ශ්‍රී ලංකාවේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය (සසජාතශි) විසින් ජූලි 8 බදාදා සවස 7.00ට, “ලෝක යුද්ධය, අධිරාජ්‍යවාදය සහ බහුධ්‍රැවීය ලෝක පර්යායක් පිලිබඳ මිථ්‍යාව” මැයෙන් ප්‍රසිද්ධ Zoom රැස්වීමක් පවත්වනු ලැබේ. සහභාගි වීම සඳහා මෙතැනින් ලියාපදිංචි වන්න.
අධිරාජ්‍යවාදය විසින්, මානව වර්ගයා සිය ඉතිහාසයේ විශාල ත ම ව්‍යසනය කරා ඇදගෙන යමින් සිටින මෙම තීරනාත්මක මොහොතේ දී අපි මෙම වැදගත් රැස්වීම සංවිධානය කරන්නෙමු.
රුසියාවට එරෙහිව නේටෝ නායකත්වයෙන් යුක්‍රේනයේ ගෙන යන යුද්ධය, ඉරානයට එරෙහි එක්සත් ජනපදයේ යුද්ධය සහ එක්සත් ජනපදයේ පූර්න අනුග්‍රහය ලබමින් ඊශ්‍රායලය ගාසා තීරයේ සිදුකරන අඛන්ඩ ජන සංහාරය, සියල්ල ම වර්ධනය වෙමින් පවතින ගෝලීය යුද්ධයක කොටස් වේ. ට්‍රම්ප් පාලනාධිකාරිය මැදිහත් වී ටෙහෙරානය සමඟ ඇති කරගනු ලැබූ බිඳෙනසුලු සටන් විරාමය ද තාවකාලික විරාමයක් පමනි.
තෙල් සම්පතින් පොහොසත් මැදපෙරදිග පාලනය සියතට ගැනීමෙන් සහ අවසානයේ රුසියාව හා චීනය ඉලක්ක කරගැනීමෙන් සිය අහිමි වූ ගෝලීය ආධිපත්‍යය යලි ස්ථාපිත කිරීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය උත්සාහ දරයි. එක්සත් ජනපදය විසින් තම ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස සලකනු ලබන්නේ චීනයයි. අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් ද මෙම යුද්ධවලට සහය දෙමින්, තමන්ගේම මූලෝපායික අවශ්‍යතා සුරක්ෂිත කරගැනීම සඳහා තමන්ගේම යුද සැලසුම් ඉදිරියට ගෙන යමින් සිටියි.
මෙම තීරනාත්මක වර්ධනයන් මධ්‍යයේ, ජාත්‍යන්තර ව මෙන්ම, ශ්‍රී ලංකාවේ ද විවිධ පශ්චාත්-නූතනවාදී විද්වත්තු සහ ව්‍යාජ වාම කන්ඩායම්, අධිරාජ්‍යවාදී යුද්ධයේ වැඩෙන තර්ජනය වසන් කරමින් කම්කරුවන්, ශිෂ්‍යයන් සහ තරුනයන් නොමඟ යැවීමේ දේශපාලන ව්‍යාපාරයක නිරතව සිටිති. කොලඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමිත් චාමින්ද, “බහුධ්‍රැවීය ලෝකයක්” බිහිවීම යුද්ධයේ අවදානම අඩු කරන බවට වන මිථ්‍යාව ප්‍රවර්ධනය කරයි. රුසියාව, චීනය සහ BRICS කන්ඩායම වැනි නව “බල කේන්ද්‍ර” නැගී ඒමෙන් නව ගෝලීය සමතුලිතතාවක් සහ ස්ථාවරත්වයක් බිහි කල හැකි බව චාමින්ද සහ ඔහුගේ සහචරයෝ තර්ක කරති.
ඉරානයට එරෙහි අපරාධකාරී අධිරාජ්‍යවාදී ප්‍රහාරය හෝ ගාසාහි ඊශ්‍රායලය විසින් සිදුකරන ජන සංහාරය සහ දස දහස් ගනනක ජනතාව ඝාතනය කිරීම හෙලා දැකීමට එකදු විද්වතෙකු හෝ ඉදිරිපත් වී නැත.
පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලයට අනුබද්ධ සමාජවාදී මහජන සංසදය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම කන්ඩායම් ද ලෝකය බහුධ්‍රැවීය පර්යායක් කරා ගමන් කරමින් සිටින බව දේශනා කරයි. ශ්‍රී ලංකාවේ “ජාතික අවශ්‍යතා” ආරක්ෂා කිරීම සඳහා “නොබැඳි” විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස ඔවුහු ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේග ආන්ඩුවෙන් ඉල්ලා සිටිති.
ධනවත් මධ්‍යම පන්තික ස්ථරයන් විසින් ප්‍රචාරය කරනු ලබන මෙම තර්කවල සාරය වන්නේ, අර්බුදයෙන් පෙලෙන ගෝලීය ධනේශ්වර පර්යාය තුල ම කම්කරුවන්ට, තරුනයන්ට සහ පීඩිත ජනතාවට තම අනාගතය සුරක්ෂිත කරගත හැකි බවයි. විනාශකාරී ගෝලීය යුද්ධයක දැවැන්ත අනතුර හමුවේ මහජනතාව නිද්‍රාශීලී කර තැබීමටත්, දේශපාලනික ව නිරායුධ කර තැබීමටත් ඔවුහු උත්සාහ දරති.
සැබෑ තත්ත්වය නම්, ජවිපෙ/ජාජබ ආන්ඩුව ඉන්දු-පැසිෆික් කලාපයේ චීනයට එරෙහි එක්සත් ජනපද යුද සූදානම්වීම්වලට සක්‍රීය ව ඒකාබද්ධ වෙමින් සිටින අතර, ඉරානයට එරෙහි යුද්ධය හෙලා දැකීම ප්‍රතික්ෂේප කර ඇත. ඒ අතර ම, ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කෲර කප්පාදු නියෝග කම්කරුවන් සහ ග්‍රාමීය දුප්පතුන් මත පටවමින් සිටියි.
යුද්ධය රාජ්‍යතාන්ත්‍රික අසාර්ථකත්වයන්ගේ ප්‍රතිඵලයක් නොව, ධනවාදයේ ඓතිහාසික අර්බුදයේ විනාශකාරී ප්‍රකාශනයකි. ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතිය සහ ගෝලීයකරනය වූ ආර්ථිකය අතර පවතින නොසන්සිඳෙන පරස්පර විරෝධය යුද්ධය නොවැලැක්විය හැකි කරයි. ධනවාදයට සාමකාමී හෝ ප්‍රජාතන්ත්‍රවාදී බහුධ්‍රැවීය පර්යායක් කරා පරිනාමය විය නොහැක. විසිවන සියවසේ දී අධිරාජ්‍යවාදය ලෝක යුද්ධ දෙකක් තුලට මානව වර්ගයා ඇද දමමින් මිලියන සංඛ්‍යාත ජීවිත බිලිගත් අතර, අතිවිශාල නිෂ්පාදන බලවේග විනාශ කලේය.
පාලක පන්තිය, යුද්ධයේ සහ උග්‍ර වන ආර්ථික අර්බුදයේ බර වැඩ කරන ජනතාව මත පටවමින්, වඩාත් ඒකාධිපති ක්‍රමවේද භාවිතා කරන අතරතුර, තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා කම්කරුවන්ගේ මහජන අරගල මතු වෙමින් පවතී. සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩසටහනකින් සන්නද්ධ කම්කරු පන්තිය පමනක් අධිරාජ්‍යවාදය න්‍යෂ්ටික යුද්ධයක් කරා ගෙන යන ගමන නතර කල හැකි එක ම විප්ලවවාදී බලවේගයයි.
මෙම සසජාතශි රැස්වීමේ දී වත්මන් අර්බුදයේ මූලයන්, විද්වතුන් සහ ව්‍යාජ වාම ප්‍රවනතා විසින් ඉදිරිපත් කරන ප්‍රතිගාමී න්‍යායන් සාකච්ඡා කරනු ඇත. යුද්ධයට එරෙහි ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ විප්ලවවාදී වැඩපිලිවෙලත්, එම අරගලයේ කොටසක් ලෙස තරුනයන් හා ශිෂ්‍යයන් ඉදිරියේ පවතින කාර්ය භාරයත් කථිකයෝ පැහැදිලි කරනු ඇත.
මෙම රැස්වීමට සහභාගි වී මෙම වැදගත් දේශපාලන සාකච්ඡාවට එක් වන ලෙස අපි ඔබට ආරාධනා කරමු.
දිනය: ජූලි 8 බදාදා
වේලාව: සවස 7.00
සහභාගි වීම සඳහා මෙතැනින් ලියාපදිංචි වන්න.
