ක්‍රියාකාරී කමිටු ගොඩ නගමු!

සෑම කම්හලකම, සේවා ස්ථානයකම හා නිවහන් ප්‍රදේශයකම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම කම්කරු පන්තියේ ඉල්ලීම් හා ​​ඓතිහාසික ඉලක්ක දිනා ගැනීම සඳහා තීරනාත්මක අවශ්‍යතාව බවට පත්ව ඇත!

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානතා පක්ෂය, ප්‍රධාන කර්මාන්තශාලාවල මෙන්ම සේවා ස්ථානවලද නිවහන් ප්‍රදේශ වලද අන්තර් සම්බන්ධිත ක්‍රියාකාරී කමිටු ජාලයක් ගොඩනගමින් සිටී.

එහි ඉලක්කය වන්නේ ධනපති ආන්ඩුව විසින් කම්කරු පන්තියේ ජීවන බර ඉහල දමමින්ද, අයිතිවාසිකම් කප්පාදු කරමින්ද, කොවිඩ්-19 පැතිරීම වලක්වනවා වෙනුවට මහා ව්‍යාපාරික ලාබ ගැරීමට ඉඩ සලසමින්ද, පරිසරය වනසමින්ද, මිලිටරිය මත පදනම් වූ ආඥාදායකත්වයක් ගොඩ නගමින්ද අධිරාජ්‍යවාදී යුද්ධයට කරබදු වෙමින්ද, ගෙන යන රුදුරු වැඩ පිලිවෙලට එරෙහිව සමාජවාදය ගොඩ නැගීම කරා ඉදිරියට යන ජාත්‍යන්තර වැඩ පිලිවෙල මත දේශපාලනික මහා වැඩ වර්ජනයක් සූදානම් කිරීමය.

මෙම ක්‍රියාකාරී කමිටු ජාලය ගොඩ නැගීම සඳහා දැන් දැන්ම සම්බන්ධ වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

අප හා සම්බන්ධ වී ක්‍රියාකාරී කමිටු පිලිබඳව වැඩි දුර සාකච්ඡා කල හැකිය. ඒ් අනුව නව ක්‍රියාකාරී කමිටුවක් ගොඩ නැගීමට මූලිකත්වය ගත හැකිය.

ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට එකතු වන්න!
අපගේ ඉල්ලීම්

අපගේ ඉල්ලීම් පදනම් විය යුත්තේ ධනපති සංගතවලට සහ දේශපාලනඥයින්ට සපයාදිය හැකියයි කියන දේ මත නොව, සමස්ත කම්කරු පන්තියේ ජීවිත හා යහපැවැත්ම ආරක්ෂා කිරීමට අවශ්‍ය දේ මත ය.

මෙම පිටුවෙන් ඔබට:
ක්‍රියාකාරී කමිටුවකට බැඳෙන්න

ක්‍රියාකාරී කමිටුවකට බැඳීම සඳහා / කමිටු පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා හෝ කමිටුවක් ගොඩ නැගීම සඳහා දැන්ම අපව අමතන්න. ඔබේ සේවා ස්ථානය, කර්මාන්තශාලාව හෝ කලාපය තුල කමිටුවක් නොමැති නම්, ආරම්භ කිරීම සඳහා අපි ඔබට උදව් කරන්නෙමු.

Contact us for assistance in forming a rank-and-file committee

Please include the country code and remove all spaces from your phone number. (E.g., for US numbers, +14028650000)

ගුරුවරුනි, විදුහල්පතිවරුනි,

පාසල් සංවර්ධන නිලධාරීන්ගේ අරගලයට ක්‍රියාශීලිව සහයෝගය දෙමු! වැටුප්, රැකියා හා නිදහස් අධ්‍යාපනය දිනා ගැනීමට ඒකාබද්ධව සටන් වදිමු!

මහා ව්‍යාපාරික ගැති ජවිපෙ/ජාජබ ආන්ඩුව රකිමින්, පාසනි සටනට එරෙහිවීමේ වෘත්තීය සමිති ක්‍රියාකලාපයේ ප්‍රතිගාමී එල්ලය වන්නේ කම්කරු පන්තියේ ඒකාබද්ධ හා ස්වාධීන අරගලයකට මග අහුරා දැමීමයි.

නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය

ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීම

පාසල් සංවර්ධන නිලධාරීන් (ගුරුවරුන්) සිවුදෙනාට එරෙහි චෝදනා ඉවත්කරගනු! පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සටනට පූර්න සහාය!

දෙසැම්බර් 15 වන ඉරිදා සවස 7.00 ට සූම් තාක්ෂනය ඔස්සේ පැවැත්වෙන රැස්වීමට සහභාගිවන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය

පාසල් සංවර්ධන නිලධාරීන්ට එල්ල කල පොලිස් ප්‍රහාරය හෙලා දකිමු! පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ගුරුවරුන් හතර දෙනා නිදහස් කරනු!

විරෝධතාවයේ නියැලෙමින් සිටියදී පොලිසිය විසින් ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගත් ගුරුවරුන් හතරදෙනාට එරෙහි චෝදනා ඉවත්කර ගැනීමටත්, ඔවුන් වහා නිදහස් කිරීමටත් බල කරන ලෙස, කක්‍රිකසා කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකයේ ප්‍රකාශය

ෆොක්ස්වාගන් කම්හල් වසා දැමීම නිවේදනය කිරීමෙන් ඉක්බිති: මෝටර් රථ කර්මාන්තයේ රැකියා කප්පාදුවලට එරෙහිව ගෝලීය ක්‍රියාකාරී කමිටු උද්ඝෝෂනයක් සඳහා!

ගෝලීය කර්මාන්ත වසා දැමීමේ බලය කම්කරුවන්ට ලබා දෙමින්, උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ සෑම ප්‍රධාන කර්මාන්තශාලාවක්ම ඇතුලත් වන පරිදි, මෝටර් රථ කම්කරුවන් අතර ක්‍රියාකාරී කමිටු පුලුල් කල යුතුය.

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය
කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය (ශ්‍රී ලංකාව)

ජලසම්පාදන මන්ඩලයට බඳවා ගන්නැයි ඉල්ලා, එහි සේවයේ නියුතු "මිනිස් බල" කම්කරුවෝ වැඩවර්ජනය කරති

වත්මන් ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පැමිනීමට පෙර, මෑන් පවර් සේවය "වහල්" සේවයක් ලෙස නම් කරමින්, බලයට පැමිනි වහා ම එය අවසන් කරන බවට පොරොන්දු වූ නමුත්, දැන් එය මුලුමනින් ම අමතක කර ඇති බව කම්කරුවෙක් පැවසීය.

ජෝතිපාල දැදිගම, එස්.කේ.කීර්ති

මිචෙලින් සමාගම සහ වෘත්තීය සමිති නායකයින්, සියැට් සමාගමට සේවකයින් තල්ලු කිරීමේ කුමන්ත්‍රනයක

ජවිපෙ/ජාජබ ආන්ඩුව කර්මාන්ත ශාලාව වසා දැමීම ආරක්ෂා කල අතර නිදහස් වෙලඳ කලාප පොදු හා කාර්මික කම්කරු සමිති නායකයින් කම්කරුවන් ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කලහ.

අරුන මලලගම

ඔන්ලයින් රැස්වීම: රැකියා සුරක්ෂිතභාවය වෙනුවෙන් අරගලයේ යෙදෙන මිචෙලින් කම්කරුවන් සඳහා ඉදිරි මාවත

මෙම වැදගත් රැස්වීමට සහභාගී වන ලෙස අපි විශේෂයෙන් මිචෙලින් කම්කරුවන්ටත්, අනෙකුත් සියලුම කම්කරුවන්ට සහ තරුනයින්ටත් ආරාධනා කරමු. සමාගමේ ප්‍රහාර, වෘත්තීය සමිතිවල පාවාදීම් සහ රාජ්‍ය මර්දනයට එරෙහිව මිචෙලින් කම්කරුවන්ගේ රැකියා, වැටුප් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කම්කරු පන්තියේ සහයෝගය බලමුලු ගැන්වීම සඳහා මෙම රැස්වීමේදී ඔබගේ සහභාගීත්වය අත්‍යවශ්‍ය වේ.

සමාජවාදී සමානතා පක්ෂය, කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය

මිචෙලින් කම්කරුවෝ කලමනාකාරිත්වයේ තර්ජන නොතකා අරගලය දිගටම කරගෙන යති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ ජවිපෙ/ජාජබ ආන්ඩුවේ මහා ව්‍යාපාරික ගැති ප්‍රතිපත්තිවලට අනුකූල අසසේස නිලධරය, මිචෙලින් කම්කරුවන් දඩයම් කිරීම වෙනුවෙන් මුලුමනින්ම වගකිව යුතුය.

අපේ වාර්තාකරුවන්
අත්‍යවශ්‍ය කියවීම්
නිති විමසන පැන
කම්කරු ක්‍රියාකාරී කමිටුවක් වෘත්තීය සමිතියකින් වෙන්වන්නේ කෙසේද?

ක්‍රියාකාරී කමිටු වලට සියලුම ශ්‍රේනිවල නියෝජිතයන්ට සහභාගි විය හැකි අතර ශ්‍රේනි හෝ වෘත්තීය සීමා ඉක්මවා කම්කරු පන්තිය ඒකාබද්ධ කරයි. ඊට කම්කරු පන්තියට හිතැති වෙනත් සමාජ ​කොටස් නියෝජනය කරන නියෝජිතයින්ද කමිටුවේ අභිමතය පරිදි සහභාගි කර ගත හැකිය. (නිදසුන් ලෙස සේවා ස්ථානය සමග සම්බන්ද වන ‘පිටස්තර’ කම්කරුවන්, පලාතේ රැකියා විරහිත තරුන නියෝජිතයින්, සුලුතර ජන කන්ඩායම් හා සිසුන්) කමිටුවේ සාමාජික සංඛ්‍යාව ඇතුලු ඒහි රැස්වීම් පැවැත්වීමේ කාල පරාසය හා සන්නිවේදන විධික්‍රම ආදිය කමිටු සාමාජිකයන්ගේ අනුමැතිය සහිතව තීන්දු කල හැකිය.

ඒහි තීන්දු ගනු ලබන්නේ නිලධාරීවාදී ලෙස නොව සියලු සාමාජිකයින් සමග කෙරෙන සාකඡ්චාවකින් පසු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බහුතර ඡන්දයෙනි. ඒම සාකඡ්චාවන් තුලදී මත ප්‍රකාශ කිරීමට අවශ්‍ය සියලු නියෝජිතයන්ට ඉඩ අවකාශ ලැබේ.

කම්කරු ක්‍රියාකාරී කමිටු නීත්‍යානුකූලද?

ව්‍යවස්තාපිත මූලික අයිතිවාසිකම් යටතේ සංවිධානය වීමේද, තීරන ගැනීමේ හා ඒ් මත ක්‍රියාත්මක වීමේ නිදහස මත ක්‍රියාකාරී කමිටු පිහිටා සිටියි.