සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෝ දින කිහිපයක් බන්ඩාරවෙල ඒස්ලැබී වත්තේ, මල්වත්ත සහ කුරුකුදේ කොටස්වල ද, අසල්වැසි කම්කරුවන් අතර ද මැදිහත්වෙමින් ඔවුන් මුහුන දෙන සමාජ කොන්දේසි පිලිබඳව පුළුල් සාකච්ඡාවක නිරත වූහ. පුද්ගලීකරනයට පෙර වත්තේ, කුරුකුදේ කොටසේ කම්කරුවන් 200 වඩා සේවය කර ඇත. දැන් එම සංඛ්‍යාව 80 දක්වා අඩුකර තිබේ. වත්තට වල් නාශක සහ පොහොර නිසි කලට නො යෙදීම නිසා එය වල් බිහි වී ඇත. තමන් විසින් ම ඒවා සුද්ද කරගෙන , දුෂ්කර කොන්දේසි යටතේ වැඩ කරන බව කම්කරුවෝ පවසති.
සෙසු වතු කම්කරුවන් මෙන් ම, ඔවුන් ජීවත් වන්නේ ද නිසි වාතාශ්‍රය, ඉඩකඩ, වැසිකිලි හා පිරිසිදු පානීය ජලය ඇතුළු මුලික සෞඛ්‍ය පහසුකම් නැති පැරනි ලයින් කාමරවලය. අසනීපයක දී වෛද්‍ය ප්‍රතිකාර සඳහා කිලෝමීටර් 7 දුර ගෙවාගෙන බන්ඩාරවෙල හෝ කිලෝ මීටර් 30 ක දුර පිහිටි බදුල්ලේ රෝහල් කරා යායුතු ය. දරුවන්ට ප්‍රමානවත් තරම් අධ්‍යාපන පහසුකම් නැත. තරුන ජනයාගෙන් බහුතරය රැකියා සොයා බන්ඩාරවෙල, කොලඹ ආදී ප්‍රධාන නගරවලට ද ඇතැමුන් විදේශ රටවලට ද සංක්‍රමනය වී ඇත.
තාවකාලික කම්කරුවන්ට දෛනික වැටුප ලැබෙනුයේ නෙලන තේ දළු ප්‍රමානය අනුවය. කිලෝවකට රුපියල් පනහකි. ඒ අනුව රුපියල් 1000 උපයා ගන්න කිලෝ 20 නෙලිය යුතුය. එහෙත් පුරන් වීමට ඉඩහැර ඇති තේ පඳුරු වලින් එවන් ප්‍රමානයක් නෙලිය නොහැකි බව ද ඒ නිසා දෛනිකව ලැබෙන වැටුප රුපියල් 1000 ට වඩා අඩු බවද කම්කරුවෝ කීහ. ජීවන වියදම අහස උසට නගින කොන්දේසි තුල ලැබෙන සොච්චම් වැටුප ප්‍රමානවත් නොවන හෙයින් අහාර වේල් ගනන සහ ප්‍රමානය අඩුකිරීමට ද පෝෂ්‍යදායි අහාර මිල දී ගැනීමෙන් වැලකී සිටීමට ද සිදු වී තිබේ.
සසප සාමාජිකයන් සමග කතා කල කම්කරුවන් ප්‍රකාශ කලේ ඔවුනට කිසිවක් ලබා දීමට ආන්ඩුව හෝ සමිති නායකයන් උත්සාහය නොදරන බැවින් ඒ කිසිවෙකුගෙන් වැඩක් නොමැති බවයි.
තමන් මුහුන දී සිටින දුෂ්කර කොන්දේසි ගැන සසප සාමාජිකයන් ට විස්තර කල ඔවුහු ධනපති පන්ති ආන්ඩුවල සහ වතු සමාගම් වල ඒජන්ත සංවිධාන ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති කෙරෙහි කෝපය ප්‍රකාශ කලහ.
54 වියැති සරස්වතී ජීවත් වන්නේ තම විවාහක පුතෙකු සමඟ ඒස්ලැබි වත්තේ මල්වත්ත කොටසෙහි ලයින් කාමරයක ය. 1997 අසනීප වූ නිසා වත්තේ වැඩට යාම නවතා දැමූ ඇය සුවය ලැබූ පසු ගමේ කුඩා වතුවල එදිනෙදා වැඩට යන්නට පටන් ගෙන ඇත. දරු මුනුබුරන් සමඟ යම් තරමකින් හෝ කා බී ගත කල ජීවිතය, බඩු මිල ඉහල යාමෙන් බිඳ වැටුනු ආකාරය ඇය විස්තර කලා ය.
“අද උදේ ලොකු මුනුබුරා ට මැගී නූඩ්ල්ස් පැකට් එකක් ගෙයි තිබිලා හදල දුන්න ඉස්කෝලේ ගෙනියන්න. ඒක දැක්ක පොඩි ලමයත් නූඩ්ල්ස් ඉල්ලලා අඬන්න පටන් ගත්ත. වෙනදට කඩේට දුවල තවත් එකක් එයාටත් ගෙනල්ල දෙනවා. සල්ලි නැති නිසා ලමයව අඬවන්න සිද්ධ වුනා. අපේ කෑම දැන් හොඳට ම අඩුවෙලා. දැන් හාල්මැස්සෙක් වත් කන්නෙ නැහැ.
“වෙනද එලවළු ග්‍රෑම් 500ක් ගෙදරට ගෙනත් උයන් කෑව. දැන් 250ක් ගෙනත් අපි පස්දෙනා බෙදාගෙන කනවා. කෑම අඩුයි. තුන් වේල ම කන්න බැහැ. මේ වත්තෙ හුඟක් අය කන්නෙ දෙවේලයි. නැත්නම් එක වේලයි. මට තේරෙනව දැන් මට ශක්තියක් නැති බව. වැඩ කරන්න අමාරුයි. කොච්චර අමාරු වුනත් වැඩට නො ගිහින් බැහැ. අපිට මේ විධියට ජීවත් වෙන්න බැහැ. අපි හැමෝ ම එකතුවෙලා කරන දේකට මාත් එනවා” යැයි සරස්වතී පැවසුවාය.
තවත් කම්කරු කාන්තාවක් වන පරිමලා ගේ සැමියා 1993 දී මියගොස් ඇත. “මහත්තය නැති වුනාට පස්සෙ දරුවන් හදා හදාගත්තේ අමාරුවෙන්. 10වෙනිදට පඩියයි 25 වෙනිදට ඇඩ්වාන්ස් එකයි අරගෙන ලමයි තුන් දෙනෙක්ගෙ එදිනෙදා බස් ගාස්තු, කෑම, ඉස්කෝලෙට ඕන දේවල් දෙන්න බැරි නිසා 2015 දි ගමේ වතු වල දවසෙ පඩියට වැඩට යන්න පටන් ගත්තා.
“හවසට අතට ලැබෙන රුපියල් 1000න් ජීවත් වෙන එක හරිම අමාරුයි. දැන් ලමයින් ගේ වයස 24 ,21 ,19 යි. රක්ෂා නැහැ. අපේ ප්‍රශ්න කවුරුවත් විසඳන්නෙ නැති බව දැන් හොඳට ම තේරෙනවා. ආන්ඩුව වත් වත්තෙ තලවර්ල වත් (වෘත්තීය සමිති නායකයන්) මේව විසඳන්නෙ නැහැ. අපිම විසඳගන්න ඕන”
කම්කරුවන්ට තමන්ගේ අයිතීන් වෘත්තීය සමිති තුලින් දිනා ගත නොහැකි බවත් ඒ සඳහා වෘත්තීය සමිතිවලින් ස්වාධීනව කම්කරුවන්ගේ ප්රජාතන්ත්රවාදී චන්දයෙන් තෝරාපත්කර ගනු ලබන කම්කරු ක්‍රියාකාරී කමිටු තුල සංවිධානය වීමේ අවශ්‍යතාවය සසප සාමාජිකයෝ ඇයට පැහැදිලි කලහ. එවන් ක්‍රියාකාරී කමිටුවකට සම්බන්ධවීමට කැමති බව පරිමාලා කීවාය.
චන්ද්‍ර කුමාර පාසල් අවදියේ සිට සසප ගැන දන්න කෙනෙකි . ඔහු කටාරයේ වසර 10ක් රැකියාවක නියුතු ව සිට මෑත දී ලංකාවට පැමින ඇත.
සසප සාමාජිකයන් යලි මුන ගැසීම ගැන ඔහු බෙහෙවින් සතුටු විය. ඔහු මෙසේ පැවසීය: “මේ ලඟ ලයින් කාමරයක හිටපු මුස්ලිම් කෙනෙක් කිව්වා. කට්ටියක් ඇවිල්ල මේ වතු විකුනනව, දළු කඩන්න මැෂින් ගේනව, මිනිස්සුන්ට රස්සා නැති වෙනව කියල. අපි ඒවට හිනා වුනා. ඒ මිනිස්සු කියපු කතා ඔක්කොම ඇත්ත වුනා කියල එයා කිව්වා” යැයි පවසමින් ඔහු සසප සාමාජිකයන් සමග සාකච්චාවට එක්විය.
“ඕනකම තියනවනං ඕන දෙයක් කරන්න පුළුවන්. මම ඕගොල්ලන්ට උදාහරනයක් කියන්නම්. මම වැඩ කරපු කොම්පැනියෙ ලංකාවේ කෙනෙකුට හිටියෙ මං විතරයි. අපෙන් වැඩ ගන්න ලොක්කො අපිට බනිනව. අපිට කිසි දෙයක් තේරෙන්නෙ නැහැ. ඉන්දියාවෙ ඉඳල වැඩට ආ කෙනෙක් “ඇයි අර විදියට බනින කොට ඔයාල හිනා වෙන්නෙ. ඔය බනින්නෙ නරක වචන කියල” මට එදා හිතුන ඒ භාෂාව ඉගෙන ගන්න. මං පටන් ගත්තා වචනෙන් වචනෙ ඉගෙන ගන්න. ඒ වගේ ඔයාලගේ පොත්වල තියන කරුනු ටික ටික ඉගෙන ගත්තොත් කම්කරුවන්ට දිනන්න පුළුවන්. මං ඉගෙන ගන්න පටන් ගන්නවා' යැයි ඔහු උද්යෝගයෙන් සඳහන් කලේ ය.
කම්කරු පන්තියේ සහ ගම්බද දුගීන්ගේ සමාජ සහ ප්රජාතන්ත්රවාදී අයිතීන් සඳහා සටන් කරන සමාජවාදී දේශපාලන ව්‍යාපාරයකට පදනම දමන කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ප්රජාතන්ත්රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප ගෙන යන උද්ඝෝෂන පිලිබඳව සසප සහෝදරවරු පැහැදිලි කිරීමෙන් අනතුරුව ඒ සඳහා සහයෝගය දීමට ඔහු පොරොන්දු විය.
රානී, මල්වත්ත කොටසේ ම කම්කරු කාන්තාවකි. මව, පියා සහ දරුවන්ට ආහාර සපයා දෙන්නෙ ඉතා අසීරුවෙන් බව ඇය කීවාය: “දරුවෙක් ලැබුනහම දරුවට කිරි දෙන්න අම්ම දෙන්නෙකුට කන්න ඕන. නැත්තං ලමයට කිරි නෑ. ඒ දවස්වල කිරි දෙන අම්මල කිරි දුන්නනේ හොඳට කාලා. දැන් අම්මල ට කන්න නැතුව කොහොම ද කිරි දෙන්නෙ? එක ගෙදරක ලමයි දෙතුන් දෙනෙක් ඉන්නව. අම්ම නො කා ලමයින්ට තියෙන දෙයක් කවනවා. පෝෂනය ඕන ලු ලමයින්ට, කිරි දෙන අම්මලට. දැන් පෝෂනයක් නෙමෙයි තියෙන්නෙ බඩගින්නක්” යැයි රානී කෝපයෙන් කීවා ය. “මං දැන් අවුරුදු 25ක් විතර ඔය පක්ෂෙ ගැන දන්නවා. ඒ දවස්වල රැස්වීම්වලටත් ආව. එදා කියපු දේවල් ඇත්ත. අපි ආයිත් කතා කරමු' යි ඇය පැවසුවාය.
සසප සාමාජිකයෝ ඒස්ලැබි වත්තේ මල්වත්ත කොටස අසල පදිංචි සිංහල කම්කරුවන් හා ගෘහනීන් ද හමුවූහ. තමන් මුහුන දෙන ප්‍රශ්න ගැන කතා කල ඔවුහු ආන්ඩුවට මෙන් ම විපක්ෂය ට ද ඒවාට විසඳුමක් සම්පාදනය කල නොහැකි බව පැවසුහ.
බන්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ ලිපිකාරිනියක් මෙසේ පැවසුවාය: “දැන් අපි වගේ මිනිස්සුන්ටත් අමාරුයි. මේ ප්‍රශ්නවලට ජේවීපී එක ආවත් විසඳුමක් නැහැ. කාටවත් විසඳන්න බැරි බව තේරෙනව. “කම්කරුවන්ගේ හා ගම්බද පීිඩිත ජනතාවගේ සම්මේලන ලියවිල්ල” කියවීමේ අවශ්‍යතාව සහ පක්ෂය වර්ධනය කිරීමට දේශපාලන දැනුවත්භාවයේ අවශ්‍යතාව සසප සාමාජිකයන් පැහැදිලි කල විට “හැමදාම ගෙනත් දෙන ලිපි අපි කියවනවා. ඔය පැහැදිලි කිරීම එක්ක කියවන්න හිතුන. කියවල තේරෙන කොට, අපිටත් තව කියවන්න ආස හිතෙයි. මේක කියවල අපි ආයිත් කතා කරමු” යැයි ඇය සඳහන් කලා ය.
පනංගල ගමේ කුඩා බේකරි හිමියෙක් වන නලීන් මෙසේ කීවේය: “ඒ දවස්වල 'කම්කරු මාවත' පත්තරේ,'ලෝක සමාජවාදී වෙබ් විමර්ශන' සඟරාව කියෙව්ව. ඒවගෙ කියපුව දැන් ඔක්කොම ඇත්ත වෙලා. මට ලිපි එවන්න. අපි කතා කරමු. දැන් නම් අපි එකතු වෙලා වැඩ කරන්න ම ඕන.”
කුසුම් රත්නායක, ගෘහනියකි. ගෝඨාභය රාජපක්ෂ සහ ඔහු ගේ ආන්ඩුවට විරුද්ධ අරගලයට සම්බන්ධ වූ බවත් නමුත් එයින් පලක් නොවූ බවත් ඇය සඳහන් කලා ය. “අපි අරගලයටත් ගියා. වැඩක් නැහැ. ජීවත් වෙන අරගලේ මිනිස්සු ඉන්නෙ. මගෙ මහත්තය විතරයි රස්සාවක් කරන්නෙ. නය ගෙවාගෙන, දරුවන්ට උගන්වල, හොඳට කාල බීල හිටිය. බිත්තර ගැන විතරක් කිව්වොත්, අපි ඉස්සර බිත්තර 50ක් ඉවර වෙන කොට තව පනහක් ගෙනල්ල දරුවො දෙන්නයි අපි දෙන්නයි කෑව. දැන් බිත්තර 20ක් ගෙනත් ලමයින්ට විතරක් දෙනව. හැදෙන ලමයින්ට පෝෂනය ඕන. මේ වතුවල මිනිස්සුන්ට නම් මොනවත් ම නැහැ. අපි වත්ත අයිනෙ ම ඉන්න නිසා හොඳට දන්නව ඒ මිනිස්සු ජීවත් වෙන අමාරුව” යැයි ඇය පැවසුවා ය.
'අරගලය' නමින් හඳුන්වන මහජන නැගිටීම අසාර්ථක වූයේ, වෘත්තීය සමිති සහ ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය, විපක්ෂයේ අන්තර්කාලීන ධනපති ආන්ඩුවක ඉල්ලීමට කම්කරු පන්තිය යටත් කොට පාවාදීමනිසා බවත් සසප පමනක් ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත කම්කරු පන්තිය බලමුළු ගැන්වීමට සටන් කල බවත් සසප සහෝදරවරු ඇයට පැහැදිලි කල හ.
කම්කරු පන්තිය තුල පවතින්නේ අරගලයට බියක් නොව වෘත්තීය සමිති සහ ව්‍යාජ වම්මුන්ගේ පාවාදීමට එරෙහිව විකල්ප විප්ලවවාදී ඉදිරිදර්ශනයක් නැතිකම නිසා ඇතිවී තිබෙන ව්යාකුලතාවය බව වැඩි වැඩි දුරටත් පැහැදිලි කල සසප සාමාජිකයෝ ධනේශ්වර ආන්ඩු වල ප්‍රහාරවලට එරෙහිව ශ්‍රී ලංකාවේ සහ ගෝලීයව වර්ධනය වන පන්ති අරගලය ගැන ද ඇයට විස්තර කලහ. ලෝසවෙ අඩවියේ චිශ්ලේෂන හදාරන ලෙස ද ඔවුහු ඇයගෙන් ඉල්ලා සිටියහ. ඊට එකඟ වූ ඇය සසප වැඩපිලිවෙල ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට කැමති බව සඳහන් කලා ය.