ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ජාතික ජන බලවේගය (ජාජබ) ආන්ඩුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන් මත සකස්කොට සම්මත කරගත්, 2025 අයවැයෙන් එල්ල කෙරී ඇති ප්‍රහාර වලට එරෙහි ව වැඩෙමින් පවත්නා කම්කරු පංතික අරගල කෙරෙහි ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජවිපෙ නායකයන් දක්වන විරුද්ධත්වය තුලින්, උපතේ පටන් ජවිපෙට ආවේනික කම්කරු-විරෝධය නග්න ව ප්‍රකාශයට පත්වෙයි.
ජවිපෙ නායකයෙකු වන සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස, මාර්තු 18 දා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ, සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් සැලකිය යුතු ප්‍රමානයකින් වැඩිකර තිබිය දී, එම ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නායකයන් විසින් කැඳවා ඇති වැඩවර්ජන “දේශපාලන උවමනාකම් වලින් මෙහෙය වී” ඇති බවයි. අවශේෂ මහජනතාව සෞඛ්‍ය කම්කරුවන්ට එරෙහි ව ප්‍රකෝප කිරීමේ අරමුනෙන්, “ඔවුන් රෝගීන් ප්‍රාන ඇපයට” ගෙන ඇතැයි ඔහු දොස් පැවරුවේ ය.
සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් “සැලකිය යුතු ප්‍රමානයකින්” වැඩි කර ඇති බවට ජයතිස්ස ඇතුලු ආන්ඩුවේ නායකයන් කරන ප්‍රකාශයන් ව්‍යාජ ය; අවම වැටුප් ලබන රාජ්‍ය සේවකයෙකුගේ මාසික මුලික වැටුපේ ශුද්ධ වැඩිවීම රුපියල් 8250 ක සොච්චමකි. එයද වසර තුනක් පුරා ඇදී යන, වාර තුනකින් කරන වැඩි කිරීමකි. මෙම වැඩිවීම අහස උසට නැග ඇති ජීවන වියදමට අලගු තැබීමටවත් නොසෑහේ. සෞඛ්‍ය කම්කරුවන් අරගලයට පිවිසියේ, මෙම සොච්චම් වැටුප් වැඩි කිරීමත් සමග අයවැයෙන් කප්පාදු කෙරුනු තම දීමනා යලි ලබා දෙන ලෙස ඉල්ලමිනි.
මාර්තු 19 දා ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමක දී, මෙම යුක්ති යුක්ත ඉල්ලීම හෙලා දකිමින් ජනාධිපති දිසානායක කියා සිටියේ, “ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩි ම වැටුප් වැඩිකිරීම සිදු කර තිබිය දී” සෞඛ්‍ය සේවකයන්ගේ වැඩවර්ජන “අනුමත කල නොහැකි” බවයි.
දිසානායකගේ සහ ජයතිස්සගේ ඉහත ප්‍රකාශයන්හි, වැඩෙන කම්කරු පංතික අරගල රුදුරු ලෙස තලා දැමීමේ ඇඟවුම් පවතී. ජවිපෙ/ජාජබ ආන්ඩුව දැනටමත් ඒ සඳහා ආරම්භය ගෙන ඇත.
වැඩවර්ජනයට සම්බන්ධ නොවී සිටින සෞඛ්‍ය සේවකයන්ට “බලපෑම් කරන” අයට එරෙහි ව පියවර ගන්නා ලෙස සියලුම රෝහල් සහ අනෙකුත් ආයතන බලධාරීන්ට තමා නියෝග කොට ඇති බව ඉහත කතාවේ දි ජයතිස්ස කියා සිටියේ ය. තම අරගලය වර්ධනය කිරීම සඳහා අනෙකුත් කම්කරුවන් අතර උද්ඝෝෂනය කරන සටන්කාමී කම්කරුවන් දඬුගැසීම සහ කම්කරුවන් බියවද්දා නිහඬ කිරීම එහි එල්ලය යි.
ආන්ඩුවේ මෙම නියෝග වලට සමාන්තර ව, ජවිපෙ තම වෘත්තීය සමිති නිලධරය කම්කරු පංතියට එරෙහි මුගුරක් බවට විවෘත ව ම සංවිධානය කරමින් සිටී. තම සමිති “ආන්ඩු කරන වෘත්තීය සමිති ව්‍යාපාරයක්” බවට “මුලුමනින්ම පෙරලිය යුතු” බව කෘෂිකර්ම ඇමති හා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභපති කේ. ඩී. ලාල් කාන්ත ප්‍රකාශ කලේ එම ඉලක්කය ඇතිවයි.
ජවිපෙ කම්කරු විරෝධයේ මූලයෝ
ජවිපෙ හි කම්කරු විරෝධය එහි සම්භවයෙන්ම උරුම වූවකි. 1960 ගනන්වල අවසාන භාගයේ ජවිපෙ ආරම්භ වූයේ, මාඕවාදයේ, කැස්ත්‍රෝවාදයේ සහ සිංහල ස්වෝත්තමවාදයේ මිශ්‍රනයක් මත පාදක වූ සුලු ධනේශ්වර රැඩිකල් සංවිධානයක් ලෙසිනි. මාක්ස්වාදයේ ප්‍රමූල ධර්මයක් වන, ධනපති ක්‍රමය පෙරලා දැමීමේ ලා ඓතිහාසික ව නිර්නය වූ විප්ලවවාදී සමාජ බලවේගය කම්කරු පංතිය වෙතැයි යන්න ප්‍රතික්ෂේප කල ජවිපෙ පාදක වූයේ, ගම්බද ගොවි ජනතාව මත ය.
ජවිපෙ එලෙස සංවිධානය කර ගැනීමට ඉඩ ලැබුනේ, 1964 දී ට්‍රොට්ස්කිවාදී යයි කියාගත් ලංකා සම සමාජ පක්ෂය (ලසසප) අගමැති සිරිමා බන්ඩාරනායකගේ ශ්‍රීලනිප ධනපති ආන්ඩුවට ඇතුල්වීමෙන් සිදු කල මහා පාවාදීම නිසා ය. ලසසපය, ජාත්‍යන්තර සමාජවාදී මුලධර්මය ද තමන් පදනම් ව සිටි කම්කරු පන්තිය ද පාවාදීම නිසා ගම්බද ජනතාව හා දෙමල සුලු ජාතිය තුල තමන් පෙලන ධනපති පන්ති පාලනයට එරෙහිව නායකත්වයක් ලැබේ යැයි යම් විශ්වාසයක් පැවතියේ නම්, එය ද අහෝසි වී ගියේ ය. ලසසපය, ශ්‍රීලනිපයේ සිංහල වර්ගවාදයට වඩ වඩාත් අනුගත විය. ජවිපෙට සමාන්තර ව වැඩිකල් නොයා උතුරේ දෙමල ජනතාව අතර සුලු ධනපති පන්තිය මත පාදක වූ එල්ටීටීඊය ඇතුලු සන්නද්ධ කන්ඩායම් බිහිවීමට ද පදනම දැමුනේ ලසසප පාවාදීමෙනි.
ජවිපෙ කම්කරු පංතිය සහ කම්කරු අරගල දැක ගත්තේ තම සුලුධනේශ්වර අවශ්‍යතාවන්ට එරෙහි බාධකයක් ලෙසිනි. කම්කරු පන්තියේ “ආර්ථික අරගලයන්”, “කැඳ කෝප්ප සටන්” ලෙස ගර්හාවට ලක්කල ජවිපෙ, වැඩවර්ජන ධනේශ්වරයේ උපක්‍රමයක් යැයි ද, කම්කරු පන්තිය හා ධනපති පන්තිය අතර “දේශප්‍රේමිත්වයේ” පදනම මතින් ඇති විය යුතු එකමුතුව එය විසින් විනාශ කර දමන බවද කියා සිටියේය.
සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්වගාමී සංවිධානය වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ප්‍රධාන ලේකම්ව සිටි කීර්ති බාලසූරිය විසින් “ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය” යන මැයෙන්, විකොස මධ්‍යම පුවත්පතවූ “කම්කරු පුවත්” වෙත 1970 දී ලියන ලද ලිපි මාලාවක් මගින්, ජවිපෙ හි මෙම කම්කරු විරෝධය සහ එම විරෝධයේ පංති පදනම සවිස්තරාත්මක ව පැහැදිලි කෙරුනි.
ඒ අතරින්, “ජනතා විමුක්ති පෙරමුන හා වතු කම්කරුවෝ” යන ලිපිය තුල, ජවිපෙ හි උග්‍ර වතු කම්කරු විරෝධය සම්බන්ධයෙන් මෙසේ සඳහන් කෙරුනි:
'ජනතා විමුක්ති පෙරමුනේ වතු කම්කරු විරෝධය, අද නිකම් ම සිංහල ජාතිවාදය ලෙස හැඳින්වීම වැරදි ය. මන්ද? බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් හා ලාංකික ධනේශ්වරය තම පන්ති උවමනාකම් මත සිට වතු කම්කරුවන් වැනසීමට යත්න දරන කාලයක, ඉස්මතු වන සුලු ධනේශ්වර වතු කම්කරු විරෝධය ඒකාධිකාරී ධනවාදයේ නග්න උපකරනයක් බවට කෙලින් ම පරිවර්තනය වන බැවිනි. මේ ජාතිවාදය ෆැසිස්ට්වාදයට තුඩු දෙන එකක් වන අතර, ජනතා විමුක්ති පෙරමුන ලංකාව තුල බිහි කරන්නේ අනාගත ෆැසිස්ට් ව්‍යාපාරයකට හොඳින් උපයෝගි කර ගත හැකි කම්කරු විරෝධී බලවේගයකි.”
ලංකාවේ කම්කරු පන්තියේ වැදගත්ම කොටසක්වූ, ඉන්දියානු සම්භවයක් සහිත වතු කම්කරුවන්, එරට “පස්වන කොලමක්” ලෙස, එනම් “ඉන්දියානු ව්‍යප්තවාදයේ” ඒජන්තයන් ලෙස, පහරදුන් ජවිපෙ විවිධ වැඩපොලවල තම කන්ඩායම් තනන්ට පටන් ගත්තේය. එහි අරමුන වූයේ කම්කරුවන් තම සුලු ධනපති ව්‍යාපාරයට ගැට ගසා ගෙන ධනපති ක්‍රමය තුල සිර කිරීමයි.
ජවිපෙ කම්කරු පන්තියේ කාර්ය භාරය හැඳුන්වූයේ මෙසේය: “රටේ බහුජනතාවගෙන් ඈත්වූ නිස්සාර වැඩ වර්ජන සඳහා නොව ජනතාවගේ නාමයෙන්, ඔව්, මව්බිමේ නාමයෙන්, විමුක්තියේ නාමයෙන් ඔවුන් [කම්කරු පන්තිය] වහාම පෙරමුන ගතයුතුය.” ( ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය කෘතියේ උපුටා දක්වා ඇති “ජනතා විමුක්ති” පුවත්පතේ ලිපියේ කොටසකි).
මෙය වනාහි, කම්කරු පන්තිය, ජාත්‍යන්තරවාදයට එරෙහිව “මව්බිම” රැකීමේ “දේශප්‍රේමයක්” තුල ගිල්වීමේ පරාගතවාදී දේශපාලනයයි. අප මෙම ලිපියේ ම පහතින් පැහැදිලි කරන, 1988-1990 ඉන්දියානු විරෝධයේ නමින් ගෙනගිය ෆැසිස්ට් කැරලි තුල ජවිපෙ හඬ තැලුවේ මේ ප්‍රතිගාමී සටන් පාඨයි.
1971 සන්නද්ධ නැගිටීම මධ්‍යයේ සිරගත කෙරුනු ජවිපෙ නායකත්වය, 1977 දී සිරෙන් නිදහස් වීමෙන් පසු නැවතත් වෘත්තීය සමිති ගොඩ නගමින් කම්කරු පංතිය තුල මැදිහත්වීම ආරම්භ කලේ, එහි පංති ආස්ථානයේ ඇති වූ වෙනසක් නිසා නොව, තම සුලු ධනේශ්වර පංති අවශ්‍යතාවන්ට කම්කරු පංතිය නතු කර ගැනීමේ ප්‍රතිගාමී අරමුනෙනි.
ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන ගේ ආන්ඩුව කම්කරු-පීඩිත මහජනතාවට එල්ල කරමින් සිටි දැවැන්ත ප්‍රහාර මාලාවට එරෙහි ව පැන නැගුනු 1980 ජූලි මහ වැඩවර්ජනයට විරුද්ධ ව විවෘත ව ම හොරිකඩකම් කල ජවිපෙ, තම වෘත්තීය සමිති, වර්ජනයට සහභාගි නොකිරීමට තීන්දු කලේ ය. එය සතු ව පැවති විශාලත ම වෘත්තීය සමිතිය වන ලංකා ගුරු සංගමයේ (ලංගුස) සමාජිකත්වය තුල ජවිපෙ ආස්ථානයට එරෙහි ව වැඩුනු බලගතු විරෝධය හමුවේ, එවක ලංගුස නායකත්වයේ සිටි එච්.එන්.ප්‍රනාන්දු ඇතුලු නිලධරය ජවිපෙන් බිඳී වෙන්වූහ. මෙම හොරිකඩකම හේතුවෙන් ජවිපෙ කම්කරු පංතිය තුල ඉමහත් වෛරයට පාත්‍ර විය.
රාජ්‍ය සේවයේ කම්කරුවන් ලක්ෂයක් දොට්ට දමමින් වැඩවර්ජනය මඩිනු ලැබූ ජයවර්ධන, ශ්‍රී ලංකාවේ පාලක පංතිය තම පංතිි පාලනය ගෙනයාම සඳහා උපතේ සිට භාවිතා කල දෙමල-විරෝධී වර්ගභේදවාදය කුලුගන්වමින්, 1983 දී දෙමල විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි යුද්ධය ආරම්භ කලේ ය. කම්කරු පංතිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීමටත්, සමස්ත කම්කරු පංතියට එරෙහි රාජ්‍ය මර්දන යන්ත්‍රය ශක්තිමත් කර ගැනීමටත් ගෙන ගිය මෙම යුද්ධයේ දී ජවිපෙ එහි මූලික කසකරුවෙකු විය.
විකොස ප්‍රධාන ලේකම් බාලසූරිය පෙරදුටු දෑ සනාථ කරමින්, 1980 දශකය අග භාගය වනවිට ජවිපෙ කම්කරු පංතියට එරෙහි ෆැසිස්ට් පන්නයේ ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක විය. 1988-90 කාල පරිච්ඡේදයේදී, ජවිපෙ ගෙනගිය ඉන්දියානු-විරෝධී උද්ඝෝෂනය තුල “මව්බිම” රැක ගැනීමේ නාමයෙන් ඔවුන් බලහත්කාරයෙන් කැඳ වූ ඊනියා වැඩවර්ජන වලට එරෙහි වූ සහ ඒවාට සහභාගි නොවූ කම්කරුවන් සහ සමිති නායකයන් සිය ගනනක් වෙඩිතබා මරා දැමීමට ජවිපෙ නායකයෝ තම සාමාජිකත්වය මෙහෙය වූහ.
ජවිපෙ, ධනපති සංස්ථාපිතයේ පක්ෂයක් බවට
ජනාධිපති ජයවර්ධනගේ සහ අනුප්‍රාප්තික ජනාධිපති ආර්.ප්‍රේමදාසගේ එක්සත් ජාතික පක්ෂ ආන්ඩු, ජවිපෙ ඉන්දියානු-විරෝධී උද්ඝෝෂනය ලේවැකි අයුරින් මඩිනු ලැබුවේ ජවිපෙ නායක රෝහන විජේවීර ඇතුලු සමස්ත නායකත්වයම පාහේ මරා දමමිනි.
යටිබිම්ගතව සිටි අවශේෂ ජවිපෙ නායකත්වය පක්ෂය සංවිධානය කරමින්, 1994 දී යලි දේශපාලන කරලියට පැමිනෙන විට, ජාත්‍යන්තරව සිදුවෙමින් පැවති ප්‍රගාඪ වෙනස්කම් වලට අනුරූපව තෙමේම පරිවර්තනය වෙමින් සිටියේ ය. ලෝක ආර්ථිකයේ භූගෝලියකරනයත් සමග සියලු සුලුධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාර අර්බුදයට ගිය අතර, නිකරගුවාවේ සැන්ඩිනිස්ටා, නේපාලයේ මාඕවාදී ගරිල්ලා ව්‍යාපාරය හා ඉන්දියාවේ ඇතැම් මාඕවාදී කන්ඩායම් මෙන්ම, ජවිපෙ ද තම රැඩිකල් වාගාලාප ඉවත දමා, ගරිල්ලා ඇඳුම් වලින් පාර්ලිමේන්තු ඇඳුම් වලට මාරු විය.
ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ පක්ෂයක් බවට වේගයෙන් පරිනාමය වූ ජවිපෙ 2004 දී, ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ සභාග ආන්ඩුවට එක් වෙමින්, කම්කරු පංතියට එරෙහි ප්‍රහාරයන්ට දායක විය.
ජවිපෙ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ඝෘජු නියෝජිතයෙකු බවට
2022 මහජන නැගිටීම හමුවේ, ධනපති රාජ්‍යය රැක ගැනීමේ ලා ජවිපෙ ඉටු කල භූමිකාව, ධනපති පාලක පංතියේ කොටස් අතර, විශේෂයෙන්ම ජාතික සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ විශ්වාසය දිනා ගැනීමට සමත් විය. “රට (ධනපති රාජ්‍යය) අරාජක තත්වයෙන්” මුදවා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ධනපති නියෝජිතයන් සියලුදෙනා කැපවියයුතු බවට, 2022 අප්‍රේල් 07 දා, ජවිපෙ නායක දිසානායක පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහු පාර්ලිමේන්තු කියෝජිතයන්ගෙන් සමන්විත “අන්තර්වාර ආන්ඩුවක්” යෝජනා කලේය.
වෘත්තීය සමිති නායකයන් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම සංවිධාන මහජන නැගිටීම පාවාදෙනු ලැබුවේ, මෙම “අන්තර්වාර ආන්ඩු” යෝජනාව යටතට එම නැගිටීම හරවා යවමිනි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිත්වයට පැමිනියේ ද, රුදුරු කප්පාදු විධානයන් සහිත ජාමූඅ නය ගිවිසුමට වික්‍රමසිංහ එලැඹුනේ ද එහි ප්‍රතිඵලයක් ලෙසිනි.
ජවිපෙ/ජාජබ හා දිසානායක දැන්, ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ විධානයන් රටවල් මත පටවන ජාමුඅහි ඒජන්තයන් ය. එය කම්කරුවන්ට දුගීන්ට අමුතුවෙන් හඳුන්වා දීම අවශ්‍ය නැතිතරම් ය. ජාමූඅ වැඩපිලිවෙල ආන්ඩුව සලකන්නේ “මියෙම්වා! රැකෙම්වා!” ප්‍රානසම වැඩපිලිවෙලක් ලෙසය. පෙබරවාරි 7 දා, අපනයනකරුවන්ට ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවයේ දී ජනාධිපති දිසානායක මෙසේ කීවේය: “ශ්‍රී ලංකාවට [ආර්ථික ප්‍රකෘතිමත්වීම සඳහා] පවතින එකම සුදුසු මාවත වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පිටුබලය දෙන මාවතයි. මේ පදනම මත එක්කෝ අපි බිඳ වැටිය හැක, නැතහොත්, මේ පදනම මත නැගී සිට අපේ ආර්ථිකය ස්ථිර පදනමක පිහිටුවා ගත හැකිය.”
සම්ප්‍රදායික ධනපති පක්ෂවලට එරෙහි ව වැඩී තිබුනු මහජන වෛරය ගසා කමින් සහ ධනපති පාලක පංතියේ සැලකිය යුතු කොටසක සහයෝගයෙන් බලයට පැමිනි දිසානායක සහ ඔහුගේ ආන්ඩුව, ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට මුලුමනින්ම කැප වෙමින් එය අකුරට ම ක්‍රියාත්මක කරමින් සිටී.
වර්තමානයේ ජවිපෙ හි කම්කරු විරෝධය, ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ඝෘජු නියෝජිතයෙකු ලෙස එය විසින් සතුරා ලෙස සලකනු ලබන කම්කරු පන්තියට එරෙහි ව නගන විරෝධයකි. මෙම තතු තුල, ජාමූඅ හි කප්පාදු වැඩපිලිවෙලට එරෙහි ව වැඩෙන පංති අරගල තලා දමනු වස්, “ජාතික පුනර්ජීවනයේ” නාමයෙන්, ජවිපෙ හි කම්කරු-විරෝධී ෆැසිස්ට් ප්‍රහාරයන් යලි පනගැන්වීමේ බලගතු අන්තරායට කම්කරුවෝ මුහුන දී සිටිති.
කම්කරුවන්, තමාගේ බල සංස්ථාවන් ලෙස, සියලුම ධනපති පක්ෂ සහ වෘත්තීය සමිති නිලධාරීන්ගෙන් ස්වාධීනවූ කම්කරු ක්‍රියාකාරී කම්ටු ජාලයක් ගොඩනගා ගනිමින් සහ කම්කරු ක්‍රියාකාරී කම්ටුවල ජාත්‍යන්තර සන්ධානය සමග එම කම්ටු ඒකාග්‍ර කරමින් මෙම ප්‍රහාර පරාජය කිරීම සඳහා සූදානම් විය යුතුය.
වැඩිදුර කියවන්න
- කම්කරු අරගල මැඩීම සඳහා පැකිලෙන්නේ නැති බවට සෞඛ්‍ය ඇමතිගෙන් තර්ජනාත්මක ප්‍රකාශයක්
- ජවිපෙ/ජාජබ ආන්ඩුව රැකියා දහස් ගනනක් අහෝසි කරමින් රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය කිරීම කඩිනම් කරයි
- “හටගතහැකි කම්කරු නොසන්සුන්තාව” පිලිබඳ අනතුරු අගවමින්, අයිඑම්එෆ් මහජනයාගෙන් කැපකිරීම් ඉල්ලා සිටී
- ආන්ඩුවෙහි තර්ජන මධ්‍යයේ සෞඛ්‍ය කම්කරුවෝ අයවැය කප්පාදුවලට විරෝධය පලකරති