ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන්ට අනුව වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට දමන කප්පාදු වැඩපිලිවෙල ට එරෙහිව වරාය කම්කරුවන් අතර සටන් කිරීමේ බලගතු උවමනාවක් වර්ධනය වෙමින් ඇත. එහෙත් වඩාවඩා ත් පැහැදිලි වන්නේ වරාය වෘත්තීය සමිති නිලධරය, කම්කරුවන්ගේ එම සටන්කාමිත්වය වික්‍රමසිංහ ආන්ඩුවට කන්නලව් කිරීමේ සහ බලපෑම් දැමීමේ නිස්සාර උද්ඝෝෂන වලට කොටු කර දේශපාලනිකව පීලිපන්නවා දියකර හැරීමේ උත්සාහයක යෙදී සිටින බවයි.
වරාය වෘත්තීය සමිති සන්ධානය (වවෘසස) විසින් සැප්තැම්බර් 6 වෙනිදා කොලඹ වරාය පිවිසුම් දොරටුව ඉදිරිපිට ආන්ඩුවේ විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව තවත් එවන් උද්ඝෝෂනයක් පවත්වනු ලැබීය. මෙම සමිති සන්ධානය ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරන සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය (සලවපොසේස ) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ( ශ්‍රීලනිසේස) ඇතුලු දුසිම් තුනකට ආසන්න වෘත්තීය සමිති එකතුවකි.
දහවල් කෑම පැයේ පැවති මෙම විරෝධතාවයට සමිති නායකයන් සහ කම්කරුවන් 300 ක් පමන සහභාගී වූහ.
උද්ඝෝෂනයේ අරමුන 'ඊපිඑෆ්-ඊටීඑෆ් මංකොල්ලයට, උපයන විට බද්ද වැඩිකිරීමට, කම්කරු නීති වෙනස් කර හාම්පුතුන්ට සහන සැලසීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මර්දන නීති වලට විරෝධය පෑම' බව සලවපොසේස ලේකම් නිරෝෂන් ගොරකාන මාධ්‍යයට පැවසීය.
උද්ඝෝෂනයෙන් අනතුරුව කම්කරුවන් 5000ක් පමන අත්සන් කල පෙත්සමක් ජනාධිපතිට භාර දී “කරුනාකර ඔබලා විසින් අනුගමනය කරන වැරදි ක්‍රියාමාර්ග අකුලා ගන්නා ලෙස ඉල්ලා සිටින' බව ගොරකාන සඳහන් කලේය. එසේ නොකලොත්, විසිපන් ලක්ෂයක් වන විශ්‍රාම හිමි ජනතාව “මහපාරට බස්සලා” ආන්ඩුව 'ගෙදර යැවීමේ සටන ආරම්භ කරන' බවත්, 'වැඩ වර්ජනයක් දියත් කරන' බවත්, 'මෙම වැඩපිලිවෙල අකුලා ගත්තේ නැත්නම් උඹල දන ගස්සනව කියන පනිවිඩය දෙන්න තමයි මෙම විරෝධතා උද්ඝෝෂනය සංවිධානය කලේ' යැයි තවදුරටත් ඔහු කීවේය.
ගොරකාන ඇතුලු වරාය සමිති නිලධරය මෙලෙස ජනාධිපතිට කන්නලව් කරන්නේ, කවුරු විරුද්ධ වුනත් විශ්‍රාම වැටුප් කප්පාදුව ඇතුලු ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල නතර නොකරන බවට යලි යලිත් අවධාරනය කර ඇති සහ කප්පාදු වැඩපිලිවෙලට එරෙහි කම්කරු පන්තියේ අරගල මැඩීමට රුදුරු රාජ්‍ය මර්දනයක් මුදා හැර ඇති තතු තුලය.
දුම්රිය රියදුරන්ගේ සැප්තැම්බර් 12-13 දෙදින වර්ජනයට එරෙහිව අත්‍යවශ්‍ය නියෝග පනවා හමුදාව ස්ථානගත කල ජනාධිපති වික්‍රමසිංහ, ඊට දෙදිනකට පසු විදුලිබල මන්ඩලය, තෙල් සංස්ථාව සහ සෞඛ්‍ය සේවය අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස පනවා ඇති විධානය තවත් මසකින් දීර්ඝ කලේ ය. ත්‍රස්තවාදය වැලැක්වීමේ සහ සමාජ මාධ්‍ය මර්දනය කිරීමේ නව පනත් ගැසට් මගින් ප්‍රසිද්ධ කර ඇති ආන්ඩුව ඒවා සම්මත කරගැනීමට සූදානම් වේ. එම නීතිවල එක් මූලික ඉලක්කයක් වන්නේ, කම්කරු පන්තිය තුලින් නැගෙන අරගල මර්දනය කිරීමයි.
ඩොලර් බිලියන 3 ඇප නයක් ලාබාදීමේ දී රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහකරනය/ පුද්ගලීකරනය කිරීම, ඉහල බදු පැනවීම, විශ්‍රාම වැටුප් කප්පාදුව, රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ රැකියා අහිමි කිරීම ඇතුලු වැඩකරන ජනතාවට එරෙහි රුදුරු ප්‍රහාහාර මාලාවක් ජාමූඅ විසින් වික්‍රමසිංහ ආන්ඩුවට විධානය කර ඇත.
දෙවන නය වාරිකය අනුමත කිරීමට පෙරාතුව ආන්ඩුව විසින් කප්පාදු වැඩපිලිවෙල දැනට ක්‍රියාවට දමා ඇති ආකාරය පිලිබඳව සැප්තැම්බර් 14 ශ්‍රී ලංකාවට පැමිනි ජාමූඅ නියෝජිත කන්ඩායමක් සමාලෝචනයක යෙදී සිටී. ජාමූඅ නියෝග මුලුමනින් ක්‍රියාවට දමන බවට පිලින දෙමින් කම්කරු පන්තියට එරෙහි ප්‍රහාර වඩාත් තීව්‍ර කිරීමට ආන්ඩුව පියවර ගෙන ඇත්තේ එම තතු තුල ය.
විශ්‍රාම අරමුදල් කප්පාදු කෙරෙන්නේ ආන්ඩුවේ දේශීය නය ප්‍රතිව්‍යුහකරන සැලැස්ම ට අනුවය. ජනාධිපති වික්‍රමසිංහ විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව ජුලි 1 වෙනිදා වැඩි ඡන්දයෙන් සම්මත විය. වික්‍රමසිංහ එය හුවා දක්වමින්, කිසිදු විරෝධයක් නොතකා නය ප්‍රතිව්‍යුහකරනය ක්‍රියාවට දමන බව අගෝස්තු 4 වෙනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති රැස්වීමක දී අවධාරනය කලේ ය:
'සමහර කන්ඩායම් වීදිවල විරෝධතා පවත්වමින් මේ වැඩපිලිවෙල කඩාකප්පල් කිරීමට උත්සාහ කලා. නමුත්, අන්තිමේ මහජනයාගේ සහයෝගය ලබා ගැනීමට අපහසු වුනා. දැන් ඒ අය තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට උසාවිය යොදාගෙන තහනම් නියෝග ගන්න හදන' බව සඳහන් කල වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ බලතල හුවා දක්වමින් 'වෙන කාගෙවත් නියෝග අනුව අපිට ක්‍රියා කරන්න බැහැ ' යයි ප්‍රකාශ කලේය.
ඉන් පසු දිනෙක, ජවිපෙට අයත් අන්තර් සමාගම් සේවක සංගමයේ නායක වසන්ත සමරසිංහ ඊපිඑෆ්-ඊටීඑෆ් කප්පාදුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරනයට ඉදිරිපත්කර තිබූ පෙත්සමක් විභාගයට නොගෙනම ඉවත දැම්මේය. ඉන් මසකටත් වැඩි කලකට පසුව, ගොරකාන ඇතුලු වරාය සමිති නායකයන් විශ්‍රාම වැටුප් කප්පාදුව, උපයන විට බද්ද ඉහල දැමීම හා රාජ්‍ය මර්දනය අකුලා ගන්නා ලෙස ජනාධිපතිගෙන් ඉල්ලන්නේ, ඔහු එලෙස අවි අමෝරා සිටින තත්වයක ය. පෙත්සමකින් පලක් නොවන බව දන්නා නමුත්, ගොරකාන ඇතුලු සමිති නායකයන් කම්කරුවන් එම නිරර්ථක ක්‍රියාවට යොමු කලේ, ඔවුන් අතර වර්ධනය වන විරෝධය යටපත් කරදැමීමේ එක උප්පරවැට්ටියක් ලෙසය.
වරාය ඇතුලු ආයතනවල වෘත්තීය සමිති නිලධරය, ජාමුඅ කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධ නැත. රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් ෂා වෘත්තීය සමිතිවල මෙම පිලිවෙත සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර ඇත.
සැප්තැම්බර් 11 වෙනිදා ඉකොනොමිනෙක්ස්ට් වෙබ් අඩවියට ඔහු මෙසේ සඳහන් කර තිබුනි: “ශ්‍රී ලංකාවේ ලැයිස්තුගතකර ඇති රාජ්‍ය ව්‍යවසායන් ඉවත් කිරීමේ දී (පුද්ගලීකරනය කිරීමේ දී) වෘත්තීය සමිති උත්සුක වන්නේ හොඳ ආයෝජකයින් සොයා ගැනීම සහ රැකියා අහිමි නොවන බව සහතික කර ගැනීම පිලිබඳවයි . .. බලාපොරොත්තු වූ තරම් විරෝධයක් වෘත්තීය සමිති වලින් එල්ල වූයේ නැත”
විකමසිංහ- ශ්‍රී ලංකා පොදු පෙරමුන ආන්ඩුව මෙන් ම, වෘත්තීය සමිති සහ 'විපක්ෂයේ' ධනපති පක්ෂ කනස්සල්ලට පත්ව සිටින්නේ කම්කරු පන්තියේ අරගල වර්ධනය වීම කෙරෙහි ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව පසුගිය වසරේ පලවා හරිනු ලැබුවේ කම්කරු පන්තියේ සහ පීඩිත ජනයාගේ දැවැන්ත නැගිටීමක් මගිනි. ධනපති පාලක පන්තියේ මෙන් ම වෘත්තීය සමිති නිලධරයේ අරමුන වන්නේ එවන් අරගලයක් ඇතිවීම සහ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීම කෙසේ හෝ වැලැක්වීමයි.
ජනාධිපති සහ ඔහුගේ ආන්ඩුව කිසිදු ලෙසකින් ජාමූඅ වැඩපිලිවෙල නතර නොකරන බව සපථ කරන තත්වය තුල, ඊට එරෙහිව නැගෙන අරගල තලා දැමීමට අවි ඔසවා ඇත්නම්, එම වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද?
වරාය හා අනෙකුත් ආයතනවල කම්කරු පන්තිය ට කෙලින්ම මුනගස්වා ඇත්තේ වික්‍රමසිංහ ආන්ඩුව ඇතුලු ධපති පන්ති පාලනයට එරෙහි දේශපාලන අරගලයකින් තොරව එම වැඩපිලිවෙල පරාජය කිරීමට නොහැකි බවයි. එනම් වික්‍රමසිංහ ආන්ඩුව පලවාහැරීම සහ රාජ්‍ය පාලනය යටතේ සහ ධනපති හාම්පුතුන් අතේ පවතින සියලු ව්‍යවසායන් කම්කරු පාලනය යටතේ ජනසතු කරන සමාජවාදී ආර්ථික පිලිවෙතක් ක්‍රියාවට දැමීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් කිරීමයි.
වරාය වෘත්තීය සමිති නිලධරයට ඇත්තේ පුද්ගලීකරනයට හා තම අයිතීන් සඳහා වූ වරාය කම්කරුවන්ගේ අරගල එක දිගට පාවාදීමේ කුප්‍රකට වාර්තාවකි.
දකුනු ආසියා ගේට්වේ පර්යන්ත (SAGT) පුද්ගලීකරනය කිරීමට එරෙහිව 1999 දී වරාය සේවකයෝ අරගලවල නිරත වුහ. එම අරගල පාවාදෙනු ලැබූ වෘත්තීය සමිති නායකයෝ, 2013 දී ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය පුද්ගලීකරනය කිරීමට සහයෝගය දුන්හ.
කොලඹ වරාය පුද්ගලීකරනය, ඇමරිකානු, ඉන්දියානු සහ චීන භූ-දේශපාලනික උත්සුකතාවයන් සමග බැඳී ඇත. වරාය නගර ව්‍යාපෘතිය චීනයට පවරාදීම සහ ශ්‍රී ලංකාව හා චීනය අතර සමීප සබඳතා තහවුරු වීම ඇමරිකානු අධිරාජ්‍යවාදීන් සහ එහි කලාපීය සගයා වන ඉන්දියාව විසින් සලකනු ලබන්නේ, චීනයට එරෙහි තම මූලෝපායික අවශ්‍යතාවයන්ට සතුරු වර්ධනයක් ලෙසිනි.
2021 ජුලි 31 වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියානු ආදානි සමාගමට පැවරීම හරහා පුද්ගලීකරනයට එරෙහිව 10,000කට ආසන්න වරාය කම්කරුවෝ දින තුනක වර්ජනයක නිරත වූ හ. එහෙත් වෘත්තීය සමිති නායකත්වය කලේ ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ භික්ෂුන් ඇතුලු සිංහල ස්වෝත්තමවාදී නඩ උද්ඝෝෂනයට කැඳවා ගනිමින් ඉන්දියානු විරෝධය අවුස්සා පුද්ගලීකරනය ට එරෙහි කම්කරුවන්ගේ අරගලය දේශපාලනිකව අවමන්ගත කිරීමකි.
පුද්ගලීකරනය හා වරාය අධිකාරියේ පිරිවැය කැපීමේ යටතේ 1999 සිට 10,000 ක් පමන කම්කරුවන්ට රැකියා අහිමි වී ඇත. කොන්ත්‍රාත් පදනමේ අනියම් කම්කරුවන් මගින් ස්ථීර කම්කරුවන් විස්ථාපනය කෙරුනි. දැන් යලි වටයකින් ප්‍රතිගාමී සමාජ බලවේග වල අත යටට වරාය කම්කරුවන් තල්ලුකර ජමූඅ ප්‍රහාරයන් ට එරෙහි ඔවුන්ගේ අරගලය පීලිපැන්නවීමේ උත්සාහයකසන්ධාන වෘත්තීය සමිති යෙදීගෙන සිටී.
සැප්තැම්බර් 6 වෙනිදා වර්ජනය කැඳවුම් කරමින් 4 වෙනිදා නිකුත් කල වවෘසස පත්‍රිකාවෙන් එය වඩාත් එලිදරව් කෙරී ඇත. වරාය කම්කරුවන් ට එරෙහි ප්‍රහාර පරාජය කල හැක්කේ 'ඒ සඳහා ප්‍රතිගාමීන් හැර සියලු දෙනා එක මිටකට ගොනු කිරීමෙන්' බව පත්‍රිකාව කියයි. ප්‍රතිගාමීන් යනු කවුරුන් ද හෝ ප්‍රගතිශීලීන් කව්‍රුරුන්දැයි පත්‍රිකාව පැහැදිලි කර නැති නමුත් එය වටහා ගැනීම අපහසු නැත.
වවෘසස මුදුනත අරක් ගෙන සිටින්නේ සලවපොසෙස යි. ගොරකාන එහි ප්‍රධාන ලේකම් ය. ඔහු ජවිපෙ නායකයෙකි. පත්‍රිකාව 'සියලු දෙනා' යනුවෙන් ඇඟවුම් කලේ 'විපක්ෂයේ' ධනපති දේශපාලන පක්ෂ, විශේෂයෙන් ම, ජවිපෙ සහ එහි මැතිවරන පෙරමුන වන ජාතික ජන බලවේගය (ජාජබ) යි. වික්‍රමසිංහ-ශ්‍රීලපොපෙ ආන්ඩුවට එරෙහිව වැඩෙන මහජන විරෝධය ගසාකමින් ආන්ඩු බලය අල්ලා ගැනීමේ උද්ඝෝෂනයක ජවිපෙ යෙදීගෙන සිටී. ගොරකාන ඇතුලු ජවිපෙ වෘත්තීය සමිති නායකයන් උත්සාහ කරන්නේ ආන්ඩුවේ ප්‍රහාරයන් ට එරෙහි අරගලවලට ඇබ ගසන අතර ම කම්කරුවන් ජාජබ මැතිවරන උද්ඝෝෂනයට ගැටගැසීමට ය.
වරාය කම්කරුවන් තම අයිතීන් සඳහා අරගලයට විනකටින මෙම දේශපාලන උගුල් එකහෙලා ප්‍රතික්ෂේප කල යුතුය.කම්කරු පන්තියට තම අයිතීන් රැක ගැනීමේ දැනුවත් සහ ඒකාබද්ධ අරලගයක් සංවිධානය කල හැක්කේ ධනපති පාලක පන්තියේ සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ඒජන්තයන් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීනව සටන තමන්ගේ අතට ගැනීමෙන් පමනි.
ඒ සඳහා වරාය ඇතුලු සියලු වැඩපලවල, කම්හල් සහ වතුකරයේ කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම අවශ්‍ය වේ. කොලඹ වරායේ කම්කරු කන්ඩායමක් විසින් දැනටමත් එවන් ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවාගෙන තිබේ. එම කමිටුවට සම්බන්ධවෙමින් එය කොලඹ, ගාල්ල, හම්බන්තොට සහ ත්‍රිකුනාමලය වරායවල සිය සහෘද කම්කරුවන් අතර ට ව්‍යාප්ත කිරීමටත් සිය ජාත්‍යන්තර සගයන් සමග එකමුතුව තහවුරුකර ගැනීමටත් පියවර ගත යුතුව ඇත.
වැඩිදුර කියවන්න
- වරාය වැඩ වර්ජනය පාවාදුන් සමිති කෙරෙහි කම්කරුවෝ විරෝධය පල කරති
- ශ්‍රම සූරාකෑම තීව්‍ර කරමින් රාජ්‍ය ආයතනවල ලාභ වැඩිකරදීමට වෘත්තීය සමිති ගෙනයන වැඩපිලිවෙල පරාජය කරනු! වරාය කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවක් ගොඩ නගනු!
- ධනපති පක්ෂ-වෘත්තීය සමිති පෙරමුනු එපා! ආන්ඩුවේ-ජාමූඅ කප්පාදු පියවර පරාජය කරමු! කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්රජාතන්ත්රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනඟමු!
- වරාය කම්කරුවෝ පුද්ගලීකරනය යටතේ මුහුනදෙන රුදුරු කොන්දේසි ගැන ලෝසවෙඅ ට කතා කරති