ඓතිහාසික මට්ටම් සහ ජීවිතයට පෙර ලාභය තබන කුරිරු කොරෝනා වෛරස් ප්‍රතිපත්ති හමුවේ, පන්ති දේශපාලනය පිලිබඳ කවර හෝ සඳහනක් සාපරාධීකරනය කල යුතුය.
මාක්ස්, එංගල්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි හෝ ලක්සම්බර්ග් පිලිබඳ ඕනෑම ධනාත්මක සඳහනක් ව්‍යවස්ථාවට එරෙහි ප්‍රහාරයක් ලෙස ප්‍රකාශ කරනු ලැබේ. ඒ සඳහා, ආන්ඩුව 'ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මූලික පර්යායට එරෙහිව කරන වැඩ කටයුතු' පිලිබඳ සම්පූර්න ලයිස්තුවක් සකස් කර ඇත. මේවාට “‘ධනවාදය’ පෙරලා දැමීම සහ සමාජවාදය ස්ථාපිත කිරීම සඳහා වන ඉල්ලීම,” “චූදිත ‘අධිරාජ්‍යවාදයට’ සහ ‘මිලිටරිවාදයට’ එරෙහිව උද්ඝෝෂන” මෙන්ම “ජාතික රාජ්‍යයන් සහ යුරෝපා සංගමය ප්‍රතික්ෂේප කිරීම” ද ඇතුලත් වේ.
ඒ අතරම, අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ධනවාදය පෙරලා දැමීම අරමුනු කරගත් සංයුක්ත ක්‍රියාමාර්ග වලට නඩු පැවරීමට සීමා වී නැත. “ප්‍රසිද්ධ රැස්වීම් පැවැත්වීම, දේශන පල කිරීම සහ මැතිවරනවලට සහභාගි වීම” වැනි ක්‍රියාකාරකම් පවා සමාජවාදී අදහස් ප්‍රචාරය කිරීමට සේවය කරන්නේ නම් ව්‍යවස්ථා විරෝධී ක්‍රියාකාරකම් වේ.
මතවාද පදනම්ව (Gesinnungsjustiz) නඩු පැවරීම නීත්‍යානුකූල කිරීම මගින් ජර්මානු ආන්ඩුව, බිස්මාර්ක්ගේ සමාජවාදී විරෝධී නීතිවල පදනම වූ සහ නාසීන්ගේ විලෙන්ස්ට්‍රාෆ්‍රැච් (Willensstrafrecht) තුල සිය තියුනුම ප්‍රකාශනය අත් කරගත් ප්‍රජාතන්ත්‍ර-විරෝධී සම්ප්‍රදායක් තුල ස්ථානගත වෙමින් සිටී. හිට්ලර්ගේ තුන්වන රයිකය සෑම දේශපාලන විරුද්ධවාදියෙකුම අකර්මන්‍ය කිරීමට, ඔවුන් රැඳවුම් කඳවුරුවලට ඇද දමා මරා දැමීමට, මොන යම් ම හෝ සංයුක්ත ක්‍රියාවක හෝ නොයෙදෙන අය පවා වරදකරුවන් කිරීමට වඩ වඩා කටයුතු කලේ ය.
දක්ෂිනාංශික කුමන්ත්‍රනය නවතා දමනු!
ජර්මානු පාලක පන්තිය එවන් ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ෆැසිස්ට් සම්ප්‍රදායන් වෙත නැවත පැමිනීම බරපතල අනතුරු ඇඟවීමකි. දක්ෂිනාංශික හා අන්ත-දක්ෂිනාංශික ප්‍රවනතා වර්ධනය වෙමින් පවතින්නේ, හිතාමතාම සිදුකරන මහ පරිමාන කොවිඩ් 19 ආසාදනය, සමාජ අසමානතාවය සහ යුද්ධය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සමග නොගැලපෙන බැවිනි. ට්‍රම්ප්ගේ ජනවාරි 6 කුමන්ත්‍රන ප්‍රයත්නය, කූ දෙතාවකට බොල්සොනාරෝගේ සූදානම සහ ස්පාඤ්ඤයේ මිලිටරි කුමන්ත්‍රනය මෙම දිශාවට සිදු වූ තර්ජනාත්මක වර්ධනයන් වේ.
මෙම ප‍්‍රවනතා විශේෂයෙන් ම පැන නැගී ඇත්තේ ධනවාදය වෙනුවෙන් මානව ඉතිහාසයේ විශාලතම අපරාධ සිදු කල රට වන ජර්මනියේ ය. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද රහස්‍ය සේවා වාර්තාව සහ නීති සංග්‍රහය, රාජ්‍ය යාන්ත්‍රනය තුල වූ අන්ත දක්ෂිනාංශික කුමන්ත්‍රනයක නිෂ්පාදන වේ. මෙය මහජන මතය බිය ගැන්වීමත්, ධනවාදය, ජාතිකවාදය, අධිරාජ්‍යවාදය, මිලිටරිවාදය සහ ජර්මනිය සඳහා ෆැසිස්ට්වාදී විකල්පය (ඒඑෆ්ඩී - ඕල්ටර්නේටිව් ෆෝ ඩොයිෂ්ලෑන්ඩ්) යනාදියට එරෙහි විරෝධය 'වාමාංශික අන්තවාදී' සහ 'ව්‍යවස්ථා විරෝධී' ලෙස සාපරාධීකරනය කිරීමත් ඉලක්ක කර ඇත.
2017 රහස්‍ය සේවා වාර්තාව සම්පාදනය කරන ලද්දේ එවකට ඒජන්සි ප්‍රධානියා වූ හෑන්ස්-ගෙයෝග් මාසෙන් විසින් ඒඑෆ්ඩී හි නායකයින්ගේ සමීප මග පෙන්වීම් යටතේ බව බොහෝ කලක සිට දන්නා කරුනකි. මාසෙන් ගේ ඉතා විවෘත දක්ෂිනාංශික අන්තවාදී ප්‍රකාශ නිසා ඔහු වෙනුවට දිගු කලක් ඔහුගේ උප ප්‍රධානියා ලෙස සේවය කල තෝමස් හෝල්ඩන්වෑන්ග් පත් කිරීමට බල කෙරුනද, ඔහුද එම ගමන දිගටම ගෙන ගියේය.
බන්ඩෙසැම්ට් ෆර් වර්ෆැශිංෂස් (Bundesamt für Verfassungsschutz - ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා වූ ෆෙඩරල් කාර්යාලය, රහස් සේවය ලෙස හැඳින්වේ) වසර ගනනාවක් තිස්සේ නව-නාසි ක්‍රියාකාරකම් සමඟ සමීපව සම්බන්ධ වී ඇති අතර, එය රහසිගත ක්‍රියාකාරීන්ගේ පුළුල් ජාලයක් හරහා මුදල් සම්පාදනය සහ මෙහෙයවීම සිදු කරයි. සංක්‍රමනිකයන් නව දෙනෙකු සහ පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමට වගකිව යුතු නව-නාසි ත්‍රස්ත කල්ලියක් වන ජාතික සමාජවාදී රහස් සංවිධානය (එන්එස්යූ) අසරේ බුද්ධි අංශ එවැනි නියෝජිතයින් 40 දෙනෙකු ස්ථාපිත කර ඇත.
වාමාංශික කන්ඩායම් ගැන සෙවිල්ලෙනුත් එම කන්ඩායම්වල අදහස් නිසා ඔවුන් අපකීර්තියට පත් කරනමිනුත් සිටින ආරක්ෂක සේවා හමුදාවේ සහ පොලිසියේ බොහෝ අන්ත දක්ෂිනාංශික ත්‍රස්ත ජාලයන්ට සෙවන සපයයි. එම ජාල ආයුධ සන්නද්ධ වෙමින් සහ දේශපාලන විරුද්ධවාදීන්ගේ ලැයිස්තු සකස් කරමින් සිටින්නේ තම විරුද්ධවාදීන් පැහැර ගැනීමටත් මරා දැමීමටත් ය. හල (Halle) සහ හනවු හි ත්‍රස්තවාදී ප්‍රහාරවලින් සහ ප්‍රමුඛ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනඥයා වන වෝල්ටර් ලුබ්කෙ ගේ ඝාතනයෙන් පසුව පවා, මෙම ජාලයන්හි නායකයින්ට ඔවුන්ගේ සංවිධාන ව්‍යුහයන් වෙනස් නොකර නිදැල්ලේ සිටීමට හැකිව තිබේ.
එස්ජීපී ය ආරක්ෂා කරනු!
එස්ජීපීය, රහස් ඔත්තු සේවයේ ඉලක්කය බවට පැමින ඇත්තේ එය මිලිටරිවාදයේ වර්ධනයට හා දේශපාලන සංස්ථාපිතයේ දැවැන්ත දකුනට හැරීමට විරුද්ධ වන නිසාත් වැඩකරන ජනතාව අතර වූ පුලුල් විරුද්ධත්වයට ප්‍රකාශනයක් ලබා දීමට උත්සාහ කරන නිසාත් ය. එය රාජ්‍ය යාන්ත්‍රනයේ දක්ෂිනාංශික කුමන්ත්‍රනය හෙලිදරව් කර ඇති අතර සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා කම්කරු පන්තිය තුල සටන් කරයි.
එහෙත් එස්ජීපීයට එරෙහි ප්‍රහාරය සෑම ප්‍රගතිශීලී ව්‍යාපාරයකටම ද එල්ල වේ. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සාර්ථක වුවහොත් එය භයානක පූර්වාදර්ශයක් නිර්මානය කරනු ඇත. සමාජ අසමානතාවයට, පරිසර විනාශයට, රාජ්‍ය මර්දනයට, මිලිටරිවාදයට සහ ධනේශ්වර සමාජයේ සෑම පිලිලයකටම එරෙහිව සටන් කරන සියල්ලන් ඉලක්ක කර ගැනීමට මෙය යොදා ගත හැකිය. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නෛතික ලියවිල්ලේ තර්කයට අනුව එවැනි ප්‍රහාර වර්ජක කම්කරුවන්ට, මාක්ස්වාදී සාහිත්‍ය අලෙවි කරන පොත් සාප්පුවලට, විචාරශීලී කලාකරුවන්ට, මාධ්‍යවේදීන්ට සහ බුද්ධිමතුන්ට එරෙහිව එල්ල කල හැකිය.
එස්ජීපීයට එරෙහිව ලියවිල්ල තුලින් ගොඩනැගුනු තර්ක දැනටමත් අනෙකුත් වාම කන්ඩායම් වලට එරෙහිව ඉදිරිපත් වෙමින් පවතී. නිදසුනක් වශයෙන්, වාමාංශික පුවත්පතක් වන යුන්ග වෙල්ට් (Junge Welt) නිරීක්ෂනය පිලිබඳව වාම පක්ෂය විසින් මැයි මාසයේදී සභාගත කරන ලද පාර්ලිමේන්තු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින්, ආන්ඩුව තම ක්‍රියාවන් යුක්ති සහගත කලේ, එම පුවත්පත මාක්ස් සහ එංගල්ස් වෙත යොමු වෙමින් සමාජ පන්ති වල පැවැත්ම පිලිගෙන ඇති බවත් සඳහන් කරමිනි. එතැන් පටන් බොහෝ වාමාංශික කන්ඩායම්, ෆැසිස්ට් විරෝධී සංවිධාන සහ 'එන්ඩ ගෙලන්ඩේ' (Ende Gelände) පාරිසරික කන්ඩායම නිරීක්ෂනවලට ලක් කර රහස් සේවා වාර්ෂික වාර්තාවට ඇතුලත් කර ඇත.
මෙම ගෙසිනිංස්ජස්ටිස් (මතය මත පදනම් වූ යුක්තිය) රූපාකාරය වහාම නතර කල යුතුය! ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරනන්ගෙන් සහ අන්ත දක්ෂිනාංශයේ අන්තරායට විරුද්ධ සියලු දෙනාගෙන් ජර්මානු රහස් ඔත්තු සේවයේ මෙම ප්‍රහාරයට එරෙහි වෙමින් එස්ජීපී ය ආරක්ෂා කරන ලෙස අපි නැවතත් ඉල්ලා සිටිමු. එස්ජීපී ය සහ අනෙකුත් සියලුම වාම කන්ඩායම්, රහස් ඔත්තු සේවය මගින් නිරීක්ෂනය කිරීම වහා නවතා දැමිය යුතු අතර, ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රන සඳහා තෝතැන්නක් වන මෙම ආයතනය විසුරුවා හැරිය යුතුය.
change.org හි ඔන්ලයින් පෙත්සම අත්සන් කරන්න! #DefendSGP හැෂ් ටැගය සමඟ සමාජ මාධ්‍යවල සහයෝගී ප්‍රකාශන, පින්තූර සහ වීඩියෝ පල කරන්න.