ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන් පරිදි ක්‍රියාවට දමන කප්පාදු පියවරයන්ට එරෙහි ව සටන් කිරීම සඳහා කම්කරු පංතිය දේශපාලනික ව සංවිධානය කරනුවස්, සමාජවාදී සමානතා පක්ෂය (සසප) ගෙනයන වැඩකටයුතුවල කොටසක් ලෙස, එහි සාමාජිකයෝ විවිධ ක්ෂේත්‍රයන්හි කම්කරුවන් අතර මැදිහත් වෙමින්, ජාමූඅ ප්‍රහාර ඔවුන්ගේ ජීවන හා සේවා කොන්දේසි කෙරෙහි බලපා ඇති අයුරු සහ එම ප්‍රහාර පරාජය කිරීමේ වැඩපිලිවෙල පිලිබඳව විස්තීර්න සාකච්ඡාවන්හි යෙදී සිටිති.
'ජවිපෙ/ජාජබ ආන්ඩුවේ රුදුරු කප්පාදුවලට එරෙහි ව කම්කරු පන්තිය බලමුලු ගන්වනු!' මැයෙන්, 2025 මාර්තු 14 දා සසප නිකුත් කල ප්‍රකාශය කම්කරුවන් අතර බෙදා හරිමින්, එය මත පදනම්ව කෙරෙන මෙම සාකච්ඡාවන්ට කම්කරුවන් අතරින් උද්යෝගිමත් ප්‍රතිචාර ලැබෙමින් පවතී.
ඉහත සසප ප්‍රකාශයෙහි සඳහන් කෙරී ඇති පරිදි, ජනාධිපති අනුර කුමාර දිසානායක ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල ගැන යලි සාකච්ඡාකර සහනගෙන එන බවට වැඩකරන ජනයාට බොරුකියා බලයට පැමින, දැන් එම වැඩපිලිවෙල අකුරටම ක්‍රියාත්මක කරමින් සිටී.
ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල මගින්, 'රාජ්‍ය-පුද්ගලික හවුල් සමාගම් ලෙසට රාජ්‍ය ව්‍යවසායන් පරිවර්තනය කරමින් පුද්ගලීකරනයට පාර කපනු ඇත. ශ්‍රමය හා අනෙකුත් සම්පත් සූරාකෑම හරහා, ජාත්‍යන්තර ආයෝජකයන්ට ලාභ සූරා ගැනීමට ඉඩ ලබා දෙනු වස්, රාජ්‍ය අංශය බිඳ දැමීම ජාමූඅහි මූලික විධානයකි. මිලියන භාගයකට අධික රැකියා විනාශ කිරීම, වැටුප් කපා දැමීම හා සූරාකෑම තීව්‍ර කිරීම සහ වැඩ කරන ජනයා තව දුරටත් දුගී භාවයට ඇද දැමීම මෙම වැඩපිලිවෙල මගින් ජනිත කරනු ඇතැ' යි ප්‍රකාශය පෙන්වා දෙයි.
මාර්තු 26 වෙනි දින කොලඹ ප්‍රධාන තැපැල් හුවමාරුයේ කම්කරුවන් අතර කෙරුනු උද්ඝෝෂනයේදී මෙම කරුනු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරුනි.
ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන් අනුයමින් පසුගිය අනූප්‍රාප්තික ආන්ඩු ක්‍රියාත්මක කරන ලද කප්පාදු වලට අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ විවිධ අංශ පෞද්ගලික සමාගම්වලට පැවරුනි. විශ්‍රාම යන කම්කරුවන් වෙනුවෙන් පුරප්පාඩු නොපිරවූ තතු යටතේ එක් අතකින් සේවකයන්ගේ වැඩබර වැඩි වී ඇති අතර, අනෙක් අතින් ස්ථිර කම්කරුවන් සතු අයිතීන් අහිමි කෙරුනු, අනියම් සහ ආදේශක කම්කරුවන් වැඩෙහි නිරත කරනු ලැබ ඇත.
දඩයමට ලක්වෙතැයි යන භීතිය හේතුවෙන් නම හෙලි නොකල එක් තරුන ආදේශක කම්කරුවෙක් තම රැකියා සහ ජීවන කොන්දේසිවල රුදුරු ස්වභාවය දීර්ඝව පැහැදිලි කලේය.
ගම්පහ සිට දිනපතා රුකියාවට පැමිනෙන ඔහු වසර හතරක් අනියම් සහ ආදේශක කම්කරුවකු ලෙස සේවයේ යෙදී සිටිය ද මෙතෙක් ස්ථිර කර නැත. “ඉස්සර දින 180 කින් ස්ථිර කරනවා, දැන් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ“ යී ඔහු පැවසීය.
ඔහුගේ සාමාන්‍ය මාසික වැටුප රුපියල් 28,000 කි. එය ගනනය කෙරෙන්නේ, මූලික දෛනික වැටුප වන රුපියල් 1,260 ට තවත් සොච්චම් දීමනා කීපයක් එකතු කිරීමෙන් පසු මුලු දෛනික වැටුප රුපියල් 1,560 ක් වන පදනම මතය. වැඩ සතිය දින හයක් වුවද සමහර දිනවලට වැඩ නොලැබේ. වැඩ ලැබෙන්නේ සේවකයකු නිවාඩු ගිය අවස්ථාවක පමනක් වන අතර, සමහර දිනවල එවන් අවස්ථා නොමැති බැවින් ආපසු හැරී නිවෙස් බලා යාමට සිදුවේ. පෙබරවාරි මස ඔහුට වැඩ ලැබී ඇත්තේ දින විස්සක් පමනි. පසුගිය වසර හතර පුරා ඔහුගේ උපරිම මාසික වැටුප රුපියල් 32,000 කට යන්තම් වැඩි ප්‍රමානයකි.
අනියම් කම්කරුවෙකු බැවින් ඔහු කිසිදු වෘත්තීය සමිතියක සාමාජිකත්වය නොදරයි.
තම රැකියාව ස්ථිර කිරීම් ඇතුලුව වඩාත් යහපත් ජීවන කොන්දේසි ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් පසුගිය මැතිවරනවලදී ජාජබ/ජවිපෙ ආන්ඩුවට ඡන්දය දුන් බව ඔහු පැවසුවේය.
'ආන්ඩුව අයවැයෙන් රුපියල් 15,000 ක් වැඩි කරාට එය ලැබෙන්නෙ අවුරුදු තුනක් ගතවන පියවර තුනකින්. අප්‍රේල් මාසේ පන්දාහක් වැඩිවෙනවා. ඒත් රුපියල් 5,000, 25 න් බෙදුවම දවසකට වැඩි වෙන්නෙ රුපියල් 200 ක් විතරයි. මේක ඡන්ද ගන්න කරපු වැඩක්. සීසන් ටිකට් එකට වියදමත් මෝටර් සයිකලයට වියදමත් අඩුවුනාම රුපියල් 25,000 යි මට ඉතිරි වෙන්නෙ. අවුරුදු තුනකින් පඩිය රුපියල් 15000 කින් වැඩි වුනත් ඊට හරියන්න බඩු මිල ගනන් යනවා.'
ජාමූඅ විධානයන් අනුව සිදු කෙරෙන පෞද්ගලීකරනය ගැන කතා කරමින් ඔහු මෙසේ කීවේය: 'ඒක හොඳ වැඩක් නෙමේ. ඔක්කොම රජයේ සේවකයන්ට ඒක බලපානවා. මැතිවරන කාලෙදි අනුර කුමාර මේව කිවුවෙ නෑ. අනුර කුමාර, රනිල් වික්‍රමසිංහගෙ වැඩපිලිවෙලම තමයි ගෙනියන්නෙ. ජාමූඅ රටවල් වලට නය දීලා ඊට පස්සෙ දේවල් ගන්න තමයි බලන්නෙ. ජාමූඅ රටවල් නගා හිටවනවා කියන එක මම විශ්වාස කරන්නෙ නෑ.'
ජාමූඅ කප්පාදු යටතේ තමාගේ වැඩබර වැඩි වනු ඇතැයි පවසමින් ඔහු මෙසේ කීවේය: “රැඳී සිටිය යුතු වෙන වෙලාව වැඩිවෙයි, අපි වැඩ කරන්නේ උදේ 8 සිට සවස 4 දක්වා. ඒත් අනාගතයේදී හවස 6 විතර වෙයි වැඩ ඉවර වෙද්දී. දීමනාවන් නැතිවෙයි. නිවාඩු දැන් 45ක් තියෙනවා. ඒවාත් නැතිවෙයි. නිල ඇඳුම් සපත්තු නැතිවෙයි. අතිකාල නැතිවෙයි.'
තමා වෘත්තීය සමිතියක නොමැති වුව ද ඒවයේ භූමිකාව ගැන දන්නා බව පැවසූ ආදේශ කම්කරුවා සඳහන් කලේ, 'යම් ප්‍රශ්නයක් පැන නැගුනු විට ස්ට්‍රයික් එකක් කරලා සමිති නායකයින් ලකුනු දාගන්නයි බලන්නේ. මෙච්චර කාලෙකට ප්‍රශ්න විසඳිලා නැහැ. ලඟදිත් වර්ජනයක් කලා. මහත්තුරු කියනව අපිට වැඩට එන්න කියලා. වෘත්තීය සමිති කට්ටිය කියනවා යන්න එපා කියලා. ස්ථිර නැති අපි තමයි තැලෙන්නේ.“ තමා වැනි අනියම් සේවකයින් ඕනෑම මොහොතක පරිපාලනය විසින් නෙරපා හැරීමේ තර්ජනය ඇති බවද ඔහු පැවසුවේය.
ජනාධිපති දිසානායකගේ ආර්ථික උපදේශක සහ ලංකා වානිජ මන්ඩලයෙහි සභාපති වන දුමින්ද හුලංගමුව රාජ්‍ය රැකියාවලින් 550,000ක් කපා දැමිය යුතු බව ඉදිරිපත් කරන ලද යෝජනාව ගැන ඔහු පැවසුවේ 'ඒක පවුල් ලක්ෂ ගානක් මහපාරට ඇදල දාන වැඩක්' බවයි.
අනතුරුව සසප ප්‍රකාශයේ එන පහත කොටස් සම්බන්ධයෙන් සාකච්ඡාව යොමු විය.
'සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු! සමාජ සුභසාධන වැඩසටහන් වර්ධනය කිරීමටත්, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවාව ප්‍රසාරනයටත් මෙම අරමුදල් යොදාගත යුතු ය!
'නිෂ්පාදනය හා බෙදාහැරීම, කම්කරුවන්ගේ හා දුගීන්ගේ යහපත පිනිස ප්‍රතිසංවිධානය කිරීම සඳහා, සියලු බැංකු, මහා සමාගම් හා වතු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගැනීමට කම්කරුවන් සටන් කල යුතු ය. දැන් ආර්ථිකය ධාවනය කෙරෙන්නේ සුලුතරයකගේ ලාභ අවශ්‍යතාව සඳහා ය.'
ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනක් ඉහත ඉල්ලීම් සාක්ෂාත් කලහැකි වන බවත් ඒ සඳහා වන සටන ඉදිරියට ගෙන යාමේදී වෘත්තීය සමිති නිලධරයෙන් සහ ධනපති පක්ෂවලින් ස්වාධීන වූ කම්කරුවන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගාගතයුතු බවත් එහිදී පැහැදිලි කෙරුනි.