[මෙය IYSSE in Sri Lanka campaigns for public meeting demanding freedom for Bogdan Syrotiuk මැයෙන් 2026 ඔක්තෝබර් 9 වැනි දා ඉංග්රීසියෙන් පල විය.]
යුක්රේනයේ සිරගත කර සිටින 27 හැවිරිදි ට්රොට්ස්කිවාදී සමාජවාදියෙකු වන බොග්ඩාන්ස යිරොටියුක්ගේ නිදහස සුරක්ෂිත කිරීමේ ජාත්යන්තර ව්යාපාරයට ශ්රී ලංකාව තුල වැඩනෙ සහයෝගයක් පවතී. “බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරනු! ලෝක යුද්ධයට එරෙහි ව ජාත්යන්තර යුද විරෝධී ව්යාපාරයක් ගොඩනඟනු!” යන මැයෙන් සමාජ සමානතාව සඳහා ජාත්යන්තර තරුන හා ශිෂ්යයෝ (සසජාතශි) ඔක්තෝබර් 13දා පවත්වන ප්රසිද්ධ ඔන්ලයින් රැස්වීමට සහභාගී වීම සඳහා කම්කරුවන් සහ තරුනයින් ගනනාවක් දැනට ම ලියාපදිංචි වී ඇත.
රැස්වීම සිංහල භාෂාවෙන් පවත්වනු ලබන අතර සජීවී ව දෙමල භාෂාවට පරිවර්තනය කෙරේ. රැස්වීමට සහභාගී වීමට මෙම සබැඳියෙන් ලියාපදිංචි වන්න.
බොග්ඩාන් යනු යුක්රේනයේ සහ පැරනි සෝවියට් සංගමයේ අනෙකුත් ප්රදේශවල ක්රියාත්මක වන ට්රොට්ස්කිවාදී සංවිධානයක් වන බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල (වයිජීබීඑල්) ප්රමුඛ සාමාජිකයෙකි. 2024 අප්රේල් 25 වන දින, “යුද නීතිය යටතේ ආන්තික රාජද්රෝහී” චෝදනා මත යුක්රේනයේ ෆැසිස්ට් ආරක්ෂක සේවය (එස්බීයූ) විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදි. වසර දෙකකට වැඩි කාලයක් රඳවා තබා ගැනීමෙන් පසු, අගෝස්තු 10දා වසර 15 ක සිර දඬුවමක් ඔහුට නියම කරන ලැබුවේ, යුද්ධය අවසන් කිරීමට රුසියාවේ සහ යුක්රේනයේ කම්කරුවන්ට එක්සත් වන්න යැයි ඉල්ලා සිටිමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියට ලිපි ලිවීමේ “අපරාධය” සම්බන්ධයෙනි.
සසජාතශි සහ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෝ සහ ආධාරකරුවෝ විශ්ව විද්යාල, සේවා ස්ථාන සහ පොදු ස්ථානවල බොග්ඩාන් නිදහස් කිරීම සඳහා උද්ඝෝෂනය පැවත්වූහ. ඔවුන් ප්රසිද්ධ රැස්වීම නිවේදනය කරන පත්රිකා සහ “යුද්ධයේ සමාජවාදී විරුද්ධවාදියා වන බොග්ඩාන් සයිරොටියුක්ට ෆැසිස්ට් යුක්රේන අධිකරනය වසර 15 ක සිර දඬුවමක් නියම කරයි” යන ලිපියේ පිටපත් සියගනනක් බෙදා හැර තිබේ.
මෙම උද්ඝෝෂනයට කම්කරුවන්ගේ සහයෝගය පිලිබිඹු කරමින්, ඕල්ටන් වතු කම්කරු ක්රියාකාරී කමිටුව සැප්තැම්බර් 27දා ඒකමතික ව බොග්ඩාන් සයිරොටියුක් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා යෝජනාවක් සම්මත කලේය. ඔහු සිරගත කිරීම මූලික ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට එල්ල කරන ප්රහාරයක් ලෙස හෙලා දුටු එම යෝජනාව මෙසේ සඳහන් කලේ ය: “බොග්ඩාන් නිදහස් කිරීම සඳහා වන අරගලය යුද්ධය නැවැත්වීම සඳහා කම්කරුවන් බලමුලු ගැන්වීම හා සෘජු ව ම සම්බන්ධ ය. රුසියාවේ සහ යුක්රේනයේ ලක්ෂ සංඛ්යාත ජන සමූල ඝාතනය කිරීම නැවැත්විය හැක්කේ එවැනි එකමුතුවකින් පමනි.”
කොලඹ හුවාවෙයි ආයතනයේ සේවය කරන 22 හැවිරිදි අශේන්, බොග්ඩාන් නිදහස් කිරීම සඳහා වන පෙත්සමට අත්සන තබා සසජාතශි රැස්වීමට සහාය පල කරමින් මෙසේ පැවසී ය: “මෙම තරුනයා යුද්ධයට එරෙහි ව නිර්භීත ව කතා කල නිසා සාවද්ය ලෙස දඬුවම් කර ඇති බව පැහැදිලියි. සෑම කෙනෙකුට ම තම අදහස් ප්රකාශ කිරීමට සමාන අයිතිවාසිකම් තියෙන්න ඕන. නමුත් මේ සිද්ධියෙන් පේන්නෙ, යුක්රේනය ඇතුලෙ මාධ්ය නිදහස වගේ ම අදහස් ප්රකාශ කිරීමේ අයිතියත් සම්පූර්නයෙන් ම මර්දනය කරලා තියෙන ආකාරය.”
පොලොන්නරුවේ පාසල් ගුරුවරයෙකු වන මහේෂ් ඒකනායක පැවසුවේ බොග්ඩාන් නිදහස් කර ගැනීමේ අරගලයට කම්කරුවන් සහභාගී වීම “අත්යවශ්ය” බවයි.
ඔහු මෙසේ කීවේ ය: “සාපරාධී යුද්ධයට විරුද්ධ වූ නිසා බොග්ඩාන් සහෝදරයාට එල්ල වූ එම ම්ලේච්ඡත්වය ම, දැන් ධනේශ්වර රටවල පාලක ප්රභූන් විසින් යුද්ධයට සහ ෆැසිස්ට්වාදයට එරෙහි ව වැඩි වැඩියෙන් කතා කරන සෑම කෙනෙකුට ම එරෙහි ව යොදා ගනිමින් ඉන්නවා. මෙම මර්දනය සිරගත කිරීමෙන් විතරක් නෙවෙයි, සමාජවාදීන්ට හිංසා පීඩා කිරීම, වෙබ් අඩවි අවහිර කිරීම සහ මාක්ස්වාදී පොත් තහනම් කිරීම වැනි පියවර හරහා ද ක්රියාත්මක වෙමින් පවතිනවා.”
යුක්රේනයේ යුද්ධය “ලෝකය නැවත බෙදීම සඳහා වූ අධිරාජ්යවාදී යුද්ධයක්” බවත්, විසඳුම “රුසියාවේ හෝ නේටෝවේ පැත්ත ගැනීම නොව, තමන්ගේ ම ධනේශ්වර පාලක පන්තිවලට එරෙහි අරගලයකට සමස්ත ලෝක කම්කරු පන්තිය එක්සත් කර ධනේශ්වර ක්රමය පෙරලා දැමීම” බවත් සසජාතශි වැඩපිලිවෙල සමඟ තමන් එකඟ වන බවත් ඒකනායක අවධාරනය කලේ ය.
“ලෝක යුද්ධය දැනටමත් ආරම්භ වී ඇති බවත්, එය පිලිකාව ශරීරය පුරා පැතිරෙන ආකාරයට වර්ධනය වන බවත්, ” තමන් පිලිගන්නා බව කොලඹ නගරයේ තරුන ඉදිකිරීම් කම්කරුවෙකු වන මලින්ද කුමාර සඳහන් කලේ ය.
සසජාතශි රැස්වීමේ අරමුන “බොග්ඩාන් සහෝදරයා නිදහස් කිරීම පමනක් නොව, ඔහු සටන් කල වැඩසටහන ඉදිරියට ගෙන යාම බව පැහැදිලියි”, ඔහු කීවේ ය. “ඇත්තට ම ලෝකය පුරා ම යුද්ධයට විරෝධයක් තියෙනවා. මේ වගේ රැස්වීමකින්, බොග්ඩාන් සිරගත කිරීම සහ යුද්ධය අතර සම්බන්ධය සහ න්යෂ්ටික යුද්ධයක් පුපුරා යාමේ සැබෑ අනතුර කම්කරුවන්ට සහ තරුනයින්ට පැහැදිලි කරන්න පුලුවන්.”
“යුක්රේනයේ සිදු වන දේවල්වලින් පැහැදිලියි, යුද්ධය මොන තරම් සාපරාධී ද කියලා. තරුනයින් යුද්ධයට බලහත්කාරයෙන් යුද්ධයට ඇද ගෙන යනවා. යුද්ධයට විරුද්ධත්වය ප්රකාශ කල නිසා දහස් ගනනක් කම්කරුවන් සහ තරුනයින් වධ හිංසා පැමිනවීම්වලටත් සිරගත කිරීම්වලටත් ලක් කරලා තියෙනවා.'
ඉරානයට එරෙහි වොෂින්ටනයේ සාපරාධී යුද්ධයට සහ ඇමරිකානු අධිරාජ්යවාදයේ පිටුබලය ඇති ව ඊශ්රායලය ගාසා තීරයේ සිදු කරන ජන සංහාරයට ද කුමාර තම විරෝධය පල කලේ ය.
යාපනය විශ්ව විද්යාලයේ ශිෂ්යාවක් වන වී. තුවීසා පැවසුවේ, රුසියානු සහ යුක්රේන කම්කරුවන් එක්සත් කිරීමට බොග්ඩාන් කල සටන නිවැරදි බවයි: “මොකද කියනවානම්, සෑම රටකම කම්කරු පන්තිය බලවත් බලවේගයක්. නිෂ්පාදනයේ සහ බෙදා හැරීමේ සෑම දෙයක් ම ඔවුන් කරමින් ඉන්නවා. මෙම යුද්ධයෙන් වැඩිපුරම පීඩාවට පත්වන්නේ කම්කරුවන් සහ දුප්පතුන්.”
“යුක්රේනයේ කෙරීගෙන යන යුද්ධය සම්බන්ධයෙන් අපට ප්රමානවත් දැනුමක් සහ දැනුවත්භාවයක් ඇත්තේ නෑ. මෙයට හේතුව යුද්ධය පිලිබඳ ප්රමානවත් ප්රසිද්ධ සාකච්ඡාවක් නැතිකම,” යැයි තුවීසා පැවසී ය.
ගෝලීයකරනය වූ නිෂ්පාදනය සහ ප්රතිගාමී ජාතික රාජ්ය පද්ධතිය අතර ප්රතිවිරෝධතාවයේ ප්රතිඵලයක් ලෙස යුද්ධය ඇති බවට ලෝසවෙඅ කල විශ්ලේෂනයට ඇය එකඟ විය. “එබැවින් සමාජවාදය සඳහා සටනකින් තොරව යුද්ධයට එරෙහි සටනක් නොමැති බවට මම එකඟ වෙමි.”
කැලනිය විශ්ව විද්යාලයේ විද්යා පීඨයේ ශිෂ්යයෙකු වන දෙනෙත් ප්රකාශ කලේ, බොග්ඩාන් “ජාත්යන්තර සමාජවාදී වැඩපිලිවෙල සඳහා සහ යුක්රේන සහ රුසියානු කම්කරුවන් සහ තරුනයින් එක්සත් කිරීමට සටන් කල” බවයි. ඔහු අත්අඩංගුවට ගැනීම වැරදියි; ඔහු සටන් කලේ යුද්ධය නවත්වන්න. ඔහුගේ නිදහස් කිරීම සඳහා සටන් කිරීම කියන්නේ, යුද්ධය නැවැත්වීමට සටන් කිරීමයි. මම ඔන්ලයින් රැස්වීමට සම්බන්ධ වෙනවා.”
මැදපෙරදිග යුද්ධය නිසා ආහාර හා ප්රවාහන වියදම් ඉහල ගොස් ඇති බව ද ඔහු පැවසී ය. “මට මගේ පවුලෙන් තවත් මුදල් ඉල්ලන්න බෑ. මම දැනට ඉගෙන ගන්න ගමන් කැලනියේ කාඩ්බෝඩ් කම්හලක වැඩ කරනවා; පැය 12 ක වැඩ මුරයකට මට ලැබෙන්නේ රුපියල් 2,500යි. මම විභාග ලංවෙනකොට විතරක් වැඩට යන එක නවත්තනවා. මේ නිසා අධ්යන කටයුතුත් කඩාකප්පල් වෙලා තියෙන්නේ.”
ඇමරිකානු අධිරාජ්යවාදය මැදපෙරදිග හා ලොව පුරා ස්වභාවික සම්පත් කොල්ලකෑමට, ඩොලරයේ බිඳවැටීම ආපසු හැරවීමට සහ නය අර්බුදයට විසඳුම් සෙවීමට යුද්ධ කරමින් සිටින බවත් එහෙත් මෙය මහජන විරුද්ධත්වය අවුලුවා ඇති බවත් ඔහු සඳහන් කලේ ය. “ඇමරිකාවේ ජනතාවත් යුද්ධයට විරුද්ධයි; කොතැනකවත් ජීවිත අහිමි වනවා දැකීමට මිනිසුන්ට අවශ්ය නෑ. යුද්ධය සඳහා අරමුදල් පොදිගසාගන්නේ කම්කරුවන්ට බදු පැනවීමෙන් සහ කප්පාදු පියවර ක්රියාත්මක කිරීමෙන් - එහෙම ගත්ත ම ඒක කම්කරු පන්තියට එරෙහි යුද්ධයක්.”
ශ්රී ලංකා මුහුදු සීමාවේ දී ඉරාන නෞකාව විනාශ කිරීම හෙලා දැකීම ප්රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් දෙනෙත් ජවිපෙ/එන්පීපී ආන්ඩුව හෙලා දුටුවේය; “ඔවුන් අධිරාජ්යවාදයට යටත්. මේ සිද්ධියෙන්මත් පේන්නේ, තමන්ගේම රටේ නායකයින්ට ක්රියා කරන ලෙස ඉල්ලා සිටීමෙන් අධිරාජ්යවාදයට බලපෑම් කරන්න පුලුවන්කමන් නෑ කියලා. කම්කරු පන්තිය ගෝලීය වශයෙන් එක්සත් වෙන්න ඕන. කම්කරුවන් ආයුධ නිෂ්පාදනය හා බෙදා හැරීම නැවැත්තුවහොත්, ට්රම්ප්ට යුද්ධ කරන්න වෙන්නෙ කටින් විතරයි.
හලාවත (වයඹ පලාතේ) බතික් කලාකරුවෙකු වන අසංක මෙසේ පැවසී ය: “මම යුද්ධයට විරුද්ධයි. බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කල යුතුයි. මම රැස්වීමට සම්බන්ධ වෙනවා.” බතික් කර්මාන්තය “විශාල ඇඟලුම් කම්හල් පැමිනීමත් සමඟ කඩා වැටිලා. මට වැඩ ලැබෙන්නේ එක් වැඩපොලකින් පමනයි. විශාල කර්මාන්තශාලා සහ ආහාර සමාගම් ජනසතු කරන සමාජවාදී වැඩසටහනකට මම එකඟයි.”
මොරටුවේ වේල්ස් කුමාර විද්යාලයේ ගුරුවරයෙකු වන එම්. සංජීව පැවසුවේ තමන් සූම් රැස්වීම සඳහා ලියාපදිංචි වී ඇති බවයි.
ඔහු මෙසේ පැවසී ය: “ලෝකය අධිරාජ්යවාදී අවශ්යතා විසින් මෙහෙයවනු ලබන යුද්ධයකට අවතීර්න වී ඇති අතර, මෙය තුන්වන ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වීමේ බරපතල අනතුරට මානව වර්ගයා මුහුන දී සිටින මොහොතකි. මෙම තත්වය පැහැදිලි ව හඳුනාගත් බොග්ඩාන් සයිරොටියුක් සහෝදරයාට වසර 15 ක නීති විරෝධී සිර දඬුවමක් නියම කර තිබේ. මනුෂ්යත්වය වෙනුවෙන් සහ ලෝකයේ පීඩිත ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් කොල්ලකාරී අධිරාජ්යවාදී අවශ්යතාවලට එරෙහි ව සටන් කල සයිරොටියුක් නිදහස් කිරීම සඳහා මෙම රැස්වීමට සහභාගී වන ලෙස මම සියලුම අධිරාජ්ය විරෝධී සහ යුද විරෝධී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”
ඉන්ධන, ඖෂධ සහ රසායනික පොහොර යනාදිය ආනයන කිරීම මත රැඳී සිටින ශ්රී ලංකාව වැනි රටවල් යුද්ධයෙන් අසමානුපාතික ව පීඩාවට පත් ව ඇති බව පේරාදෙනිය මහ රෝහලේ හෙදියක් සසප උද්ඝෝෂකයින්ට පැවසුවා ය. “භාන්ඩවල මිල ඉහල යාම අපට දරාගන්න බෑ. ඉරාන යුද්ධය හේතුවෙන් මාර්ග ඉදි කිරීම සඳහා තාර නෑ කියලා ආන්ඩුව කියනවා. රෝහල ඉදිරිපිට මාර්ගයකට වැඩ ඉවර කරල තියෙන්නේ බාගෙට හින්දා අපි නිතර ම දූවිලිවලට නිරාවරනය වෙනවා. ගෝලීය යුද ගැටුම තව දුරටත් උත්සන්න විය හැකි නමුත්, රෝහල්වල, සේවා ස්ථානවල හෝ විශ්ව විද්යාලවල මේ ගැන කිසිදු සාකච්ඡාවක් නෑ. … අපි මේ ගැන කතා කල යුතුයි.”
ඇය තවදුරටත් මෙසේ පැවසුවා ය: “මම හිතුවෙ මම තනි පුද්ගලයෙක් විතරයි කියලා. නමුත් මෙම සාකච්ඡාව මට අවබෝධ කරලා දුන්නේ මම කම්කරු පන්තියේ කොටසක් බවත්, මෙම යුද්ධයෙන් පීඩා විඳින කම්කරු පන්තිය එක්සත් විය යුතු බවත්. කම්කරු පන්තිය දැනුවත් කල යුතුයි. බොග්ඩාන් සහෝදරයා යුද්ධයට එරෙහි ව සටන් කලා. ඒ වගේ ම ඔහු රුසියාවේ සහ යුක්රේනයේ කම්කරුවන් සහ තරුනයින් එක්සත් කිරීමට සටන් කලා. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ හරියට ම එම හේතුව නිසා.”
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව බලයෙන් පහ කල 2022 අරගලය ගැන කතා කරමින් හෙදිය මෙසේ පැවසුවා ය: “2022 දී මිනිසුන් නැගිට්ටේ ඔවුන් අන්ති ම අඩියට වැටුනට පස්සේ. ඒ යුක්රේන යුද්ධයේ ආරම්භයේදීයි. දැන්, යුක්රේන යුද්ධය සහ මැද පෙරදිග ඉරානය සම්බන්ධ ගැටුම් ඇවිලී ගොස් තිබෙනවා. අපට ඊටත් වඩා බිහිසුනු තත්වයකට මුහුන දීමට සිදු විය හැකියි. ජනතාව නැවත නැඟිටීවි. නමුත්, ඔබ කිවුවා වගේ, ඒකට පූර්ව සූදානමක් වගේ ම ස්වාධීන දේශපාලන වැඩසටහනකුත් තිබිය යුතුයි.”
ඔක්තෝබර් 13 වන දින සූම් රැස්වීම සඳහා මෙතැනින් ලියාපදිංචි වන්න.
freebogdan පෙත්සම අත්සන් කරන්න.
වැඩිදුර කියවන්න
- සූම් රැස්වීම: බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරනු! තුන්වැනි ලෝක යුද්ධයට එරෙහි ජාත්යන්තර යුද-විරෝධී ව්යාපාරයක් ගොඩනගනු!
- ලෝකය සිටින්නේ න්යෂ්ටික යුද්ධය අද්දර ද?
- යුක්රේනයේ ෆැසිස්ට් අධිකරනය යුද්ධයේ සමාජවාදී විරුද්ධවාදියෙකු වන බොග්ඩාන් සයිරොටියුක්ට වසර 15ක සිර දඬුවමක් පනවයි
- යුක්රේන දේශපාලන සිරකරුවෙකු වන බොග්ඩාන් සිරොටියුක්ට වැඩෙන සහයෝගය මධ්යයේ, නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත තම සාපරාධී නිහඬතාව දිගට ම පවත්වාගෙන යයි
