ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත, ඡන්ද විමසීමකින් තොරව, ජූලි 9 වෙනිදා, පාර්ලිමේන්තුව විසින් සම්මත කෙරුන අතර, කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ජූලි 23 වෙනිදා අත්සන් තබා එය බලාත්මක කෙරුනි. සංශෝධිත පනත විදුලි සංදේශ සේවාව තුල 'වඩා තරඟකාරී හා සාධාරන' වෙලඳපොලක් නිර්මානය කිරීමට ද, සැටලියිට් සහ ජාත්‍යන්තර විදුලි පනිවුඩ රැහැන් ශ්‍රී ලංකාවේ ගොඩබිමට සම්බන්ධ කිරීමට සහ කලමනාකරනය කිරීමට ද, විදුලි සංදේශ සේවා 'සැපයුම්කරුවන්' ලෙස විදේශ සමාගම්වලට බලපත්‍ර සම්පාදනය කිරීමට ද අවශ්‍ය නෛතික පදනම සකසයි.
'වඩා තරඟකාරී හා සාධාරන' වෙලඳපොලක් නිර්මානය කිරීම සඳහා දේශීය සහ විදේශීය විදුලි සංදේශ සේවා සැපයුම්කරුවන් ට බලපත්‍ර ලබා දීම මෙතෙක් සහනදායි මහජන සේවයක් ලෙස පැවතුන රාජ්‍ය විදුලි සංදේශ සේවාව පුද්ගලීකරනය සඳහා ගනු ලබන පියවරකි.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස්වලින් සියයට 44.98 විදේශිය සමාගවල ට විකිනීම හරහා විදුලි සංදේශ සේවාව දැනටමත් පාර්ශවීය වශයෙන් පුද්ගලීකරනයට ලක්කොට ඇත. නව පනත යටතේ ඉතිරි සියයට 49.5 කොටස් ද විකිනීමට නියමිතය.
වික්‍රමසිංහ ආන්ඩුව දැනටමත් බිලියනපති ඉලෝන් මස්ක් ගේ ටෙල්සා සමාගමට ස්ටාර්ලින්ක් සේවාව සඳහා බලපත්‍ර ලබා දීමට තීන්දු කර ඇති අතර ඉන්දියාවේ විශාලතම ජංගම දුරකථනය ජාල ක්‍රියාකරුවන් වන ජියෝ ෆැලැට්ෆෝම්ස්, හොංකොං හි ෆෝචූන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්මන්ට් හෝල්ඩින් යන සමාගම් ද ඒ සඳහා ඉදිරිපත් වී සිටිති.
ජූලි 23 පාර්ලිමේන්තු කථානායක විසින් පනත බලාත්මක කිරීමෙන් අනතුරුව, 25 වෙනිදා, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඉදිරිපිට උද්ඝෝෂනයක් කල ටෙලිකොම් සමිති පෙරමුන අනතුරුව ටෙලිකොම් ආයතනය පුද්ගලීකරනය නොකරන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලා සිටින සංදේශයක් ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දෙන ලද්දේ එවන් තතු තුලය.
මෙම උද්ඝෝෂනයට කැඳවා තිබුනේ බස්නාහිර පාලාතේ ටෙලිකොම් ප්‍රාදේශීය කාර්යාලවල සේවකයන් 600 ක පමන සුලු පිරිසකි. වරුවක් නිවාඩු දමා උද්ඝෝෂනය ට සහභාගී වන ලෙස සමිති නාකයන් විසින් ඔවුන්ට දනු දී තිබුනි. ජනාධිපති ලේකම් කාර්යාලය ට සංදේශය භාරදීමෙන් පසුව පැමිනි සමිති නායකයෝ, සංදේශය භාරගත් බවත්, ජුලි 26 ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවකින් පසුව ජනාධිපති සමග සාකච්ඡාවක් ලබා දෙන බවට පොරොන්දු වූ බවත් සාමාජිකයන් ට පැවසුහ.
සංදේශය භාරදීමට දීමට පෙරාතුව සාමාජිකයන් ඇමතු සමිති නායකයෝ සුපුරුදු පරිදි 'ජයග්‍රහනය කරන තුරු අරගලය ඉදිරියට ගෙන යන' බවට කයිවාරු ඇද බෑහ. ශ්‍රී ලංකා ටෙලිකොම් සියලු සේවක සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ පැවසුවේ ටෙලිකොම් ආයතනය විකිනීම දූෂිත ගනුදෙනුවවක් බැවින් ආන්ඩුව එය නතර කලයුතු බවයි. ' ටෙලිකොම් විකිනීමට එරෙහි සටන තීව්‍ර වෙමින් පවතිනවා. තව තවත් සේවකයෝ එකතු වෙමින් ඉන්නවා. අපි වෘත්තීය සමිති ලෙස තීරනය කරලා තියෙනවා ඕනෑම කැපකිරීමක් කරලා ටෙලිකොම් ආයතනය ආරක්ෂා කරගැනීමට. ඒ වෙනූවෙන්, යැයි අපි වසර දෙකක් ගෙනගිය සටන් තීව්‍ර කරන්න සිද්ධ වෙලා තියෙනවා' ඔහු සඳහන් කලේ ය.
ආන්ඩුව ටෙලිකොම් ආයතනය විකුනුවොත් ඔවුන්ගේ 'මැතිවරන ව්‍යාපාරයම අවුල් කරන තැනට ටෙලිකොම් සේවකයන් සහ ටෙලිකොම් ආයතනයට ආදරය කරන සියලු පාරිභෝගිකයින් සහ මේ රටේ ජනතාව ප්‍රමුඛ කරගෙන කටයුතු කරන' බව ට ඔහු ආන්ඩුවට පුහු තර්ජනයක් ද කලේ ය.
සත්‍යය නම් 2023 අප්‍රේල් මාසයේ 3 වෙනිදා ටෙලිකොම් කම්කරුවන් 6000 සම්බන්ධ වූ වර්ජනයත් ඇතුලුව පුද්ගලීකරනය ට එරෙහිව පසුගිය වසර දෙක පුරා පැන නැගුන ටෙලිකොම් කම්කරුවන්ගේ අරගල සියල්ල ම සමිති නායකයන් විසින් ආන්ඩුවට බලපෑම් දැමීමේ නිෂ්ඵල උද්ඝෝෂනවලට කොටුකර පාවා දෙනු ලැබූ බවයි.
අධිකරනය මගින් ආන්ඩුවේ පුද්ගලීකරන වැඩපිලිවෙල නතර කල හැකි බවට සාමාජිකයන් තුල මිත්‍යාවක් වපුරමින් ටෙලිකොම් සමිති නායකයන් විසින් ගොනු කරන ලද පෙත්සම් දෙකක් අභියාචනාධිකරනය විසින් 2023 ජූලි 15 ඉවත දැමිය.
ඉන් පසුව සතොස කම්කරුවන් 300 දොට්ට දැමීමට සහ විදුලිබල මන්ඩලය සහ රක්ෂන සංස්ථාව පුද්ගලීකරනයට එරෙහිව වෘත්තීය සමිති විසින් ගොනු කරන ලද පෙත්සම් ද ඒ අයුරින් ම අධිකරනය විසින් ඉවත දමන ලදී.
සතොස කම්කරුවන් දොට්ට දැමීමට එරෙහි පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරන තීන්දුවේ මෙසේ සඳහන් විය:
“නීත්‍යානුකූලභාවයේ සහ සාධාරනත්වයේ සීමාවන් තුල ආන්ඩුවේ ප්‍රතිපත්ති පවතිනතාක්, ආර්ථික කටයුතුවලදී, විශේෂයෙන් අර්බුදකාරී කාලයන්හි දී, විධායක බලයට ගරු කිරීමේ වැදගත්කම පිලිගනිමින් මෙවන් නඩු වලදී ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට මැදිහත් නොවීමේ මූලධර්මය අධිකරනය විසින් තහවුරු කර ඇත.' ඒ අනුව, අධිකරනය 'විධිමත් දැනුම්දීමක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කලේය.
එහි තේරුම ධනේශ්වර ආන්ඩුවට මෙන් ම ධනේශ්වර අධිකරනය ට ආයාචානා කිරීමෙන් පුද්ගලීකරනය හෝ රැකියා විනාශය නතර කල නොහැ කි බවයි.
ජුලි 25 උද්ඝෝෂනයේ දී සාමාජිකයන් ඇමතු තවත් සමිති නායකයෙකු වන ටෙලිකොම් විදුලි ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමයේ සභාපති ගයාන් ධම්මික මෙසේ පැවසිය: 'ආයතනය විකුනන්න යන ආරංචිය එක්ක මේ අරගලය 2023 සිට පටන් ගත්ත. එම අරගලයේ ප්‍රථිඵලයක් ලෙස විකිනීම පමා කිරීමට යම්කිසි හැකියාවක් ලැබුනා. එය වෘත්තීය සමිතිවල ජයග්‍රහනයක් මෙන්ම ටෙලිකොම් සේවකයන්ගේ ජයග්‍රහනයක්. ආයතනය බේරා ගැනීම සඳහා සියලුම දේශපාලන පක්ෂ වල මන්ත්‍රීවරුන් හමුවෙලා කරුනු පැහැදිලි කලා.'
ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට සම්බන්ධ පොදුජන ප්‍රගතිශීලි සංගමයේ ලේකම් නලින්ද හෙට්ටිආරච්චි ගේ කථාවේ දී වෘත්තීය සමිති සහ ආන්ඩුව අතර කෙරෙන ගනුදෙනුව ගැන එලිදරව් විය. 'ඔයාල හොදට දැනගන්න. මේක විකුනන කොමිටිය (රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරන ඒකකය - එස්ආර්යූ) එක්ක ගුරුසිංහ සහෝදරයා, රෝහන සහෝදරයා, මහේෂ් සහෝදරයා අපි සියලු දෙනාම ගිහිල්ලා අරලියගහ මන්දිරයේ එස්ආර්යූ එකේ සාකච්ඡා කාමරේ වතුර බිබී පැය හතර පහ සාකච්ඡා කරලා අපි කිව්වා මේක විකුනන්නේ නැතිව දියනු කරන හැටි. රෝහන සහෝදරයා කිව්වා දෙන්න වෘත්තීය සමිති වලට මේක හදන හැටි කියල දෙන්නම් කියලා. අපි අභියෝග කරලා ආවා. සුරේෂ් ෂා කියන චෞරයා එක්ක.'
පුද්ගලීකරනයේ දී වන්දි ගෙවා ටෙලිකොම් සේවකයන් දොට්ට දැමීම සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම් නිකුත් කර ඇති චක්‍රලේඛයක් ගැන ද ඔහු එහිදී සඳහන් කලේ ය. ඒ අනුව වන්දි වශයෙන් ලැබෙන්නේ උපරිම රුපියල් ලක්ෂ 15 ක් සහ අවමය ලක්ෂ 5 ක් වන සොච්චමකි. වෘත්තීය සමිති අවසන් වශයෙන් ටෙලිකොම් සේවකයන් තල්ලු කරනු ඇත්තේ එම සොච්චම් වන්දිය පිලිගෙන රැකියාවෙන් ඉවත් වන තැන ට ය.
ටෙලිකොම් ඇතුලු රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියමයන් පරිදි වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට දමන කප්පාදු වැඩපිලිවෙලේ කොටසකි. පුද්ගලීකරනය ට එරෙහි අරගලය ජාමූඅ කප්පාදු වැඩපිලිවලට කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් වියයුතු අතර එය වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයකි.
ඇත්ත වශයෙන් ම ටෙලිකොම් සමිති පෙරමුන මෙන් ම පොදුවේ සියලුම වෘත්තීය සමිති පුද්ගලීකරනයට හෝ සමස්තයක් ලෙස ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධ නැත. ඔවුන්ගේ විරුද්ධත්වය ' පාරදෘශ්‍ය භාවයකින් තොරව', 'කුනුකොල්ලයට' හා 'විදේශීය' ආයෝජකයන් ට විකිනීම ගැනයි. ඔවුන්ගේ තවත් තර්කයක් වන්නේ විදුලිබල සහ ටෙලිකොම් වැනි ආයතන විදේශීය ආයෝජකයන් ට විකිනීම 'ජාතික ආරක්ෂාවට' අනතුරක් බවයි. ඔවුන් උත්සුක වන 'ජාතික ආරක්ෂාව' යනු ධනපති රාජ්‍යයේ ආරක්ෂාව මිස මහ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධ කාරනාවක් නොවේ.
පාරදෘශ්‍යභාවය සහිතව, වැඩි මිලට සහ දේශීය ආයෝජකයන් ට විකිනුව ද, නැත හොත් ධනපති ආන්ඩුව අතේ තිබුන ද කම්කරුවන්ගේ රැකියා හෝ සෙසු අයිතීන් ආරක්ෂා නොවන අතර මහජන සේවාවන් ලෙස ද ඒවා තවදුරටත් නො පවතිනු ඇත.
ලෝක ධනාවාදයේ ගැඹුරු වන්න වූ අර්බුදයේ කොටසක් ලෙස පෙර නොවූ විරු අර්බුදයක ගිලි සිටින ශ්‍රී ලංකාවේ වික්‍රමසිංහ ආන්ඩුව ප්‍රමුඛ ධනපති පාලක පන්තියට ජාමූඅ නියමයන් හරහා ක්‍රියාවට දැමෙන කප්පාදු වැඩපිලිවෙල තුලින් අර්බුදයේ සමස්ත බර කම්කරු-පිඩිත ජනයා මත පැටවීම හැර වෙනත් විකල්පයක් නැත.
ජනාධිපතිවරනය ඇතුලු ඉදිරි මැතිවරන වලින් කවර ආන්ඩුවක් බලයට පැමිනිය ද එම වැඩපිලිවෙලේ වෙනසක් නැත. සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන විසින් මෙහෙයවන ජාතික ජන බල වේගය ජාමූඅ වැඩ පිලිවෙල ක්‍රියාවට දමන බව දැනටමත් සඳහන් කර ඇති අතර වික්‍රමසිංහ ආන්ඩුවට නො අඩු රුදුරු භාවයකින් එය ක්‍රියාව ට ද දමනු ඇත.
ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ට එල්ල කෙරෙන ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරු පන්තිය තුල පවතින දැවෙන උවමනාව සහ අධිෂ්ඨානය මෑත සතිවල වැටුප් ඉල්ලීම් මත සහ පුද්ගලීකරනයට එරෙහිව පැන නැගුන රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ සහ ගුරුවරුන්ගේ අරගල වලින් පෙන්නුම් කෙරුනි. ගුරු-විදුහල්පතිවරු 240,000 ක් ඇතුලුව රාජ්‍ය අංශයේ මිලියනයක ට අධික කම්කරුවෝ මෙම අරගල වලට සහභාගී වූහ.
එහෙත් ඒවා එම අරගල ආන්ඩුවට බලපෑම් දැමීමේ නිස්සාර සහ සීමිත උද්ඝෝෂනවලට කොටුකර විසුරුවා හල වෘත්තීය සමිති දැන් මැතිවරන ව්‍යාපාරයට යටත් කොට කම්කරුවන්ගේ අරගල වලට ඇබ ගසා සිරකොට ඇත. වෘත්තීය සමිති ක්‍රියාත්මක වන්නේ කම්කරුවන්ට එරෙහි කාර්මික පොලිසියක් ලෙසයි.
වෘත්තීය සමිති තුලින් තව දුරටත් කම්කරුවන් ට තම අයිතින් රැකගත නොහැකිය. එහෙයින් තම අයිතීන් සඳහා අරගලය සංවිධානය කිරීමේ වගකීම කම්කරුවන් තමන් අතට ගත යුතුය. ඒ සඳහා සියලු ධනපති පක්ෂ සහ වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ස්වාධීනව කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ක්‍රියාකාරී කමිටු සෑම ආයතනයකම, වැඩපොලකම සහ වතුයායකම පිහිටුවා ගැනීම අවශ්‍ය වේ.
පුද්ගලීකරනය ඇතුලු ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කර කම්කරුවන්ට තම අයිතීන් තහවුරු කර ගත හැක්කේ, එම ක්‍රියාකාරී කමිටුවල ඒකාබද්ධතාවයෙන්, වික්‍රමසිංහ ආන්ඩුව ප්‍රමුඛ ධනපති පන්ති පාලනය ට එරෙහි ව, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනි. එම අරමුන සහිත දේශපාලන මහ වැඩවර්ජනයක් සූදානම් කිරීමට සමාජවාදී සමානතා පක්ෂය සටන් වදී.