සෞඛ්‍ය සේවකයන්ගේ අරගල වලට තර්ජනය එල්ල කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස තමන් “ජනතාවගේ“ පැත්තේ සිටන බවත් අරගලකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා “පැකිලෙන්නේ“ නැති බවත් මාර්තු 16 දා ලෝක වකුගඩු දිනය වෙනුවෙන් සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද රැස්වීමක දී ප්‍රකාශ කලේය.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ ප්‍රමූඛයකු වන ජයතිස්ස මෙසේ පැවසීය: “මේක කලින් හිටපු ආන්ඩු වගේ නෙමේ, කලින් හිටපු ඇමතිවරු වගේ නෙමේ. ඔබට ඕන දෙයක් ඇවිල්ල අපිත් එක්ක සාකච්ඡා කරන්න පුලුවන්. ඒ සාකච්ඡාවලට ජනතාවගේ පැත්තෙ ඉඳගෙන විසඳුම් ලබාදෙන්න අපි ඕනෑම වෙලාවක සූදානම්. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වෙන හැටියට කිසිවෙකු කටයුතු කරනවා නම් ජනතාවගේ පැත්තෙ ඉඳගෙන ඒ වෙනුවෙන් තීන්දු ගන්න අපේ ආන්ඩුවෙ පැකිලෙන්නේ නැහැ.“
'කලින් ආන්ඩු වගේ නොවේ” යයි ඔහු කීවාට, කලින් ආන්ඩු වල මැතිඇමතියෝ ද මේ කතාව ම කියමින් අරගල මැඩීමට පොලිසිය හා මිලිටරිය ද විසකුරු නීති ද උසිගන්වමින් ක්‍රියා කලහ. ඇමතිගේ ප්‍රකාශය හුදෙක් සෞඛ්‍ය සේවකයන්ට පමනක් එල්ල කල තර්ජනයක් නොව දැන් අරගලවලට ඇදෙන කම්කරු පන්තියේ සෑම කොටසකට ම එරෙහිව තර්ජනාංගුලිය එසවීමකි.
ආන්ඩුව ජනතාවගේ පැත්තේ ඉඳගෙන තීන්දුගන්නා බවට ජයතිස්ස කරන ප්‍රකාශය අමු කෙප්පයකි. මෙසේ දෙසාබානුයේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනයමින් කම්කරුවන් ඇතුලු මහජනතාවගේ ජීවන හා සමාජ අයිතීන්ට පහරදීමට ක්‍රියාකරන ආන්ඩුවේ ඇමතියෙකි.
මෙම “තීන්දු“ ගැනීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය ගැන කැපී පෙනෙන සිදුවීමක් වූයේ ජයතිස්සගේ ආන්ඩුව, අධිකරනයේ දැනුම්දීමක් මගින් සඳුදා (17 දින) සිට සිකුරාදා (21 වනදා) දක්වා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් පැවැත්වීමට සංවිධානය කර තිබූ සත්‍යග්‍රහය සහ විරෝධතාවයට බාධා කිරීමයි. ආන්ඩුවේ මෙහෙයවීමක් හා අනුමැතියක් නොමැතිව පොලිසිය අධිකරනයට ගොස් එවැනි නියෝග ගන්නේ නැත.
පසුගිය සතිය තුල, විශ්වවිද්‍යාල අනධ්‍යයන කම්කරුවන් 13,000ක් පමන දිවා අහාර විවේකය තුල විරෝධතා පැවැත්වූ හ. වෛද්‍යවරුන්, හෙදහෙදියන් හා අතුරු වෛද්‍ය කම්කරුවන් ඇතුලු සෞඛ්‍ය සේවකයන් 100,000ක් පමන ඔවුන්ගේ දීමනා කප්පාදු කිරීමට විරුද්ධ ව අරගලවල පිවිසීමට උත්සාහ කල හ. අද සෞඛ්‍ය සේවකයන් දසදහස් ගනනක එක්දින වර්ජනයක් නියම කරගෙන තිබුනි. මීට අමතරව පාසල් සංවර්ධන නිලධාරීන් (පාසංනි) තමන්, රජයේ ගුරු සේවයට ඒකාබද්ධ කරන ලෙස ඉල්ලමින් විරෝධතා මාලාවක යෙදී සිටි අතර, උතුරු හා නැගෙනහිර පලාත්වල රැකියා විරහිත උපාධිධාරීහු රජයේ රැකියා ඉල්ලා සිටිමින්, පසුගිය වසරේ දෙසැම්බර් 13 වන දින සිට විරෝධතා කිහිපයක් පැවැත්වූහ.
මෙම විරෝධතා සීමා කිරීමට හා පාවාදීමට ක්‍රියාකරමින් වෘත්තීය සමිතිවල නිලධරයෝ ආන්ඩුවේ සහායට ද්‍රෝහී ලෙස යලි යලිත් ඉදිරිපත් වෙති. එහෙත්, වැඩෙන කම්කරු අරගල යටපත් කිරීමට එම ක්‍රියා ප්‍රමානවත් නොවන බව, වෘත්තීය සමිති නායකත්වයේ හිඳිමින් ද්‍රෝහී ක්‍රියාවන් සිදුකල, දැන් ආන්ඩු. බලය ගෙන සිටින ජවිපෙ නායකයෝ දනිති. ඔවුන් පසුගිය කාලයේ කලේ, පොලිස් දඩයම හා මර්දන නීති ක්‍රියාත්මක කිරීමට පසුගිය ආන්ඩුවලට ඉඩ සාදාදීමයි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව වනාහි, යුඇන්පී, ශ්‍රීලංකා පොදුජන පෙරමුන, ශ්‍රීලනිප ආදී අනෙකුත් ධනපති පක්ෂ මහජන පිලිකුලට ලක්ව කුජීතව සිටින තත්වයක, අපි ම බලයගෙන ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල තිතට ක්‍රියාවට දමන්නෙමු යි ධනපති ව්‍යාපාරිකයන්ට පොරොන්දු වූ ආන්ඩුවකි.
ජයතිස්ස විසින් කම්කරුවන්ට අනතුරු ඇඟවීමේ ක්ෂනික සිද්ධීන් වූයේ අයවැය මගින් සෞඛ්‍ය සේවය ඇතුලු අනෙකුත් අංශවල කම්කරුවන්ගේ වැටුප් සහ අනෙකුත් දීමනා වලට එරෙහිව එල්ල කෙරී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පිලිවෙත්වලට එරෙහිව පැන නැගුනු අරගල වේ. මෙම කප්පාදු පිලිවෙත්වලට එරෙහිව සෞඛ්‍ය කම්කරුවන්ට අමතරව තැපැල් හා සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල අනධ්‍යන කම්කරුවෝ පසුගිය සතිවල උද්ඝෝෂනවල නිරත වූහ.
ගිය අවුරුද්දේ, ජනාධිපති හා මහ මැතිවරන වලට සුදානම් වෙමින් ජවිපෙ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නායකයා වූ දැන් කෘෂිකර්ම ඇමති, කේ ඩී ලාල්කාන්ත, ගිය අවුරුද්දේ ජූලි මාසයේ වර්ජන ඇතුලු සමිති ක්‍රියාමාර්ග නතරකරන ලෙස ප්‍රසිද්ධියේ වෘත්තීය සමිතිවලට අනකරමින් කියා සිටියේ, කම්කරු අරගල ජනතාව “පීඩනයට” පත්කරන බවයි; මේ අන නොතකා, කම්කරු සටන් ක්‍රියාමාර්ග ගන්නේ නම් ඒවා “ප්‍රතිගාමී ක්‍රියා” ලෙස සලකන බවයි. ජයතිස්ස ඊට එකඟත්වය පල කරමින්, තමන්ගේ ආන්ඩුවක් යටතේ වෘත්තීය සමිති කලමනාකාරිත්වය සමග එකට වැඩකරනු ඇතිබව ප්‍රකාශ කලේය.
ජාමූඅ මගින් අධීක්ෂනය කර සකස් කෙරුනු අයවැයක් දිසානායක විසින් අකුරටම ක්‍රියාත්මක කිරීම අරඹා ඇත. එවන් ආන්ඩුවක් සමඟ කෙරෙන ඊනියා “සාකච්ඡා“ වංචාවක් බව වෘත්තීය සමිති නායකයින් විසින් සිදු කෙරෙන සාකච්ඡාවල ප්‍රතිඵල වලින් මනාව පැහැදිලිවේ. මේ ගැන හොඳින් දන්නා සමිති නායකයින්ද මෙම ව්‍යාජ සාකච්ඡා සිදුකරන්නේ ආන්ඩුවට එරෙහිව කම්කරුවන් තුල වැඩෙන වෛරය වාෂ්ප කිරීම සඳහාය.
“රෝගීන් ඇපයට“ තබා නොගන්නා ලෙසත් “රෝගීන් දුෂ්කරතාවට“ පත් නොකරන ලෙසටත් ජයතිස්ස තර්ජනය කරන්නේ සෞඛ්‍ය සේවයේ පිරිහීමට හේතුව සෞඛ්‍ය සේවකයන් බව ඉස්මතු කරමින් ඔවුන්ට එරෙහිව අවශේෂ කම්කරුවන් හා දුගී ජනතාව පිහිටුවීමටයි. ජනතාව පීඩනයට පත්කර ඇත්තේ, සෞඛ්‍ය සේවය තවතවත් ප්‍රපාතයට ඇදහෙලමින් හා එහි කොටසක් ලෙස සේවක අයිතීන් කප්පාදු කරමින්, සීමිත සේවක සංඛ්‍යාවක් මත වැඩ බර පටවන ආන්ඩුවයි.
“ගොවි තැනේ කූඩිත්තෝ සහ අම්බරුවෝ” මැයෙන් ජාතික ගොවි සමුලුව (ජාගොස) නම් වූ සංවිධානය පෙබරවාරි 12දා හම්බන්තොට, අඟුනකොලපැලස්ස, උස්වැව ගම්මානයේ පැවැත්වීමට ගිය රැස්වීම ජවිපෙ/ජාජබ ආන්ඩුවට සම්බන්ධ මැර කන්ඩායමක් විසින් තර්ජනය කොට විසුරුවා හරින ලදී.
දෙසැම්බර් 2 වන දින කොලඹ බත්තරමුල්ලේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පාසල් සංවර්ධන නිලධාරීන් (පාසංනි) 1,000 ක් පමන සහභාගී වූ සාමකාමී විරෝධතාවයට පොලිස් පහර දීමක් සංවිධානය කෙරුනු අතර පොලිස් නිලධාරීන් තිදෙනෙකුට තුවාල කලේ යැයි පාසංනි නිලධාරීන් අට දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කරමින් දඩයමක් දියත් කරනු ලැබ ඇත. එසේ කර ඇත්තේ, හමුදා බුද්ධි අංශයේ යයි පොලිසිය විසින්. හඳුනා ගැනුනු පුද්ගලයෙක් එම කැපුම් සිදුකල බවට සැකකල හැකි තත්ත්වයකය.
එක් අතකින් ජවිපෙට අයත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය (එන්ටීයූසී), යටතේ මෙහෙයවන තම වෘත්තීය සමිති මුලුමනින්ම ආන්ඩුවේ අන්ඩක් බවට පත් කරගෙන කම්කරුවන්ට එරෙහිව කාර්මික පොලිසියක් ලෙස උසිගන්වයි. අනෙක් වෘත්තීය සමිති නායකත්වයන් ද ඒ සමග පෙල ගැසෙමින් සිටිති. අනෙක් පසෙන්, ආන්ඩුව රාජ්‍ය මර්දන යාන්ත්‍රනයන් වන අධිකරනය, හමුදා සහ පොලිසිය යොදා ගැනීම පෙරට ගනිමින් සිටියි.
සෑම වැඩබිමකම, වෘත්තීය සමිති නිලධරයන්ගෙන් හා ධනපති පක්ෂවලින් ස්වාධීනව, කම්කරුවන් තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගාගෙන තම අයිතීන් සඳහා අරගලය වර්ධනය කිරීමට සංවිධානය වන ලෙස අප ඉල්ලා සිටින්නේ ඒ නිසාය. ජනතාව පැත්තේ සිටින බවට පච කියමින් තමන් තලාපෙලන ආන්ඩුවට එරෙහිව අරගල කිරීමට දුගී ජනයා තමන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් කම්කරුවන් සමග එස්සත් වීම අවශ්‍යවේ.